(ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ)
වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි සේවකයන් 9 දෙනා ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් අරඹා තිබේ.
ඔවුන් මුදා හැරුණේ වැල්ලම්පිටිය පොලීසිය මගින් අධිකරණයට කරුණු දැක්වීමේදී සිදුවු යම් දෝෂයකින්ද නැතිනම් නිසි ආකාරව කරුණු නොදැක්වීමක්ද යන්න සම්බන්ධයෙන් මෙලෙස පරීක්ෂණ අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මෙම සැකකරුවන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් සමාජයේ කතිකාවක් පවතින බවත් මෙම පරීක්ෂණය ආරම්භ කිරීමට එය හේතුවක් වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පාස්කු දින කොළඹ සිනමන්ග‍්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කළ ත‍්‍රස්වාදියකු වන මොහොමඞ් ඊබ‍්‍රාහිම් ඉම්ෂාෆ් අහමඞ් නැමැත්තාට අයත් බව කියන මෙම තඹ කර්මාන්ත ශාලාවේ සේවය කළ 9 දෙනකු ප්‍රහාරයෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 9 දෙනා එදිනම කොළඹ අලූත්කඩේ අංක 2 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මැයි මස 6 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයට පත්කර කර තිබුණි.
නඩුව නැවත කැඳවු අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා විසින් එම සැකකාර සේවකයන් 09 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.
මෙම ඇප ලබා දී වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරියකුගේ දෝෂයක් හෝ නොසලකා හැරීමක් හේතුවෙන් මෙය සිදුව ඇති බවට පරීක්ෂණයේ දී තොරතුරු හෙළි වුවහොත් එම නිලධාරියා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයා මෙහිදී සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි බුද්ධි අංශ නිලධාරින් ටික නම් නියෙමට හිර කෙරුවා. ඇයි මේ වැඩ CID එකට දෙන්නේ නැත්තේ?
මෙව්වා හිනහා යන කථා.. මුලින් ප්‍රහාර මාලාවට හේතුවත් නොසැලකිල්ල කිව්වා. එ්ත් අැත්ත නම් ගහනකම් බලන් හිටියා. වැඩේ වැරදුණාට පස්සෙ තමයි හීන් දාඩිය දාලා දඟලන්න ගත්තේ. මේකත් එහෙම තමයි. කවුරු හරි ලොක්කෝ මේකෙත් ඉන්නවා. නැත්නම් අධිකරණයෙත් ඉන්න බව කිව්වේ අපි නෙමෙයි සාලි.. දැන් අපිට බබා පාට් දානවා.. බය නැති අගමැති.. සම්බන්ධයිද?
සහරාන්ගේ සගයා නිදහස් කරන්න අල්ලස් දුන් සැකකරු රිමාන්ඩ්... මේවගේ එකක් කියලා තමයි මට හිතෙන්නේ. පොලීසිය පමණක් නොව මට නම් කාවවත් විශ්වාස නැත..
ඇත්තටම.. මේ ඇප දීම පුදුම වියයුතු කාරණයක්.." මේ සියලු බෝම්බ හදපු කර්මාන්ත ශාලාවේ... බෝම්බ හදන්න අත්උදව් කරපු මේ පුද්ගලයින්ට.. මේ තරම් ඉක්මනට ඇප, නිදහස ලැබුනේ කොහොමද කියන එක ?" " එ්ත් අපි මුහුණ දීලා සිටින්නේ.. අද හෝ තව අවුරුද්දකින් නැත්තම් අවුරුදු 10 කින්වත් විසඳුමක් සොයාගැනීමට නොහැකි බැරෑරුම් ප්‍රශ්නයකට බව... තාමත් වගකිව යුත්තන් තේරුම් අරගෙන නැතුව ඇති..!!!
මරුටිකාර්..... මරික්කාර්
මොනරු නිසා නැතිනම් නියෝග නිසා වෙන්නත් පුළුවන් නේද?
මම දන්නේ නැති නිසා අහන්නේ, නඩුකාරතුමා, මේ රටේ මනුස්සෙක් නෙවේද? මේ ඔක්කොම විදේශිකයන් කිව්වා ඔවුන්ගේ වර්ක් පර්මිට් කෝ? අතිගරු නඩුකාර උතුමා සහ පොලීසිය ඒවා බලලා නැතිදෝ.... අනේ සමා කරන්න
එතකොට අර මීගමුවේ උප නගරාධිපති නිදහස් කරපු එකත් හොයන්න ඕනෑ.
අපි දන්නේ නැහැ. අපිට කීවේ නැහැ. අපිට කීවේ මේ මස්කට් හදනවා කියලා. අපි මස්කට් හදලා ඒවා කාලතුවක්කු උණ්ඩ, කොපු දිලිසෙන්නම හදලා ඒවාට පුරවලා දුන්නා. රටකජුත් දැම්මා, ජිල් බෝල වගයකුත් දැම්මා... ඕකයි තත්වේ.
මේ විහිලු වැඩ නිසා මේ රටේ ඉන්නත් බයවෙනවා අන්තිමට අපරාධකාරයෝ එළියේ... 21වෙනිදා ජීවිත අහිමිවූවන්ගේ නාමයෙන්වත් මේ අපරාධවලට සම්බන්ධ මෙන්ම උදව් දුන් හැමදෙනාටම උපරිම දඬුවම් දෙන්න තවත් මිනිස් ඝාතන රැසක් කරන්න කලින් මෙහෙම වුනොත් අපරාධ කරන්න මොවුන් බයවෙන්නේ නැහැ.
යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න... කුමට මෙරට අධිකරණය නිතිය හා විනිසුරුවන්.../// අපගේ සිත් සැනසීමට... නන්දා මලානි ශුරිනි, ඔබ හට වැඩිවැඩියෙන් මෙවන් ගීත ගායනයට දිරිය ලැබේවා...!!!
මේ තුමියගේ මේ වටිනා ගීත වලට වැඩි පුර අත් පොළසන් දුන්ත අය තමයි ඉතින්
සහරාන් මැරෙන්නැතුව බේරුනා නම් ඔහුත් මේ සෙට් එක නිදහස් කරනවා. බලන්නකෝ හෙට අනිද්දට මදුෂ් නිදහස් කරනවා.
බන්ධනාගාර ගතවීමට ත්‍රස්ත ක්‍රියා කිරීමෙන් ඔබට යා නොහැකිය. ඇප ලබා දී, නැවත ගෙදරටම හරවා යැවෙනු ඇත.
ඒ කියන්නෙ දඩමස් ගොරකා කලා කියලද
පසුගියදා සරත් ෆොන්සේකා මහතාගේ සම්මුක සාකච්චා වකදී එතුමා පැවසුවා . වැඩේ හරියට දන්නේ නැතිනම් පුහුණුවක් ලබාදෙන්න කියල. කෝ මගේ මව්බිමේ උගතුන් ටික රට හැරලා ගිහින්. උසාවියට ගිනිතැබූ අයත් එලියෙනේ.
පාලනේ අනුමැතියෙන් ගෙනෙන කුඩු. පල්ලි වලින් , ලින් පතුලින් ඇදෙන කඩු. මේවට බැඳුන ලොක්කන් හට නොමැත නඩු. අපේ රට කුඩේ කුඩු.
මේක පුදුම ආණ්ඩුවක්නේ මොකවත් දන්නේ නැති අය මුදල් උඩ පිනුම් ගහනවා හමුදාව විතරක් රාජකාරිය නියමෙට කරනවා
වරද පොලිස් නිලධාරියෙක්ගේ නම් උපරිම දඩුවම්! ඒත් වරද තීන්ඩුව දීපු පාර්ශවයේ නම්.... වරදක් නැතුව උනත් උසාවි දැම්මාම කරුණු දක්වලා එලියට එන්න සෑහෙන්න කාලයක් යනවා සාමාන්‍ය මනුස්සයෙක්ට. හැබැයි බොම්බ පිපිරවීමට සම්බන්ධ සැකකාරයන්ට සති දෙකයි. මුලින්ම අපගේ නීති පද්ධතිය ශක්තිමත් විය යුතුයි .වැරදි කරුවන් දඩුවම් ලැබිය යුතුයි
මේවා මාධ්‍යයෙන් එලියට ආපු නිසා දැන් බොරු කතා. අපිට හොරෙන් කී දෙනෙක් නිදහස් වෙනවා ඇත්ද? මෙහෙම වැඩ කර කර මිනිස්සුන්ට කියනවා ආරක්ෂාව තහවුරු වෙලා තියෙන්නේ බය නැතුව එලියට එන්න කියල. රජය හෝ පොලිසිය පිළිබද විශ්‍වාස කරන්න බැහැ
වෙන රටක නම් නීතිඥයෝ මොන තර්ක ගෙනාවත් රටේ ආරක්ෂාව අගාදයට දමලා මේ වගේ මෝඩ තීරණ ගන්නේ නැහැ. දැන් මේ අය එක එක තැන් වලට පැනලා හැංගිලා ඉඳලා තව අවුරුදු 10කින් කියාවි ඇප ලබා නිදහස්වෙලත් තියෙනවා කියලා ඊළඟ මරාගෙන මැරෙන බෝම්බ සිද්ධියක් වුනාහම. ඇයි අපිට මේවගේ දේවල් වෙන්නේ කියල මට තේරෙන්නේ නැහැ.
හරිම හිනා. පොලිසීය දන්නේ නැහැ මොන පනත යටතේද මේ අයව අත් අඩංගුවට ගත්තේ කියලා, එත් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාව අත්අඩංගුවට ගත්තේ ත්‍රස්ත පනත යටතේ ඒත් සාක්කි නැතුව. එතකොට ත්‍රස්තවාදීයෝ එළියේ වැරදි නොකරපු අය ඇතුලේ. මරු නීතිය.
කුරිරු බෝම්බකරුවන් මෙහෙයවන්නන් රටේ නීතිය හදන තැන තවමත් නිදහසේ ඔවුන්ගේ කටයුතු රිසි ලෙස කරගන යන බව පෙනේ. මේ දේසපාලනය අපේ මුළු රටම අගාදයට ඇද දමා ඇත. ජාතීන් අනුව දේසපාලන පක්ෂ බිහි වීම මෙයට ප්‍රධානම කාරණය වී ඇත. අවාසනාවට සිංහල ජාතිය නියෝජනය කිරීමට පක්ෂයක් නොමැති වීම විශාල අඩුපාඩුවකි. එම නිසා සිංහල ජාතික දේසපාලන පක්ෂයක් බිහි විය යුතු. මුස්ලිම් ජාතිය නියෝජනය කිරීමට ද්‍රවිඩ එක්සත් පෙරමුණ තිබේනම්, මුස්ලිම් ජාතිය නියෝජනය කිරීමට මුස්ලිම් කොන්ග්‍රස් එක තිබේනම් සිංහල ජාතිය නියෝජනය කිරීමට සිංහල ජාතික පක්ෂයක් අවශ්‍යමය.
ත්‍රස්තවාදයට සම්බන්ද මේ පුද්ගලයන් නිදහස් කිරීම මගින් රටේ ආරක්ෂාව තව දුරටත් පිරිහේ. රටේ මහජනතාවගේ ආරක්ෂාව පිළිබද නැවත සැකයක් ඇතිවේ. මෙය ත්‍රස්තවාදයට වක්‍රව උදව් කිරීමක්. නීතිය රකින නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා ජීවිත රාශියක් අපට නැති වූ අතර රටේ ආරක්ෂාව සම්බන්දයෙන් විශාල ප්‍රස්නාර්ථයක් ඇති විය. එවන් අවස්ථාවක නැවත වරක් නොසැලකිලිමත් ලෙස රාජකාරි කිරීම මගින් පිලිඹිබු වන්නේ පොලිස් නිලධාරීන් රටේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩ නොකරන බව නොවේද?
මේ විදියටමනේ අර බුදු පිළිම කඩපු වෙලාවේ පුත්තලමේ අර කොහෙද තැනකින් පුපුරන ද්‍රව්‍ය කිලෝ එකසිය ගානක් හොයා ගත්තට පස්සේ ප්‍රධාන සැක කරුවෝ දෙන්නෙක් කිසිම කරදරයක් නැතිව උසාවියේදී නිදහස් වෙලා ගියේ. ඉතින් කාට මේවා කියන්නද? කවුද හොයන්නේ අහන්නේ. මිනිස්සුන්ට වෙන්නේ බෝම්බ වලට ගොදුරු වෙන්නයි.
අනේ හපෝ මාධ්‍ය ප්‍රකාශක තුමෝ , ඕක සිද්ද උනේ පොලෝසියේ වරදක් නිසා නොවේ , අපේ වරදකින් නේ ආයුබෝවන්
මෙම සිද්දියෙන් පසුව පොලිසියට දිගින් දිගටම අල්ලස් ගැනීමේ චෝදනා එන බව දන්නවද. පුගලයන් මුදාහැරීමට අපරාද කරුවන් මුදා හැරීමට පොලිසිය මුදල් ගන්න බව ජනතාව අතර තිබෙන මතයක්.
පොඩි වරදක් කරපු මිනිස්සුන් ඇප නොදී මාස ගණන් තිය ගන්න්වා. මිනිස්සු සිය ගානක් මරපු බොම්බ හදපු මිනිස්සු පට පට ගාලා නිදහස් වෙනවා. මුලු සමාජයක්ම අනතුරේ දානවා. විනිසරුවරුන්ට මොනවා නැතත් සමාජ විඥානය තියෙනවනම් මෙහෙම වෙන්න පුලුවන්ද වරද කොතනද.
කතා කරලා වැඩක් නැහැ....ලියන්න වචනත් නැහැ........
නීතිඥයෝ මොන තර්ක ගෙනාවත් රටේ ආරක්ෂාව අගාදයට දමලා මේ වගේ මෝඩ තීරණ ගන්නේ නැහැ. අඩු ගානේ පොලිසිය මේඅය ගැන සෙවිල්ලේ ඉන්නවා කියල හිතනවා ....
නීතියට ගරු කරන රටක් ඕනේ කියන්නේ ඒකයි
සෝමා අක්කා අල්ලපු වත්තෙන් අඹ ගෙඩියක් කඩපු එකට මාස 6ක් හිරේ යවපු නීතියට මේක එච්චර අපරාදයක් වගේ පෙනෙන්න නැතිව ඇති.
බෝම්බ කාරයාට අයත් කර්මාන්ත ශාලාවේ රැකියාවක් කරන එක වරදක්ද? ඒ විතරක් නොවේ පිටරටකින් පැමිණි කෙනෙක් අත්අඩංගුවට ගත් අවස්ථාවක එම රටේ නියෝජිතයාට දැනුම් දෙන්න ඕනෙ. ඒ අය නැවත අත්අඩංගුවට බැරිද?
ලක්ෂ පහකට ශරීර ඇප දීලා පොලිසියට දැඩි පියවර අරගෙන මොකටද.
දේශද්‍රෝහීන්, දේශපාලකයන්ට කඩේයන අය මුලින් ලංකාවෙන් තුරන්කරන්න ඕනේ.. රට මේවගේ අගාධයකට ගිය හේතුව... ඔය වගේ ලංකාවේ ඉන්න මැට්ටෝ පත්කරන ඡන්දෙ දෙන අයාලයේ යන දේශපාලකයන් නිසායි.
මේ පොලිස් ඉන්ස්පෙක්ටර්ට වෙන වැඩ නැද්ද?
පොලිසියේ ඉන්නේ 8 පාස් කට්ටියනේ. එතකොට නඩු අහපුකෙනාට තිබුණනේ වරද හරිගස්සන්න. කුට්ටියක්වත් ගිලුණද ?