( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාස්කුදා ප්‍රහාරයෙන් දරු දෙදෙනා අහිමි වූ පියෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම මෙම මස 21 වැනි දින මේ සම්බන්ධ අනෙකුත් පෙත්සම් දෙක සමඟ කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කළේය.
බුද්ධි අංශ මඟින් දැනුම්වත් කර තිබියදීත් සිදුවූ ප්‍රහාරය මඟින් මිනිස් ජීවිත අහිමි වූයේ පොලිස්පති ඇතුළු වගඋත්තරකරුවන් නිසි රාජකාරී යුතුකම් පැහැරහැරීම හේතුවෙන් බව සඳහන් කරමින් ඔවුන්ට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි.
මෙම පෙත්සමෙහි වග උත්තරකාර පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට නොතීසි බාර දෙන ලෙසද අධිකරණය පෙත්සම්කරුට නියෝග කළේය.
ප්‍රසන්න ජයවර්ධන , මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.
වැල්ලම්පිටිය සමන් නන්දන තිරිමාන්න මහතා විසින් ගොනු කරනු ලැබු මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර , හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ නියෝජ්‍ය පොලිස්පති ශ්‍රී ලාල් දිසානායක සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පළමු පෙත්සම්කරු බෞද්ධයෙකි.ඔහුගේ දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම සඳහා කොච්චිකඬේ පල්ලියේ පූජාවට සහභාගී වූහ.ඒ අතර බෝම්බ ප්‍රහාරයට ලක්වීමෙන් දරුවන් දෙදෙනා මරණයට පත්විය .
මෙම තත්ත්වය පිළිබඳන බුද්ධි අංශ මඟින් පූර්ව දැනුම් දීමක් දී තිබියදීත් වගඋත්තරකරුවන් පියවර නොගැනීමෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධමය වරදක් සිදු කර ඇත.
එබැවින් වගඋත්තරකරුවන්ට එරෙහිව අපරාධමය නඩුවක් පැවරීමට නීතිපතිවරයාට නියෝග කරන ලෙස පෙත්සම්කරුවන් දෙදෙනා සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය කළයුතුම දෙයක්... කවර හෝ පුද්ගලයකු තම වගකීම් පැහැර හැරියාද..?
අන්න හරි මේ තියන නීතියේ ආධිපත්‍යය අසාධාරණයට, දුකට පත්වූ ජනතාවට ක්‍රියාකරන හැටි බලාගන්නත් එක්ක රටම දැනගන්න මොකද්ද අපේ නින්දිත නායකයන් අපට කලේ කියලා? අනිත් අයත් නඩුදාන්න තියෙන්නේ මේ වගේ... ඔබට උත්තමාචාරය.. දිවි අහිමි වූ දරුවන්ට නිවන් සුව පතමි..
කොහොමද ලොක්කෝ දෙන්නා මේකෙන් හැලුනේ? පහත් තැනින් වතුර ටික ගලා යයිද?
පළමුව ජීවිත අහිමි වූ ඔබගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් මෙන්ම තම බලලෝභය, රාජකාරිය පැහැර හැරිය නිවටයින්ගේ බූරුතීරණ නිසා අහිමිවූ සියලුම අහිංසක මිනිසුන් වෙනුවෙන් අපගේ අවංක කණගාටුව ප්‍රකාශ කරන්නෙමු. මෙම විනාශය පිළිබඳව දැනගෙනත් ඒ සඳහා නිසි පියවර නොගත් සියලුම පාදඩයන් (225 ක් වූ රිලව් රෑන ඇතුළුව) අනියම් ලෙස මිනිස් ජීවිත විනාශ කිරීමට උදව් කිරීමේ වරදට දඬුවම් ලැබේවා.. යන්න සියලුම පුරවැසියන්ගේ එකම ප්‍රාර්ථනයයි. එමෙන්ම සියලුම ලාංකිකයන් ගරු අධිකරණය මෙම කාලකන්නින් හට නිසි දඬුවම් ලබාදෙයි... යන බලාපොරොත්තුව ඇතුව ඇස් අයාගෙන බලා සිටින බවත් දැන්වීමට කැමැත්තෙමු. (දියවන්නා ඔයේ රිලා හාමිලාට මෙම අදහස් කියවීමට හැකි වේවා!!!)
ශාන්ත අන්තෝනි මුනිතුමා දරුවන් ආරක්ෂා කර දේවී...
මහජන මුදලින් වැටුප් ගනිමින් රටේ පාලනයට එන අයගේ වගකීමක් රටේ ජනතාව ආරක්ෂා කිරීම එම කටයුත්ත නොකර මිනිස්සු මේ විදියට මරාදාන්න එදා දුන්නු එක වරදක්... එමනිසා මේකට වගකිව යුත්තන්ට අධිකරණයෙන් නිසි දඬුවම් ලබාදිය යුතුය. එහෙම වුණොත් පමණි. ඉදිරියේදීවත් රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න පෞරුෂත්වයක් තියෙන නායකයන් බිහිවේවි...
බුද්ධිමත් තීරණයක්...
සමන් නන්දන තිරිමාන්න මහතා ගැන ඇත්තේ නිර්භීත, නිවරදී තීරනයක්.
දරුවන් දෙදෙනාම අහිමි වූඔබට දැනෙන සදාකාලික වේදනාව, පීඩාව , මානසික ආතතිය සියල්ල මට හොදින්ම වැටහේ. ඒ මන්ද මාද එකම දරුවා අහිමි වූ මවක් නිසා වෙනි. ජීවත් වන මොහොතක් පාසා සිත දැවෙන තරම දන්නේ අපිම පමණයි නේද? ඔබ කරන්නට යන ක්‍රියාවලිය තුලින් ඔබට කිසියම් සාධාරණයක් කෙසේ වෙතත් මදකට හෝ සැනසීමක් ලැබේයයි සිතනවා නම් එය අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න ඕන.