(රොමේෂ් මධුෂංඛ)
යාපනය විශ්වවිද්‍යාලයට නිසි බලධාරියෙක් පත් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව මහාචාර්ය කන්දසාමි කදිර්ගාමනාදන් මහතා නිසි බලධාරියා වශයෙන් පත් කර ඇති බව විශ්වවිද්‍යාල පාලක සභාව පවසයි.
මෙතෙක් යාපනය විශ්වවිද්‍යාලයේ උප කුලපති වශයෙන් සේවය කළ රත්නම් විග්නේශ්වරන් මහතා ඉවත් කිරීමෙන් පසුව කන්දසාමි කදිර්ගාමනාදන් මහතාව මෙලෙස පත්කර තිබේ.
යාපනය විශ්වවිද්‍යාලයට උප කුලපතිවරයකු පත් කරන තෙක් කන්දසාමි කදිර්ගාමනාදන් මහතා යාපනය විශ්වවිද්‍යාලයේ නිසි බලධරයා ලෙසින් පත් කර ඇති බවද විශ්වවිද්‍යාල පාලක සභාව පවසයි.
කන්දසාමි කදිර්ගාමනාදන් මහතා භෞතික විද්‍යාව පිළිබඳ සම්මානනීය මහාචාර්යවරයකු වන අතර, භෞතික විද්‍යාල පිළිබඳ පරීක්ෂණ රැසක් වෙනුවෙන් දායකත්වය සපයා ඇති බවටද වාර්තා වන අතර හයිඩ්රජන් පැතිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ රැසක් මෙහෙයවා ඇති අතරම කදිර්ගාමනාදන් මහතා විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ පීඨාධිපති වශයෙන් ද කටයුතු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රශ්නය උගත් කම නොව. ආකල්ප යි. ඒ ගැන මේ රජය සලකා නොබලනවා නියතය.
ඉතාම කණගාටුදායකයි.
අධ්‍යාපන අංශයේ විශ්වවිද්‍යාලවල තරම් හීන්නූල් ගේම් කාරයන් වෙන කිසිම තැනක නොමැත.