(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව සාලම්බකුලම් ප්‍රදේශයේ වසා දමා තිබූ පාළු නිවසක් පරීක්ෂා කිරීමේදී එහි තිබී මුස්ලිම් ජාතිකයින්ගේ විවිධ වර්ගයේ හැඳුනුම්පත් 15 ක් තිබී හමු වූ බවට පූවර්සන්කුලම් පොලීසිය පවසයි.
වව්නියාව මන්නාරම් මාර්ගයේ පිහිටි සාලම්භකුලම් ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් සෝදිසි මෙහෙයුමක් කළ අතර එහිදී වසා දමා තිබූ පාලු නිවසක් පරික්ෂා කිරීමේදී ඉටි කවරයකින් ආවරණය කරන ලද තැටියක මෙම හැඳුනුම්පත් හමු වී ඇත.
එහිදී කාන්තා සහ පිරිමි මුස්ලිම් ජාතිකයින්ට අයත් ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර හා කාර්යාල හැඳුනුම්පත් තිබී හමු වී ඇති අතර එහි අනන්‍යතාවයන් තහවුරු කිරීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැත.
කෙසේ වෙතත් අදාළ හැඳුනුම්පත්වල නාමයන් ඔස්සේ අයිතිකරුවන් සෙවීමට මේ වනවිටත් පරික්ෂණ අරඹා ඇති බවටද පූවර්සන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd