(ප්‍රසන්න පත්මසිරි)
බිබිල කළාප අධ්‍යාපන කාර්යාලයේ අද උදෑසන ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයට හේතු වු ගුරු උපදේශකවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ.
මෙසේ තාවකාලිකව සේවය තහනමට ලක්වු ගුරුඋපදේශකවරයා ජාතික තව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධ බවට අත්අඩංගුවට ගෙන අනතුරුව ඇප ලබා සිටි අයෙකි.
ඔහු උදෑසන කාර්යාලයට පැමිණ ගිය පසු ඔහුගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් කිසිදු නිලධාරියකු ආයතනයේ සේවය නොකර එළියේ රැදි සිටියේය.
අනතුරුව ඌව පළාත් අමාත්‍යංශයෙන් එම ගුරු උපදේශකවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවමින් එවා තිබු ලිපියත් සමඟ කාර්යාලයේ සියලු දෙනා රාජකාරී ඇරැඹු බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම්.ඒ.ෂරීනා බෙගන් මහත්මිය පැවසුවාය.
ඔහුට විරුද්ධව ඇති නඩු කටයුතු අවසන් වන තුරු මෙලෙස සේවය අත්අහිටුවා තිබේ.
කළාප කාර්යාලයට පොලීසිය හා යුද හමුදාව පැමිණ විශේෂ පරීක්ෂාවකට ලක් කළ බවද කලාප අධ්‍යක්ෂකවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙනස දේශපාලකයෝ කවදාවත් කරන්නේ නැහැ.. වැරදි කරපු අයට. දඬුවමක් දුන්නු ඔබට හිසනමා ආචාර කරමි... අනිත් අයත් ආදර්ශයට ගත්තා නම්... මේ රට හොඳ රටක් වේවි...!!!