(සනත් ගමගේ)
අම්බලන්තොට නගරයේ සියලු කඩසාප්පු වසා කළු කොඩි ඔසවා අද (8) හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
මෙරටට පිටුවහල් කර සිටින පාකිස්ථාන ජාතිකයින් පිරිසක් අම්බලන්තොට රුහුණු රජයේ පුනරුත්ථාපන නිවර්තන රැඳවුම් කඳවුරට යොමු කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළකිරීමක් ලෙස මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක කළ බව අම්බලන්තොට වෙළඳ සංගමයේ අනුශාසක අසේල කුමාරසිංහ මහතා කීය.
අම්බලන්තොට නගරයේ ජනතාව පැවසුවේ මෙතෙක් ඉතා සහජීවනයෙන් නගරයේ සිටි අතර කිසිදු ජාතිභේද ඇවිස්සීම් සිදු නොවී ඉතා සාමකාමී ලෙස ජීවත් වූ නගරයක් බවයි. මෙම මුස්ලිම් පාකිස්ථාන සරණාගතයින් අම්බලන්තොට රිදියගම නිවර්තන කඳවුරට ගෙන ඒමෙන් රිදීයගම ගම් ඇතුළු නගරයට යම් බලපෑම් කෙදිනක හෝ එල්ල වීමේ බලපෑමක් ඇති වන හෙයින් මෙම කඳවුරට ඔවුන් ගෙනඒම නතර කිරීමට පියවර ගන්නා ලෙස අසේල කුමාරසිංහ මහතා වෙළඳසැල් හිමිකරුවන් වෙනුවෙන් ඉල්ලීමක් කළේය.
අම්බලන්තොට රිදියගම නිවර්තන කඳවුර පිහිටි රුහුණු රිදියගම ප්‍රදේශයේ දී ගම්වැසියෝ විහාරස්ථානයට එක් වී විරෝධය පළ කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු අදාල රටට යවන්නේ නැතිව , තියාගන්න හදන්නේ ඡන්දය බලාගෙනද ? ඡන්දෙ කෙසේ වෙතත් බෝම්බ නම් ලැබෙයි.
ආණ්ඩුව මේ සරණාගතයෝ යැයි කියාගන්න පිරිස පිටුවහල් නොකරනවා නම් මිනිස්සුන්ට වෙනවා බලෙන් හරි පියවරක් ගන්න. අනිත් පැතිවල මිනිස්සුත් අවදානමෙන් ඉන්න එක හොදයි. නැත්තම් ආණ්ඩුව ඔය ගිනි ගෙඩිය රටේ වෙන කොහෙට හරි අරන් ගිහින් සද්ද නැතුව ඉදීවී සල්ලි වලට පෙරේත කමේ.
ජනතාව අවදියෙන් ඉන්නවනම් මේ වගේ පාලකයන්ගේ වැරදි තීරණ වෙනස් කරගන්න පුළුවන්. හොඳ උත්සහයක්. අනිත් නගරවලත් මේ විදිහට විරෝධය පාන්න ඕනේ.
මතක ඇතුව ලංකාවෙන් ගිහිල්ල වෙනත් රටවල ඉන්න අයත් අපි ගෙන්න ගමු ?
වරක් සිරිමා ශාස්ත්‍රීය ගිවිසුමෙන් ඉන්දියාවට යවන්න හිටිය ලක්ෂ ගාණනක ඉන්දියානුවන්ට ජේ. ආර්. උන්නැහේ පුරවැසිකම දුන්නා. අලියට කතිරෙ ගහන්න කියලා. දැන් මේ පාකිස්තානුවන් තියාගෙන නටන්න හදන්නෙත් ඒ වගේ නාඩගමක්ද? මේ පාලකයො මැරිලා යයි. ඒත් ඔවුන් කොච්චර ප්‍රශ්න ජාතියට ඉතිරි කරනවද?
වරක් සිරිමා ගිවිසුමෙන් ඉන්දියාවට යවන්න හිටිය ලක්ෂ ගානක ඉන්දියානුවන්ට ජේ. ආර්. උන්නැහේ පුරවැසිකම දුන්නා අලියට කතිරෙ ගහන්න කියලා. දැන් මේ පකිස්තිනුවන් තියාගෙන නටන්න හදන්නෙත් ඒ වගේ නාඩගමක්ද ? මේ පාලකයො මැරිලා යයි. ඒත් ඔවුන් කොච්චර ප්‍රශ්න ජාතියට ඉතිරි කරනවද ?
මෙහෙම ගියොත් හෙට, අනිද්දා සිරියාවෙනුත් මිනිස්සු ගෙනත් ලංකාවේ පදිංචි කරාවි...
මේ අයව තම මව්බිමට යවන්න.
මේ විකාර අාණ්ඩුව හා ජනාධිපති, අගමැති ගෙදර යනු... මොවුන් ඉන්නකම් රටට සෙතක්.. අපි එක පෙළට සිටගෙන රටට හිතැති, අපට හිතැති නායකයෙක් හා අාණ්ඩුවක් පත් කර ගනිමු. මොවුන් හරියන්නේ නැහැ දැන් කොහොමටවත්ම..
රජයට දොස් කියලා වැඩක් නෑ. මේ අපි පත්කර ගත්තු ආණ්ඩුව. ප්‍රමාණවත් බලයක් නැති වෙන විදියට රජය පත් වුණාම මේ වගේ දේවල් වළක්වන්නේ කොහොමද? වැරැද්ද අපේ අතේ... ඊළඟ වතාවේදීවත් හරියට කතිරේ ගහලා බලගතු රජයක් පිහිටුවා ගනිමු.
පාකිස්තානුවන්ට ගුවන් ටිකට් පත්දී රටින් පිට කරන්න. නැතිනම් මේවා කරන ඇමතිවරුන්ගේ ගෙදර එක්කන් යන්න කියන්න. තමන්ගේ රටේ වැසියාගේ දුක බඩ ගින්න තේරෙන්නේ නැති කට්ටිය... කාට පේන්නද මේවා කරන්නේ? සහජීවනය දෝරේ ගලනවා. ඉන්න ටික හදාගන්න බැරිව වෙන රටවලින් පිටමන් කරන අන්තවාදීන් ලංකාවේ ලොකු කට්ටියට බාරගන්න... පුදුම අමාරුවක් තියෙන්නේ ඉස්සර. දැනුත් ජපානයේ ගරාජ් එක ලංකාව. දැන් මැද පෙරදිග අනාථ කඳවුර ලංකාව, ලංකාවේ කුණුගොඩත් අරන් යන්නේ. ගම ඇතුළට... මෙවර තමන්ගේ ඡන්දය කිසිම කෙනෙකුට දෙන්න එපා.. ඉල්ලන කෙනෙක්වත් ජනතාවට ආදරේ නැහැ. තමන්ගේ පවුල රැකගන්න ඔවුන් ඉන්නේ. හොඳයි කියලා කියන්න කෙනෙක් නැහැ...
මේ රට හැමෝටම අයිතියි. මුස්ලිම් අයටත් මේකෙ අයිතියක් තියෙනවා. මේ අයට රජය ඉක්මනින් සිටිෂන්ෂිප් දුන්නා නම් ඉවරයි වැඩේ. කොහොමත් මේ අයියලාගේ ළමයි මෙහේ ඉපදුණා නම් මේ රට අයිතියිනේ..