(නිමන්ති රණසිංහ)
ත්‍රස්තවාදය යළි නඟා සිටුවිය යුතු යැයි ප්‍රකාශයක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහි නඩුවේ නීතීපති උපදෙස් සඳහා යළි සිහි කැඳවීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නිකුත් කළාය.
මෙම සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැති බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අධිකරණයට කළ දැනුම්දීමට අනුව මෙම නියෝගය නිකුත් විය.
මෙම සිදුධියට චූදිත වු විජයකලා මහේෂ්වරන් මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුව යළි කැඳවීම ජුලි 26 තෙක් කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නඩුව රාජපක්ෂලාගේ හරි, ඒකාබද්ධ විපක්ෂයේ කාගෙහරි වුනානං හැරෙන තැපෑලෙන් නීතිපති උපදෙස් ලැබෙනවා. කොහොමද යහපාලනේ..!
ඕක එනකොට තව අවුරුදු ගාණක් යයි. නිකමට හොරෙන් පොල් කඩලා බලන්න.හෙට වෙද්දි බී වාර්තා එක්ක නීතිපති උපදෙස් ඇවිත් තියෙයි.
නීතිපති විතරක් නොවේ. මේ ආණ්ඩුවටම සිහි කැඳවීමක් කළොත් හොඳයි.
අද රට පාවාදෙන අයට කොහොමත් තැන ඇවිල්ලා තියෙන්නේ..
ඥානසාර හාමුදුරුවෝ උසාවියේදී සන්ධ්‍යා එක්නැලිගොඩට බැන්න ගමන් නීතිපති උපදෙස් සහ දඬුවම හැරෙන තැපෑලෙන් ආවා..
කවුරුත් බොරුවට කෑගහන්න නම් සුදානම්. ඒ නෝනා කිව්වේ ඒ පැත්තේ තිබෙන තත්වය ගැනයි. ඇත්ත කියනකොට කොහොමද හිරේ දමන්නේ? මොන පක්ෂලා හිටියත් ඒ නෝනා හිරේ දමන්න ක්‍රමයක් නැත.
මේ මන්ත්‍රීතුමිය කළ ප්‍රකාශයේ හඬපට පවා තියෙද්දී දඬුවමක් නොදී තවත් උපදෙස් පතනවා කියන්නේ කවදාවත්ම දඬුවමක් නොලැබෙනවා කියන එකයි. බොදුබල සේනාවේ හාමුදුරුවෝ සිරගත කරන්න කාගෙන්වත් උපදෙස් ගත්තේ නැහැනේ. තව පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සකකරුවන් 9 දෙනා නිදහස් කරද්දි කාගෙන්වත් උපදෙස් ගත්තෙත් නෑනේද?
කුමාර ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.