වැසිකිළි වළකට වැටී දෙන්නෙක් මරුට අරණායක අරම ප්‍රදේශයේ ගෙවත්තක පොල් අහුලමින් සිටි පුද්ගලයින් දෙදෙනකු වැසිකිළි වළකට වැටීමෙන් අද (21) උදෑසන මියගොස් ඇතැයි පොලීසිය පවසයි. 21 June 2018
මීගමුවෙන් හොර කච්චේරියක් රුපියල් ලක්ෂ ගණනින් මුදල් අයකර ඉතාලිය ,කැනඩාව, ඕස්ට්‍රේලියා වැනි යුරෝපීය රටවලට පුද්ගලයින් යැවීම සඳහා වීසා බලපත්‍ර ඇතුළු ලියකියවිලි ව්‍යාජ ලෙස සාදන ලද හොර කච්චේරියක් වැටලු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් සැකකරුවෙක් ඇතුළු දේපළ අද (21) අත්අඩංගුවට ගනු ලැබීය. 21 June 2018
තැපල් වර්ජනයෙන් නොලැබුණු වැඩිහිටි දීමනා පොලිස් ආරක්ෂාව යටතේ ලබා දෙයි තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙන් නොලැබුණු වැඩිහිටි දිමනාව එම ආධාරලාභින්ට ගෙවිම් කටයුතු පොලිස් නිලධාරින්ගේ ආරක්ෂාව මධ්‍යයේ ගිනිගත්හේන ප්‍රාදේශිය කාර්යාලයේ නිලධාරින් විසින් අද (21) ආරම්භ කර තිබේ. 21 June 2018
අනවසරෙන් කැණීම් කළ තිදෙනෙක් අත්අඩංගුවට මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිසි අවසරයක් නොමැතිව පොළොව හාරමින් සිටි ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය පවසයි. 21 June 2018
වරාය අධිකාරියට තවත් මිලියන 584 ක් හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු පැවරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග් සමගම අතර අත්සන් තබන ලද ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට ලැබිය යුතුව තිබූ අවසන් වාරික මුදල වන ඇමෙරිකන් ඩොලර් මිලියන 584 මුදල ලැබුණු බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් අද (20) සඳහන් කළේය. 21 June 2018
ඇමැති මොහාන් ලාල් සහ මන්ත්‍රී බිමල් රත්නායක මැතිසබයේදී ගැටෙති උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහත්වරුන් අතරේ අද (20) මැතිසබයේදී උණුසුම් බහින්බස් වීමක් ඇතිවිය. 21 June 2018
මන්ත්‍රීවරුන් තමන්ගේ ගෞරවය රැක ගැනීමට කටයුතු කළ යුතුයි - සභානායක මහජන නියෝජිතයන් වශයෙන් මන්ත්‍රීවරුන් තම තමන්ගේ ගෞරවය රුක ගැනීමට කටයුතු කළ යුතුයැයි සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 21 June 2018
සයිටම් සිසුන් 982ක් කොතලාවලට අනුයුක්ත කෙරෙන පනත සම්මතයි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශීෂ්‍ය ශිෂ්‍යාවන් 982 දෙනෙකු ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කෙරෙන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (20) සංශෝධන සහිතව සම්මත විය. 20 June 2018
හෙරොයින් වැටලීම කළ උප පොලිස් පරීක්ෂකට පරීක්ෂණයක් වැටලීම කළ පොලිස් නිලධාරියාගේ සාක්කි පරස්පර වීම නිසා හෙරොයින් ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය වැටලීම කළ උප පොලිස් පරීක්ෂවරයාට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කළාය. 20 June 2018
දස වසරක් තිස්සේ දැරියක අපයෝජනය කළැයි ඉංජිනේරුවා රිමාන්ඩ් දස වසරක් තිස්සේ දැරියකට කෲර වධ හිංසා පමුණුවමින් අපයෝජනයට ලක් කර ඇයට ඇසිඩ් ගසා තුවාල සිදු කළ බව කියන මාර්ග සංවර්ධන අධිකාරියේ ගාල්ල කාර්යාලයේ ඉංජිනේරුවරයෙකු ලබන දෙවැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (20) නියෝග කළාය. 20 June 2018
මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුවත් ලංකාවට සහාය ලබාදෙනවා - ඇමෙරිකා තානාපති සංහිඳියා ක්‍රියාවලියේදී මෙන්ම දීර්ඝකාලීන සාමයක් උදා කරදීමේ ක්‍රියාවලියේදී ඇමෙරිකා එක්සත් ජනපදය ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදෙන බව ඇමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප් මහතා මෙරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙමින් ප්‍රකාශ කර තිබේ. 20 June 2018
රුපියල තවදුරටත් පාවීමට ඉඩහැරිය යුතුයි - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රුපියල තවදුරටත් පාවීමට ඉඩ හැරිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කර සිටින දූත මණ්ඩලයේ ප්‍රධානී මැනුවෙලා ගොරෝතී අද (20) පැවසුවාය. 20 June 2018
සෞදි ජාතිකයින් 8ක් රැගත් බෝට්ටුවක් මහවැලි ගඟේ පෙරළෙයි සෞදි අරාබියානු ජාතිකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් අද (20) පේරාදෙණිය ගන්නෝරුව හල්ඔළුව මාර්ගයේ වරාතැන්න සීමා මාලකය අසලදී මහවැලි ගඟේ පෙරළීම නිසා එහි ගමන් ගත් 24 හැවිරිදි කාන්තාවක් අතුරුදන්වී ඇති බව කටුගස්තොට පොලිසිය කියයි. 20 June 2018
පොලිස්පති නියෝගය විසිකර පොලිස් අධිකාරී සේවයේ පිහිටුවන්න නියෝග පොලිස්පතිවරයා විසින් දෙවැනි වරටත් වැඩ තහනම් කරනු ලැබූ කල්මුණේ පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි යළිත් සේවයේ පිහිටුවීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 20 June 2018
රුවන්වැලිසෑය අබියසදී අධිෂ්ඨාන පුජාවක් බන්ධනාගාර ගත කොට ඇති පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස සහ නිදුක් නිරෝගි බව ප්‍රර්ථනා කරමින් අද (20) මහා සංඝරත්නය අනුරාධපුර රුවන්වැලිසෑ චෛත්‍ය අබියසදී අධිෂ්ඨාන පුජාවක් පැවැත්වුහ. 20 June 2018
මාස හයක් තුළ ලක්ෂ හයකයට අධික දුම්වැටි රේගුව අල්ලයි මේ වසරේ ගෙවී ගිය මාස හයක කාලය තුළ සිදුකළ වැටලීම් වලිදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ දුම්වැටි හය ලක්ෂ දස දහස් අටසීය හතලිහක් (610 840) රේගු භාරයට ගෙන ඇතැයි ගුවන්තොටුපළ සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය රේගු අධ්යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා “ලංකාදීපයට” පැවසීය. 20 June 2018
ලිංගික අල්ලස් කතාව ගැන ඇමැති නියෝජ්‍ය ඇමැති ගැටෙති උස්ස අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති අචාර්ය විජයදාස රාජපක්ෂ හා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එච්. එම්. එම් හරීස් මහත්වරුන් අතර අද(20) පාර්ලිමේන්තුවේදී උණුසුම් කතාබහක් ඇති විය. 20 June 2018
මුදල් ප්‍රශ්නයකට තැපැල් ස්ථානාධිපතිනිය රිමාන්ඩ් තැපැල් ඉතිරිකිරීම් ගිණූමක තැන්පත් කර තිබූ රුපියල් අනූදහසක මුදලක් සාවද්‍ය පරිහණය කළැයි කියන සිද්ධියකට අදාළව නාරාහේන්පිට පොලීසිය අත්අඩංගුවට ගත් නාරාහේන්පිට ජාතික පොළ තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිනිය ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා නියෝග කළේය. 20 June 2018
කෙරවලපිටිය ටෙන්ඩරය ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කෙරවලපිටිය විදුලිබලාගාර ව්‍යාපෘති ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීමේදී සිදුව ඇති වංචා හා දූෂණ සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (20) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 20 June 2018
සිංහරාජ අලි ප්රශ්නය ගැන පරිසරවේදීන්ගෙන් ජනපතිට සංදේශයක් සිංහරාජයේ මෑතකදී ආන්දෝලනයකට තුඩු දුන් අලි දෙදෙනාගේ ගැටලුවට ස්ථිර විසඳම් ලෙස සිංහරාජයේ සීමා මායිම් ලකුණු කිරීම සහ සිංහරාජය අවට ජීව අලි වැටක් ඉදි කිරීම ඇතුළු යෝජනාවලික් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාර දෙන බව පරිසරවේදිනී ශානිකා පතිරණ මෙනවිය පැවසුවාය. 20 June 2018
අතුරුදන් වූවන් ගැන විස්තර කාර්යාලයට දෙන්න - විදේශ අමාත්‍යාංශය යුද ගැටුම් පැවති සමයේ දී අතුරුදන් වූවායැයි කියන පුද්ගලයින් සම්බන්ධයෙන් අන්තර්ජාලයෙහි පළ කර තිබුණු 351 දෙනෙකුගේ නම් ලැයිස්තුව පිළිබඳ හෝ ඊට අදාළ වෙනත් තොරතුරු අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙත ලිඛිතව දැනුම් දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී. 20 June 2018
හොර අංකයක් යෙදූ වාහනයක් අධිවේගයේදී අල්ලයි ව්‍යාජ අංක තහඩු යොදන ලද නවීන පන්නයේ මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව අන්තර් හුවමාරුවෙන් අද (20) සවස මාතර දෙසට යාමට ඇතුල් කිරීමේදී එක් පුද්ගලයෙකු සමග සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 20 June 2018
කතරගම ප්‍රා සභාපති ඇප කොන්දේසි සපුරයි කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතා ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසු අද (20) ඇප ලබා පිටව ගියේය. 20 June 2018
අග්නිදිග විශ්ව විද්‍යාලයට නිසි බලධරයෙක් ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයට වහාම ක්‍රියාත්මක වන පරිදි නිසි බලධාරියෙකු පත් කර තිබේ. 20 June 2018
ස්වාමිනාදන්ගේ යෝජනාව සංශෝධනය කර ක්‍රියාත්මක කළ හැකියි - ඇමැති රාජිත මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ඇතුළු පිරිස් වෙත වන්දි ලබාදීමට පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවෙන් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් යන කොටස ඉවත් කර යෝජනාව ක්‍රියාත්මක කළ හැකි බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 20 June 2018
’අපරාධ අඩුවෙලා’ - නලීන් බණ්ඩාර අපරාධ වැඩිවී ඇතැයි රාජපක්ෂ කල්ලිය කෑ ගැසුවද පොලිසියේ දත්ත වාර්තා විශ්ලේෂණය කරන විට අපරාධ අඩුවී ඇති ආකාරය වටහා ගත හැකි බව නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය. 20 June 2018
මහින්දානන්ද දුෂණ චෝදනා විමර්ශන සභාවට යහපාලන රජයේ විවිධ වංචා හා දුෂණ චෝදනා හෙළි කළ ‘ටොප් ටෙන් ’වැඩසටහන යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂන කොමිෂන් සභාවට ඒකාබද්ධ විපක්ෂය යොමු කළ පැමිණි එකොළහක ප්‍රගතිය විමසා 20 June 2018
ඥාණසාර හිමි ගැන මහනාහිමිවරුන් සමඟ සාකච්ඡාවකට ජනපති සැරසෙයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මහ නා හිමිවරුන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. 20 June 2018
බැඳුම්කරය සරසවි අරමුදලේ මුදලුත් වංචා කරලා බැඳුම්කර වංචාවට විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලේ රුපියල් මිලියන 700 කට ආසන්න මුදලක් බිලි වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය. 20 June 2018
හිටපු නගරාධිපතිනියගේ ප්‍රකාශයකින් මහරගම නගර සභාව කල් දමයි මහරගම නගර සභාවට පිට පළාත්වලින් බයිසිකලය සලකුණ යටතේ තේරීපත් වුණ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්,ඉකුත් මාස තුන තුළදී නගර සභාවෙන් ගෙවන දීමනාව ලබාගෙන ගෙදර යනවා මිස මහරගම ජනතාවට කිසිදු සේවයක් කර නැතැයි හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාර මහත්මිය පැවසීමෙන් අනතුරුව සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. 20 June 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026