ඉන්දියාව තුළ තමන් “පළාතක්” ස්ථාපිත කළේ යැයි අයි.එස්. සංවිධානය පළමු වරට නිවේදනය කර ඇත.
මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේදී සටන්කාමීන් සහ ආරක්ෂකයන් අතර ඇති වූ ගැටුමකින් පසුව අයි.එස්. සංවිධානය ඒ බව නිවේදනය කළේය.
ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලින් පසුව අයි.එස්. සංවිධානය සමඟ සබඳතා පවත්වන සටන්කාමියකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අයි.එස්. සංවිධානයේ අමාක් පුවත් සේවය සිකුරාදා, එනම් ඊයේ (10) ඒ බව නිවේදනය කර තිබෙන අතර එම පළාත “විලායහ් ඔෆ් හින්ද්” යනුවෙන් නම් කර ඇත.
කාශ්මීරයේ ෂොපියාන් දිස්ත්‍රික්කයේ අම්ෂිපෝරා නගරයේදී සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර එලෙස ගැටුම් ඇති වී තිබෙන අතර එම ගැටුම්වලින් තම සාමාජිකයන් තුවාල ලැබූ බව ද අයි.එස්. සංවිධානය සඳහන් කර ඇත.
ෂොපියාන් හි සිදුවූ ගැටුමකින් ඉෂාක් අහ්මද් සෝෆි නමැති සටන්කාමියකු මියගිය බව ඉන්දීය පොලිසියද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඉරාකයේ සහ සිරියාවේ සැතපුම් දහස් ගණනක භූමි ප්‍රදේශයක් පාලනය කළ අයි.එස්. සංවිධානය ඉරාකයේ සහ සිරියාවේ ‘කලිෆාවක්’ ද නම් කළේය. කෙසේ නමුත් මේ වනවිට අයි.එස්. සංවිධානය ඉරාකය සහ සිරියාවේදී දරුණු පරාජයකට මුහුණ දී සිටී.
එසේ පරාජය ලැබුවද අයි.එස්. සංවිධානය මරාගෙන මැරෙන ප්‍රහාර ආදී නොයෙකුත් ප්‍රහාර එල්ල කරමින් තම බලය පෙන්වීමට උත්සාහ කරන අතර 253 දෙනකුට මරු කැඳවූ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරයේ වගකීම ද බාරගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැම රටකම අධම ත්‍රස්තවාදය වපුරන, මේ කාලකන්නි අයි.එස්.අයි.එස්. පිරිස සහමුලින්ම නැති කරන්න සෑම රටක්ම එකාබද්ධව කටයුතු කළ යුතුයි. ලංකාවේ දේශපාලන බලවලට, ඇමති බලපෑම් වලට, ඊනියා සංහිඳියාවට යටත් නොවී, අපේ ආරක්ෂක හමුදාවලට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ දුන්නොත්, මේ රොත්ත නැත්තටම නැති කරලා දාන්න පුළුවන් බව මට විශ්වාසයි.
ලෝකයෙ කුමක් හො විෂබීජයකට කොනකින් ඉන්දියාව ගෑවිලා ඉන්නවා. අපේ රටේත් ඔය කලකණ්නි පැත්තක් නම් කරන්න කලියෙන් මේ අාණ්ඩුව එළවා අපේ අාණ්ඩුවක් හදන්න පෙළ ගැසෙමු. මොවුන්ට තිබුණා මහබැංකුව කොල්ල කෑවත් අපේ රට සුරකින වැඩේවත් හරියට කරන්න. සිංහල අපට වෙන තැනක් නැත. මතු දරුවන් වෙනුවෙන් ජනතාව පෙළ ගැසෙන්න කලින් ඉල්ලා අස්වෙයල්ලා. අැත්තටම උඹලව හිරිකිතයි බන් දැන්. පලයල්ලකෝ ඉක්මනට යන දීපංකරෙක රට විනාශ නොකර.. අපිට අායුධ ගන්න ඉඩ තියන්න එපා...
ලෝකයේ කුමක් හෝ විෂබීජයකට කොනකින් ඉන්දියාව ගැවිලා ඉන්නවා.. අපේ රටේත් ඔය පැත්තක් නම් කරන්න කලියෙන් මේ අාණ්ඩුව එලවා අපේ අාණ්ඩුවක් හදන්න පෙළ ගැසෙමු. මොවුන්ට තිබුණා මහා බැංකුව කොල්ලකෑවත් අපේ රට සුරකින වැඩේවත් හරියට කරන්න.. සිංහල අපට වෙන තැනක් නැත. මතු දරුවන් වෙනුවෙන් ජනතාව පෙළ ගැසෙන්න කලින් ඉල්ලා අස්වෙයල්ලා.
මේ විදිහට ගියොත් ඉක්මනින්ම පලාතක් නෙමෙයි ලංකාවමත් ලගදිම නම් කරයි. අපිට ඉන්න හොදම ආරක්ෂක වියතා සරත් ෆොන්සේකා බලය මිසක් රට ගැන නොහිතන මිනිස්සු තාමත් ඒ මනුස්සයගෙන් වැඩක් ගන්නෙ නැතිකොට
දැන්නම් ලංකාවට ඕනේ හමුදා පාලනයක් තමා
සරත් පොන්සේකා නෙමේ මොන කෙනා ආවත් කොන්ද කෙලින් තියෙන නායකයෙක් නැත්නම් මොක කරන්නත් බැරි බව පොන්සෙකා මහත්මයාම දන්නවා. අපි එක පෙළට ඉදගෙන අපෙ සෘජු නායකයෙක් පත් කර ගත යුතුයි . කෙලින් තීරණ ගන්න බැරි අය අපට වැඩක් නැත.
සතුටුයි......
හලීම් වගෙ තමයි බහුතර මුස්ලිම් අය. සතුටුවෙනවා. ඒක තමයි ඔවුන්ගේ අභිප්‍රාය. අපි කවදා මේක තේරුම් ගනීද.