IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


අයිඑස්ලා ඉන්දියාවේ පළාතක් නම්කරති

ඉන්දියාව තුළ තමන් “පළාතක්” ස්ථාපිත කළේ යැයි අයි.එස්. සංවිධානය පළමු වරට නිවේදනය කර ඇත. 

මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේදී සටන්කාමීන් සහ ආරක්ෂකයන් අතර ඇති වූ ගැටුමකින් පසුව අයි.එස්. සංවිධානය ඒ බව නිවේදනය කළේය. 

ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලින් පසුව අයි.එස්. සංවිධානය සමඟ සබඳතා පවත්වන සටන්කාමියකු ජීවිතක්ෂයට පත්ව ඇත. 

අයි.එස්. සංවිධානයේ අමාක් පුවත් සේවය සිකුරාදා, එනම් ඊයේ (10) ඒ බව නිවේදනය කර තිබෙන අතර එම පළාත “විලායහ් ඔෆ් හින්ද්” යනුවෙන් නම් කර ඇත. 

කාශ්මීරයේ ෂොපියාන් දිස්ත්‍රික්කයේ අම්ෂිපෝරා නගරයේදී සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර එලෙස ගැටුම් ඇති වී තිබෙන අතර එම ගැටුම්වලින් තම සාමාජිකයන් තුවාල ලැබූ බව ද අයි.එස්. සංවිධානය සඳහන් කර ඇත.

ෂොපියාන් හි සිදුවූ ගැටුමකින් ඉෂාක් අහ්මද් සෝෆි නමැති සටන්කාමියකු මියගිය බව ඉන්දීය පොලිසියද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

ඉරාකයේ සහ සිරියාවේ සැතපුම් දහස් ගණනක භූමි ප්‍රදේශයක් පාලනය කළ අයි.එස්. සංවිධානය ඉරාකයේ සහ සිරියාවේ ‘කලිෆාවක්’ ද නම් කළේය. කෙසේ නමුත් මේ වනවිට අයි.එස්. සංවිධානය ඉරාකය සහ සිරියාවේදී දරුණු පරාජයකට මුහුණ දී සිටී.

එසේ පරාජය ලැබුවද අයි.එස්. සංවිධානය මරාගෙන මැරෙන ප්‍රහාර ආදී නොයෙකුත් ප්‍රහාර එල්ල කරමින් තම බලය පෙන්වීමට උත්සාහ කරන අතර 253 දෙනකුට මරු කැඳවූ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරයේ වගකීම ද බාරගත්තේය. 

 
නවදිල්ලියේදීය- ඉන්දියා (රොයිටර්ස්)
- 055



අදහස් (19)

අයිඑස්ලා ඉන්දියාවේ පළාතක් නම්කරති

සමන් - ඕමානය Saturday, 11 May 2019 03:05 PM

සැම රටකම අධම ත්‍රස්තවාදය වපුරන, මේ කාලකන්නි අයි.එස්.අයි.එස්. පිරිස සහමුලින්ම නැති කරන්න සෑම රටක්ම එකාබද්ධව කටයුතු කළ යුතුයි. ලංකාවේ දේශපාලන බලවලට, ඇමති බලපෑම් වලට, ඊනියා සංහිඳියාවට යටත් නොවී, අපේ ආරක්ෂක හමුදාවලට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ දුන්නොත්, මේ රොත්ත නැත්තටම නැති කරලා දාන්න පුළුවන් බව මට විශ්වාසයි.

:       0       0

ගල්කටස් Saturday, 11 May 2019 03:06 PM

ලෝකයෙ කුමක් හො විෂබීජයකට කොනකින් ඉන්දියාව ගෑවිලා ඉන්නවා. අපේ රටේත් ඔය කලකණ්නි පැත්තක් නම් කරන්න කලියෙන් මේ අාණ්ඩුව එළවා අපේ අාණ්ඩුවක් හදන්න පෙළ ගැසෙමු. මොවුන්ට තිබුණා මහබැංකුව කොල්ල කෑවත් අපේ රට සුරකින වැඩේවත් හරියට කරන්න. සිංහල අපට වෙන තැනක් නැත. මතු දරුවන් වෙනුවෙන් ජනතාව පෙළ ගැසෙන්න කලින් ඉල්ලා අස්වෙයල්ලා. අැත්තටම උඹලව හිරිකිතයි බන් දැන්. පලයල්ලකෝ ඉක්මනට යන දීපංකරෙක රට විනාශ නොකර.. අපිට අායුධ ගන්න ඉඩ තියන්න එපා...

:       0       0

ගල්කටස් Saturday, 11 May 2019 03:06 PM

ලෝකයේ කුමක් හෝ විෂබීජයකට කොනකින් ඉන්දියාව ගැවිලා ඉන්නවා.. අපේ රටේත් ඔය පැත්තක් නම් කරන්න කලියෙන් මේ අාණ්ඩුව එලවා අපේ අාණ්ඩුවක් හදන්න පෙළ ගැසෙමු. මොවුන්ට තිබුණා මහා බැංකුව කොල්ලකෑවත් අපේ රට සුරකින වැඩේවත් හරියට කරන්න.. සිංහල අපට වෙන තැනක් නැත. මතු දරුවන් වෙනුවෙන් ජනතාව පෙළ ගැසෙන්න කලින් ඉල්ලා අස්වෙයල්ලා.

:       0       0

චන්ද්‍ර Saturday, 11 May 2019 05:39 PM

මේ විදිහට ගියොත් ඉක්මනින්ම පලාතක් නෙමෙයි ලංකාවමත් ලගදිම නම් ක‍රයි. අපිට ඉන්න හොදම ආරක්ෂක වියතා සරත් ෆොන්සේකා බලය මිසක් රට ගැන නොහිතන මිනිස්සු තාමත් ඒ මනුස්සයගෙන් වැඩක් ගන්නෙ නැතිකොට

:       1202       3095

anuraSaturday, 11 May 2019 09:25 PM

ඔහු ගොනෙකු ලෙස පැවසූ ලක්බිමේ පාලනය අවුල් කල වත්මන් පාලකයන් සමග එය කල නොහැකිය.

:       0       0

IsharaSunday, 12 May 2019 01:34 AM

අප්‍රේල් 23 අයි එස් අයි එස් එකෙන් ලංකාව නම් කරනවා ඔය විදිහටම... ලඟදීම නෙවේ දැනටමත් ඒක වෙලා තියෙන්නේ.....

:       34       42

anil Sunday, 12 May 2019 04:28 AM

හිතවත් චන්ද්‍ර මහතා, ෆොන්සේකා මහතා හිතන්නෙත් බලය ගැන මිස රට ගැන නෙවෙයි.

:       513       162

evaMonday, 13 May 2019 12:29 PM

රට ගැන කැක්කුමක් තියෙන්නේ එයාට විතරයි. ඔයාලා වගේ අයට එක නොතේරෙන එක මට හිතා ගන්න බෑ

:       83       91

chamSunday, 12 May 2019 05:36 AM

බොර දියේ මාළු බාන්න එපා ...ඇමතිකම ගන්න දැන් පරක්කුයි.

:       49       28

BamunuarachchiSunday, 12 May 2019 04:29 PM

කොයිකාලේද පැහැදිලි දියක් තිබුනේ කියන්න බලන්න. ත්‍රස්තයා හඳුනා ගන්න බැරි තරමට දිය බොරකලේ කව්ද? වෙන කවුරුත් නොවෙයි, 2015 ආණ්ඩුව භාර ගත්ත අයයි...

:       17       436

ටි ඉන්දිකSunday, 12 May 2019 06:49 AM

ෆොන්සේකා ගේන්න ජනපතිට බල කරන්න අද හෙටම පෙල ගැසෙන්න ඕනෑ පක්ෂ පාට භේද නැතිව..ඔහුට පමණයි එහි අත්දැකීම් ඇත්තේ..කළ හැක්කේ

:       24       184

UDTuesday, 14 May 2019 12:31 PM

ෆොන්සේකා දක්ෂයි තමයි. ඒ වුණාට ආරක්ෂක ඇමති කමට සුදුසු නෑ. යුද්ධයේ ජයග්‍රහණය තමන්ගේ කරගන්න උත්සාහ කරපු අයෙක්...

:       0       0

Nishantha Saturday, 11 May 2019 11:58 PM

දැන්නම් ලංකාවට ඕනේ හමුදා පාලනයක් තමා

:       54       72

ගල්කටස් Sunday, 12 May 2019 01:11 AM

සරත් පොන්සේකා නෙමේ මොන කෙනා ආවත් කොන්ද කෙලින් තියෙන නායකයෙක් නැත්නම් මොක කරන්නත් බැරි බව පොන්සෙකා මහත්මයාම දන්නවා. අපි එක පෙළට ඉදගෙන අපෙ සෘජු නායකයෙක් පත් කර ගත යුතුයි . කෙලින් තීරණ ගන්න බැරි අය අපට වැඩක් නැත.

:       49       309

athuraSunday, 12 May 2019 06:48 AM

කොන්ද කෙලින් තියන මනුස්සයෙක් ඕන නම් ෆොන්සේකා මහත්මයවම අපි පත් කර ගත්ත නම් හරිනෙ මහත්මය.

:       144       41

PerakumSunday, 12 May 2019 08:12 AM

අනේ ගල්කටස් කියන්නකෝ ඔය කොන්ද කෙලින් තියන ඍජු නායකයා කව්ද කියල. අපි එයාව පත් කර ගමු.

:       2       1

Haleem Sunday, 12 May 2019 03:10 AM

සතුටුයි......

:       181       8

BamunuarachchiSunday, 12 May 2019 04:31 PM

සතුට හැබැයි වැඩිකල් තිබෙන්නෙත් නැහැ. තිබෙන්න දෙන්නෙත් නැහැ.

:       0       72

shiro Monday, 13 May 2019 03:26 AM

හලීම් වගෙ තමයි බහුතර මුස්ලිම් අය. සතුටුවෙනවා. ඒක තමයි ඔවුන්ගේ අභිප්‍රාය. අපි කවදා මේක තේරුම් ගනීද.

:       1       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 99 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site