(අමදෝරු අමරජීව)
ජාතිවාදය, ත්‍රස්තවාදය වපුරන බවට චෝදනා කරමින් ආණ්ඩුකාර ධූරයෙන් එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඉවත් කරන ලෙස ඉල්ලා අද (10) ත්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට උප නගර කිහිපයක හර්තාලයක් ආරම්භ කර තිබේ.
ත්‍රිකුණාමලය නගරය කන්තලේ, සේරුනුවර හා තඹලගමුව උප නගරවල කඩ සාප්පු වසාදමා තිබූ අතර පෞද්ගලික බස් සේවා ධාවනයෙන් ඉවත්වී ඇත.
ලංගම බස් ධාවනයේ යෙදුණු අතර ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ගමන් ඇරඹු අංගොඩ ඩිපෝවට අයත් බස් රථයකට එල්ල වු ගල් ප්‍රහාරයකින් එහි ඉදිරිපස වීදුරුවට හානි විය.
ත්‍රිකුණාමලය - නුවර ප්‍රධාන මාර්ගයේ 5 කණුව ප්‍රදේශයේ දී මෙම ගල් පහර එල්ලවූ අතර රියදුරු බස්රථය මගින් නොනවත්වා ධාවනය කර කප්පල්තුරෙයි මාර්ග බාධකය වෙත බස් රථය ගෙන ගියේය.
චීනවරාය පාරේ සංගම හන්දියේ දි හා උප්පුවේලි හන්දියේ මාර්ගය මැද ටයර් දමා පුළුස්සා තිබු අතර පොලිසිය පැමිණ ගිනි ගන්නා ටයර් ඉවත් කෙරිණි. පාසල්වල සිසුන්ගේ පැමිණීම අඩු වූ අතර එය හර්තාලය නිසා සිදු වුවක් නොවිය. පවතින ආරක්ෂක තත්වය තුළ ගෙවී ගිය සතිය පුරාම සිසුන්ගේ පැමිණීම අඩු වී තිබිණි.
රාජ්‍ය ආයතන, බැංකු විවෘතව තිබුණ ද එහි සේවක මණ්ඩලවල පැමිණිමේ අඩුවක් දක්නට ලැබිණි. ඇතැම් බැංකු හා රාජ්‍ය ආයතනවල දෛනික කටයුතු වලට බලපැම් එල්ල වී තිබිණි. පාසල් හා රජයේ ආයතන හා බැංකු වලට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලින් ආරක්ෂාව යොදවා තිබේ.
හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලා කන්තලේ ප්‍රාදේශීය සභාව ඉදිරිපිට පොදුජන පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රි විජය වික්‍රම ලමාහේවා මහතා පවත්වාගෙන යන සත්‍යග්‍රහය ද මෙම හර්තලය තුළ ඒ ආකාරයෙන්ම පැවතිණි.
ප්‍රදේශයේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය යොදවා ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා ජයවේවා!!! තව ටික දොහකින් කාලකන්නි 225ම ගෙදර යවනතුරු අපි නොනිදා පහන් කරමු.
මේ හොරු 225 දෙනාට විරුද්ධව මුලු රටම පාරට බැස්සානම් තමයි හොඳ...
ඔව්, එකඟයි. නමුත් මුස්ලිම් ඡන්දයට කඩේ යන දූෂිත දේශපාලකයන් මේ ඉල්ලීමට සවන් දෙන්නේ නැතිවෙයි. නැතිනම් බදුර්දීන්ට රක්ෂිතවල ගෙවල් හදන්න දීලා දෙපාර්තමේන්තු 46ක වගකීම බාරදෙයිද? ජනාධිපතිගේ අවසාන ජවනිකාව රඟමින් ඉන්නේ. ඡන්දෙන් පස්සේ මොවුන් ඔක්කොම ඉතිහාස ගතවෙයි.
අනිවාර්යයෙන් කෙරෙන්න ඕනෑ වැඩක්.. තාම ජනාධිපති නිදි. මේ වගේ තත්ත්වයක් ඇති වන නිසා තමයි පෙර ජනාධිපතිවරුන් මුස්ලිම් ආණ්ඩුකාරයෙක් නැගෙනහිරට පත් නොකළේ කියලා පුවත්පතක තිබුණා.
සිරිගේ හොඳම යාලුවා එයානේ... ඒක නිසා ලේසියට එලවන්නේ නෑ...
පොදු ජන පෙරමුණ පැත්තට ඔය ඔක්කොම එකතුවුණු ගමන් ඔය ඔක්කොම හොඳවෙනවා. ඊට පස්සේ ගිහින් පලස්තීනේ පාරකුත් හදලා තමයි නවතින්නේ...
ඔන්න ඔහේ ඉන්න දෙන්න. එතුමා යූ.එන්.පී පත් කිරීමක් නෙමෙයි නේ. ඒ හින්දා යූ.එන්.පී විරෝධියෙක්. එයත් දේශප්‍රේමී ගොඩට තමයි අයිති වෙන්නේ...
ලොක්කට ඕන ඡන්ද විතරයි. උපවාස කරන අය පව්.
ඔහොම යන් හැබැයි ඉවත් කරලා ඊට වැඩ එකක් දෙන්න පුළුවන්.
අනේ රාලහාමිලාට තිබෙන රාජකාරි... පව් නේද?
මුස්ලිම්, දෙමල සේරම ඉවත් කරන්න ඕනේ... ඒ පළාත්වලට භික්ෂූන්වහන්සේලාව පත් කරන්න ඕනේ..
සැමට කලින් සිරිසේන වහා ඉවත් වෙන්න. අපි වෙලේ පඹයෙක්ව ජනාධිපති කරමු. ඒක ඊට වඩා හොඳයි. දෙවනුව අගමැති ගෙදර යන්න.
නියමයි. ජනතාවගේ පාලනයට සුභ පැතුම්!!!!!! අපි එකතු උනොත් ක්‍රමය වෙනස් කරන්න පුළුවන්.
ආණ්ඩුකාර තනතුරට උගත්තු පත් කරන්නේ නැතුවහම පැන නගින ගැටලු ඡන්ද ගොට්ට ගෙන විතරයි හිතන්නේ පරිපාලන සේවයේ උගත්තු නැතිද? හමුදා නිලධාරින් විශ්‍රාම අය නැතිද? මේ මොන නාඩගමක්ද? මේ රටේ පාලකයන් කරන්නේ හැමදෙනාම කියනවා වගේ පාර්ලිමේන්තුවේ මේ ඉන්න 225 ම අද වැඩක් නැහැ. දේශපාලන කුණු කුඩේට වැටෙන රොත්තක්...
225 ගෙදර යවනකම් මේ රට හරියන්නේ නැහැ. මේ ඔක්කොම එකතුවෙලා රටේ ලේ බිව්වා.