(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආරක්ෂක අංශ සිදුකරන සෝදිසිකිරීම්වලට මුවා වී නාවික හමුදා බුද්ධි නිලධාරීන්ගේ වෙස්ගෙන කිරිඇල්ලේ මුස්ලිම් නිවසක් කොල්ලකෑ සිව්දෙනෙකුගෙන් යුත් කල්ලියක් අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය කියයි.
නාවික හමුදා බුද්ධි නිලධාරීන් ලෙස පෙනී සිටි මොවුන්ගෙන් එක් අයෙක් නිවැසි ප්‍රධානියාගෙන් ප්‍රශ්නකරන අතරවාරයේදී අනෙක් සිවුදෙනා නිවස පරීක්ෂා කරන මුවාවෙන් රන් භාණ්ඩ කොල්ල කා ඇති බව පොලිසිය කියයි.
කොල්ලකන ලද රන් මුදු දෙකක්, කොල්ලකෑමට යොදාගත් ත්‍රිරෝද රථයක්, යතුරුපැදි දෙකක්, නාවික හමුදා ජැකට්ටුවක්, බූට් සපත්තු යුගලක් පොලිසිය බාරයට ගෙන ඇත.
ඉකුත් 08 වැනි දින අගලවත්ත බෙල්ලන ඉන්ධන පිරවුම්හලක් අසළ වෙළඳසැලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බුද්ධි නිලධාරියෙකු ලද තොරතුරක් අනුව අගලවත්තේදී අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව අනෙක් පුද්ගලයන්ද අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා කඩු තියා ගත්ත වගේ සුළු දේවල්. ගණන් ගතයුතු නැත.
එවලේම වෙඩි තබා දමන්න කිසිම නඩුවක් අවශ්‍ය නැහැ
ඔන්න ඉතින් පරම්පරාගත පුරුද්ද ඇවිල්ලා. කොහේගියත් අපේ කට්ටිය නං හොරකම් කරන්න කියාපු බඩු තමයි.
දැන් ලැජ්ජයිද සිංහල මංකොල්ල කට්ටියක් කියලා කියන්න..?
දේශපාලනයට ඉතාමත් සුදුසු පුද්ගලයින් ඇයි අත්අඩංගුවට ගත්තේ? වහාම ඇප මත මුදා හරින්න.
නිවෙස් වලට පුදුමාකාරයේ මිනිස්සු එනවා අර කම්පනියෙන් මේ කම්පනියෙන් කියාගෙන. මේවට ආරක්ෂක වැඩපිළිවෙක් සකස්කල යුතුයි. නැත්තම් කවුද හොරා කියලා අදුනගන්න අමාරුයි. අද ගේකට හිගන්නෙක් ආවත් විස්වාස කරන්න බැරි කාලයක්
අනිවාර්යෙන්ම බමුණා කඩේ යන කට්ටියගේ අය වෙන්න ඇති.
මුන්ගේ අත - පය කඩලා දාන්න ………… එතකොට මහජනයාට හදුනාගත හැකි අනාගතයේ ලේසියෙන්ම.