(නිමන්ති රණසිංහ)
මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඉන්සාක් අහමඩ්ට අයත් වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාළව 10 වැනි සැකකරු කරුපය්යා රාජේන්ද්‍ර අබ්දුල්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්.එම්.බී. නෙළුම්දෙණිය මහතා අද (13) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට වෙත අවසර ලබාදුන්නේය.
එමෙන්ම මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත හෙට (14) සහ අනිද්දා (15) යන දින දෙක ඇතුළත ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර ලබාදෙන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග නිකුත් කළේය.
දෙහිවල ප්‍රදේශයේ ලැඟුම්හළක බෝම්බයක් පිපිරීමේ සිද්ධියට අදාළව බන්ධනාගාර ගත කර සිටින සැකකරුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගත යුතුව ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට කළ කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd