නයිරෝබිහිදීය (ඒ.එෆ්.පී)
අප්‍රිකාවේ සිටින ඇමෙරිකානු හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් අයි.එස්. සංවිධානයේ යැයි සැක කෙරෙන සටන්කාමීන් 17 දෙනකු මියගිය බව ආරක්ෂක අංශ පැවැසීය.
සෝමාලියාවේ උතුරු දිග කඳුකර ප්‍රදේශයේ සැඟවී සිටින සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු හමුදා පසුගිය සතිය මුළුල්ලේම ගුවන් ප්‍රහාර එල්ල කළේය.
“ගෝලීස් කඳුකරයේ සෝමාලියානු අයි.එස්. සංවිධානයේ කඳවුරකට ගුවන් ප්‍රහාර එල්ල කළා” යැයි ඇමෙරිකා එක්සත් ජනපද අප්‍රිකානු බලඇණිය (ඇෆ්‍රිකොම්) සඳහන් කළේය.
අප්‍රේල් 14 වැනිදා සිට මේ දක්වා කාලයේදී ඇමෙරිකානු හමුදා සෝමාලියාවේ අයි.එස්. ඉලක්ක වෙත සිවුවරක් ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මැයි 9 වැනිදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් සිවුදෙනකු මියගොස් ඇති බව තහවුරු කළ හැකි යැයි එම බලඇණිය සඳහන් කළේය.
මැයි 8 වැනිදා එල්ල කළ ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් 13 දෙනකු මියගිය බව ද එම බලඇණිය පැවැසීය.
අල් කයිඩාව හා සබඳකම් පවත්වන ෂෙබාබ් ත්‍රස්තවාදී සංවිධානය හා සැසඳීමේදී සෝමාලියාවේ සිටින අයි.එස්. සටන්කාමීන්ගේ සංඛ්‍යාව ඉතා සීමිතය.
දැනට සෝමාලියාවේ සිටින විශාලතම අන්තවාදී ඉස්ලාමීය සංවිධානය වනුයේ ෂෙබාබ් සංවිධානය වන අතර 2012 වසරේදී අල් කයිඩා සංවිධානය සමඟ නිල වශයෙන් සබඳතා ඇරඹීය. කෙසේ නමුත් පසුව එහි සාමාජිකයන් 200කට ආසන්න පිරිසක් අයි.එස්. සංවිධානය සමඟ එක්විය.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැලූ බැලූ ඇත ඉස්ලාම් අන්තවාදය... අහෝ මිනිසුන් මරා ස්වර්ගයට යාමට දගලන දැඟලීමක් ..මේ අන්ධ භක්තිකයන්ට කවදා නම් නුවණ පහලවේද...
ඇමරිකාවම හදලා ඇමරිකාවම ගහනවා