(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරිදා ප්රහාරයෙනන් පසු රට තුළ සාමකාමී වාතාවරණයක් පවත්වාගෙන යාමට නම් රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් යුත් ආණ්ඩුව වෙනුවට ඉදිරි ජනාධිපතිවරණය තෙක් භාරකාර ආන්ඩුවක් පිහිටුවාගත යුතු බව ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී අද (12) පැවැසූහ.
එම කාලය තුළ වත්මන් ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත ඉදිරිපත් කිරිම ඇතුළු විවාදයට තුඩුදෙන කිසිවක් නොකළ යුතව ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ.
අතුරලියේ රතන හිමියෝ මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා ජාතික මහා සභාව විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකට රාජගිරිය සඳහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයේදී එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ මෙසේද කීහ.
‘‘පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට තුල කලබලකාරි නොසන්සුන් තත්වයක් ඇතිවෙලා තියෙනවා. ආණ්ඩුව ගතයුතු ක්‍රියාමාර්ග ඒ මොහොත තුල නොගැනිම ඒකට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. ඒ නිසා අපි මේ සම්බන්දයෙන් ජනාදිපතිවරයාට කරුනු කිහිපයක් අවධාරනය කරන්න කැමතියි.
පළමුවෙන්ම මේ ආණ්ඩුව තුළ තිබෙන කලකිරිම සහ අස්ථාවරභාවය තේරුම් අරගෙන යම්කිසි ජාතික මණ්ඩලයක් පත්කරගත යුතුයි. ආගමික නායකයන්ම නෙමෙයි සමහර ක්‍රියාකාරි මන්ත්‍රීවරුන්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ක්‍රියාකාරී මට්ටමේ සංවිධාන සහ පුද්ගලයවන්ගෙන් සැදුම්ලත් අයගෙන් සමන්විත මණ්ඩලයක් පත් කරගෙන ආණ්ඩුව ඒ යටතේ කටයුතු කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා.
මේ ආණ්ඩුව කටයුතු කල යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පවතින ආණ්ඩුවක් හැටියට නෙමෙයි. මේ ආණ්ඩුව කටයුතු කළ යුත්තේ භාරකාර ආණ්ඩුවක් ලෙසයි. ජනාධිපතිවරණය තෙක් අපිට කෙටි කාලයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ස්ථිරවම ඔක්තෝබර් අග වන විට අපිට ජනාධිපතිවරණයක් ලැබෙයි කියලා. ඒ ලැබෙන කෙටි කාලය තුළ මේ ආණ්ඩුව විවාදයට තුඩුදෙන කිසිවක් නොකළ යුතුයි. මොකද ඒකෙන් රට විශාල වශයෙන් නොසන්සුන් වෙන්න පුළුවන්.
උදාහරණයක් විදියට ප්‍රති ත්‍රස්ත පනත ගන්න පුලූවන්. මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය දැනටමත් පලකරලා තියෙනවා. අපිට හඟෙන පරිදි මේ වගේ පනතක් අපේ වර්තමාන තත්වයට විසදුමක් නෙමෙයි. ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන්න හැකියාව තියෙනවා.

( චතුර එස් කොඩිකාර - ඡායාරූප )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා !! ඇයි ආණ්ඩුව විතරක්. කෙලින්ම ජනාධිපති මැතිවරණයම තියමුකෝ.
ජාතික ආණ්ඩුවකට සහයෝගය දිය යුතුයි. රජයට එක්වී නිවැරදි මාර්ගයට රට ගෙන එන්න..
අනේ කියන තැනකට වඳින්නම්.. ඡන්දයක් දෙන්න යහපාලනය කියලා උඩ දාගෙන කෑ ගහලා ඔබ වහන්සේලා ගෙනා අාණ්ඩුව දැන් යම පාලනය වෙලා.. භාරකාර අාණ්ඩු එපා... කැමති නම් අාරක්ෂක හමුදාවන්ට ඡන්දය තියෙන කම් පාලනය බාර දෙන්න.. අපිම තොරා ගන්නම් ඊළඟ රජයේ නායකයා කවුද..? ඉන්න ඕනෑ කවුද.. කට්ටිය කියලා..
මේ දවස්වල කැස්ස වසංගතේ ආපහු ඇවිල්ලා වගේ.
අපේ හාමුදුරුවනේ, සමාවෙන්න මෙය කියනවට.. මුලින්ම කළයුතු දේ නම් දහනම වැනි (19) ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයේම වහාම අවලංගු කර රට යථාතත්වයට පත් කළයුතුයි...
අපි දන්නවනේ මෙයා.. මෙච්චරකල් කරපු දේවල් .. ! කිසිම දෙයක් වෙනස් නොවිය යුතුයි... තියන ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත යුතුයි..! රතන හාමුදුරුවෝ ආපසු පන්සලට වැඩිය යුතුයි ..!!! පාර්ලිමන්තුවට නැවත නොවැඩිය යුතුයි ..!!!
අපි එහෙනම් එහෙම කරමු. හැබැයි ඔබ වහන්සේ එල්.ටී.ටී.ඊ. එක නැතිකරා කියලා කිව්වනේ.. ඒ විදියට මේකත් ඉවර කරන්න බැරිද?
ඔය ආණ්ඩු කිරීම භාර දෙන්නේ කාටද? නිදහසින් පසු ඉතිහාසය පුරාවටම ඔප්පු කර ඇත්තේ ලාංකිකයින් හට කිසිදිනක තමන්ගේ කටයුතු පාලනය කරගත නොහැකි ජාතියක් වන අතර, ඔවුන් සැමවිටම තව කෙනෙක් මගින් පාලනය කල යුතු ජාතියක් බවකි. වර්තමාන තත්වය යටතේ රටට හිතකර යම් සිවිල් පාලනයක් ගෙන ගිය හැක්කේ සුද්දන්ට බැවින්, සුද්දන්ට පැමිණ නැවත රට පාලනය කරන මෙන් ඉල්ලා සිටීම වඩා යෝග්‍ය බව මගේ අදහසයි.
අනෙකුත් පූජකතුමන්ට ආදර්ශයක් වෙන්න අතුරලියේ රතන හිමියෝ දේශපාලනයෙන් සමුගත්තොත් හොඳයි. මං ඉගෙනගත්ත දේ හරිනම් දේශපාලනය උගන්වන්නේ සහ කරන්නේ බමුණෝය. එක කතාවක දැක්ක ඉන්දියාව තරහ කරගන්න හොඳ නැහැ කියලා කියනවා. කවුරුවත් තරහ කර ගත යුතු නැත. බයද විය යුතු නැත. තරහ කරගන්න හොඳ නැහැ කියලා කියන්නේ යම්කිසි බයක් හෝ ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන්. නමුත් ඉන්දියාවේ බළල් අත නිසා ලංකාව අනිසි ලෙස පීඩා විඳිනවා. හරියට නිකන් හැමදේකටම ඉන්දියාවේ අවසරය අවශ්‍යයි වගේ. රටේ නීතිය නියමාකාරව ක්‍රියාකළොත් එකඑක සංගම් වල යෝජනා අවශ්‍ය නැත. ලංකාවේ මිනිසුන්ව විඩාවට පත්කරන සංගම් වැඩියි. මිනිසුන් සංගම්වලට හිත යොදවනවා කියන්නේ තමන් කරන වැඩේ හරියට නොකර වෙනවෙන වැඩවලට හිත යොදවනවා කියන එකයි. ඒ කියන්නේ ලංකාවේ මිනිසුන්ට ප්‍රශ්නයක් නැත.
දැන් කරපු හරිය ඇතියි කියලයි අපිට හිතෙන්නේ... දැන්වත් අහිංසක ජනතාවට පාඩුවේ.. සැනසිල්ලේ ජීවත් වෙන්න ඉඩ දීලා, ආපසු පන්සලට වැඩම කරන්න. ඔබ වහන්සේට පින්...
දෙපත් කන අයෙක් වැජඹෙන්න බලයට මුක්කු ගහන බෞද්ධ නොවන අයට මොනවත් දෙන්න එපා...
තමුන්ටත් මෙතන තියෙන ප්‍රධාන ප්රශ්නය වෙන සිරිසේන විවේචනය කරන්න ශක්තියක් නෑ වගේ නේද? සරත් ෆොන්සේකාට වගකීම බාරදෙන එක මගහරින්නේ සිරිසේනම නේද?
කියලා තියෙන ටිකෙන් හිතාගන්න පුළුවන් මොලේ කොහෙද තියෙන්නේ කියලා. රටේ ආරක්ෂාව භාරව ඉන්නේ ආරක්ෂක ඇමැති. හොඳම දේ ජනාධිපතිවරණය කැඳවන එකනේ... මොකද ජනාධිපතිට හෙට වුණත් කැඳවන්න පුලුවන් කිසිම බාධකයක් නෑ. ඉල්ලා අස්වෙන්න ඕනත් නෑ රනිල් නායකයා වෙන්නෙත් නෑ. ඊට පස්සේ පාර්ලිමේන්තුවත් විසුරුවාගන්න ලේසියි...
රට කාලා තවත් යෝජනා ගේනවා.
ඔබතුමාලගේ ලණු එකපාරක් කාලා තමයි සිරි ලංකාවට මෙහෙම දෙයක් වුනේ... අනේ හාමුදුරුවනේ, ලාංකිකයින්ට ඒ බව අමතක වෙනකල් පොඩ්ඩක් වහන් වෙලා ඉඳලා ඊළඟ ඡන්දෙ කාලෙට ආයෙත් අලුත් කතාවක් කියාගෙන එන්න.
හාමුදුරුවොත් බොර දයේ මාළු බාන්න වගේ යන්නේ. අනේ හාමුදුරුවනේ අපේ ආගමට නිගා නොකර පැත්ත කට වෙනවනම් හොදයි. කාදිනල් තුමගේන්වත් ඉගෙන ගන්න.
මොවුන්ගේ එකම අරමුණ ආණ්ඩුව පෙරළීමයි...............
අනේ වැඩක් නැති දේවල් කතා කරන්න එපා හාමුදුරුවනේ . ඔබලාගේ එකම අරමුණ ආණ්ඩුව පෙරලීම නේද? දැන් තිබෙන ප්රශ්නය විසඳ ගන්න බලමු ඉස්සේල්ලා.