(විනීතා එම් ගමගේ)
මිනුවන්ගොඩ හරහා දිවුලපිටිය දක්වා ගමන් කරද්දී පාරේ පැවැති මාර්ග තදබදය කුමක්දැයි බැලීමට වාහනයෙන් බැස ගිය බවත්, කලබලය පිටුපස තමන් සිටින බව දක්වමින් ඒ අතරතුර ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය හා ඇතැම් වෙබ් අඩවිවල පළ කර ඇති බවත් පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා පැවැසීය.
වාහන තදබදය කුමක්දැයි බලන්නට තමන් ඇතුළු පිරිස වාහනයෙන් බැස ඉදිරියට ගිය බවත් එහිදී කලබලයක් ඇති බැවින් ඉදිරියට නොයන්නැයි පොලිසිය තමන්ට පැවසූ බවත් ඒනිසා ආපසු පැමිණ වෙනත් මාර්ගවලින් දිවුලපිටියට ගිය බවත් අරවින්ද මහතා කීය.
ප්‍රහාරයකට යන්නේ නම් යන විදියක් ඇති බවත් තමන් ආයුධ රැගෙන එවැනි ගමනක් නොගිය බැව් මාධ්‍යවල පළවී ඇති ඡායාරූපවලින් පෙනීයන බවත් පැවසූ අරවින්ද මහතා සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින බව සැබෑවක් වුවත් එවැනි විටෙක පිටුපසින් හිඳ කටයුතු කරන්නේ නැති බව මේ මඩ ව්‍යාපාර ගෙන යන සියලුදෙනාට කිවයුතු බවත් සඳහන් කළේය.
මේ මඩ ව්‍යාපාරයේ තමන් හදුන්වා ඇත්තේ කුලියාපිටිය ප්රහාරයන්හි මහා මොළකරු ලෙසින් යැයි ද එම ස්ථානය කුලියාපිටිය නොව මිනුවන්ගොඩ බව මඩ ප්රචාරකයින් දැන සිට නැතැයි ද කියා සිටියේය.
ඔවුන්ට උවමනා කරන ගැටුම නිර්මාණය කරන්නට මේ රටේ ගෞරවණීය මිනිසුන් සූදානම් නොමැති බැවින් මේ මංගල මඩ ප්‍රහාරය කිසිසේත්ම සාර්ථක වී නැතැයි ද සදහන් කළේය.
කිසිදු ගැටුමකට හවුල් නොවන්නැයි සිංහල බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර ඒවා ඉලක්ක කරගනිමින් එල්ල කරන මඩ ප්‍රහාර හෙළා දකින් බව හෙතෙම තව දුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනදාටත් එහෙම කරනවා. ඉස්කෝල ළඟ, මංසන්ධි ළඟ, බ්ලොක් වෙන හැටි බලබලා මෙයා ඉන්නවා... අපිත් දැකලා තියෙනවා.
හොරාට ඉස්සර වෙලා කෙහෙල් කැන වැට පැනලා... රට කන නඩය. මුලින්ම මොවුන්ව අල්ලලා හිරයට දාන්න ඕනෑ... රට සාමකාමී කරන්න නම්...
මාර්ග තදබදය බලන්න තමන් ඇතුලු පිරිස වාහනයෙන් බැස ඉදිරියට ගිය බවත්, ආයුධ නොමැතිව සිටි බවත් කියනවා. අායුධ වාහනයේ තියෙන්න ඇති. නැතත් මෙහෙයවන්නා අණදෙනවා මිස ආයුධ පාවිච්චි කරන්නේ නැහැනේ. කිතුල් ගහට ගිය මිහිහෙකුත් කිව්වලු හරකුන්ට දෙන්න තණකොල කපන්න ගියා කියලා..
ආණ්ඩුවට කඩේයන බත්බැලයෝ මෙවන් මඩ ප්‍රචාර ගෙනියන්න ආණ්ඩුව අතින් වුණු වැරැද්ද වහන්න අහිංසක මිනිසුන් සියගණනක් බිලිවෙලත් බත්කන හරක් තවමත් කඩේයනවා මේ ආණ්ඩුවට...
එතකොට කටුවාපිටිය පල්ලියේ බෝම්බ පිපිරුණාට පස්සේ පොලිසියේ තරුතියෙන ලොක්කෙකුත් එක්ක ඇවිත් රඟපෑවේ මොකටද? ගමේ අපිට පල්ලිය ඇතුළට යන්න දුන්නේ නැහැ... බොරදියේ මාළු බානවා...
මෙන්න බොලේ නවතම ජාතික වීරයෙක්...
අපිත් හිතුවා ඔය වගේ දෙයක් තමයි වෙන්න ඇත්තේ කියලා. ඒ වුනාට අර රැස්වීම් වගයක් එහෙම තිබ්බේ මොකටද කියලා තමයි හිතාගන්න අමාරු... අනිත් දෙන්නත් දැන් කියන්නේ " නිකන් මේ පාරේ ඇවිදිමින් හිටියා. ඒ පාරෙම අපේ කරුමෙට කඩවල් වගයක් ගිනිතියලා " කියලනේ...
මෙයා බබා. වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා වසර 10කට නොඅඩු කාලයකට සිර දඬුවම් ලබාදිය යුතුයි. නොඑසේ නම් මොවුන් තව දුරටත් ජාතිවාදී ගිනිදැල් අවුලවනු ඇත.
හා බං එල එල... !!!
මේවගේ හාදයෙකුගේ ගමන් බිමන් හොයන්නේ මොකටද?
ඔබ ගැන සිංහල අපිට කිසිම ප්‍රශ්නයක් නොමැත.
කිතුල් ගහට රා බොන්න නැග්ග මිනිහත් මේ වගේ කතාවක් කියලා තියෙනවා.
මුන් ඔක්කොම හිතාගෙන ඉන්නේ අපි ගොන්නු කියලා වෙන්න ඇති.
කිතුලට ගිය එකාටත් කියන්න දෙයක් තිබුනලුනේ..!
කොහොමත් ලකුණු නම් වැටෙන්නේ නෑ. කුණු බිත්තර තමයි.
කිසිඳු ගැටුමකට හවුල් නොවන්නැයි සිංහල බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර ඩප්පි මුගුරු සහ අරක්කු රැගෙන පාරට බහින්න කියලා මහතුන්ට ආරාධනා කරමි !
අනේ.. කෝ උඹ මොනවද රටට කරලා තියෙන්නේ...? රට ගිනි තියන එකම තමයි කරන්නේ. පුදුමය නම් මේ වෙලාවේම මිනුවන්ගොඩට ගිය එක. දැන් සියල්ල ඉතා පැහැදිලියි.
ගෙදර යන ගමන් තලගොයින් ටිකත් දඩයම් කරගෙනම යන්න හිතුණා...!
කිතුල් ගහට නැග්ගේ තණකොල කපන්නයි.
ෂා !!! අපි බලාපොරොත්තු වුනේ ශාරීරික අවශ්‍යතාවයකට වාහනෙන් බැස්ස යැයි කියයි කියලා. දැන්නේ දන්නේ ට්‍රැෆික් පොලිස් වැඩෙත් මෙයා කරනවා කියලා...
මදුමාධව අරවින්ද කියන්නේ මේ රටේ ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න බුද්ධියක් ඇති, ජනපති පුටුවට වුනත් සුදුසු නායකයෙක්... හොඳයි නැද්ද?
තණ කොළ ඩිංගක් කපන්න. හිතුණා ගහ උඩට යන්න තණ කොළ නැහැ ගහ මුදුනේ .....ඒකයි බිමට බනින්නේ ආයුද කොහිද මගේ ලඟ .... කැමරාවනේ අල්ලන් ඉන්නේ.....එහෙම කලත් නිදහසටත් කියන්න. කරුණු. තියෙනවා. ,,,
ඔය ගොම්මන්පිලේ එවුන්ට කොහොමටත් හරියට තදබදේ තියනවා!
කිතූල් ගසට නැග්ගේ තණකොළ කපන්න.
තොත්ත බබා . කොහෙද ගියේ .අපිව අන්ධන්න!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මෙයා දැං වැඩ කරන්නේ එ්කේ බව අපි දැන්නේ දන්නේ... අනේ පිනෝ මේ රට බල පෙරේතකම්වලට අවුලන්නේ නැතිව මේ වෙලාවේ පැත්තකට වෙලා ඉන්න. ගොන් මිනිස්සු දෙතුන් දෙනෙක් ඇවුලුණාට මේ රටේ බහුතරය නුඹලාට අහුවෙන්නේ නෑ. අපිට තවත් යුද්ධයක් ඕනේ නෑ. අපිට ඕන අපේ රට සංවර්ධනය කරගන්න විතරයි. තුක් නොදකින් මොකට උපන් අයද මන්දා...
ඔයා බබා, මඩ ගා ගන්න තව තැන් ඉතිරි වෙලා තියේද ඔයාට...
වැසිකිලි, කැසිකිලි යන්න එහෙම නෙමෙයිනේ...