IMG-LOGO

සහරාන්ගේ බිරිඳ - දියණිය සීඅයිඩීයට

(ඉන්දිකා රාමනායක)
 
තවුහීත් ජමාත් සංවිධානයේ  නායක සහ මෙන්ම ෂැංගි‍්‍රලා හෝටලයේ බෝම්බකරුවකු වන මොහොමඩ් සහරාන් හසීම් නැමැත්තාගේ බිරිඳ  වන අබ්දුල් කාදර්  ෆාතිමා කාදර් නැමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඔවුන්ගේ සිව් හැවිරිදි දියණියට ද බාරකරුවකු නොමැතිකමින් මව  බාරයේ  සිටින බවද  රුවන් ගුණසේකර මහතා කීවේය.

ඉකුත් (26) දින  කාත්කත්කුඩි  සයින්දමරුදු ප‍්‍රදේශයේ නිවසක් තුළ අන්තවාදීන් පිරිසක් බෝම්බ පුපුරවා ගැනීමෙන් පසු  ඇය සහ දියණිය බරපතල තුවාල ලබා සිටියදී යුද හමුදාව විසින් බේරාගෙන  අම්පාර මුලික රෝහලට ඇතුළත් කර තිබුණි.

අම්පාර රෝහලින්   ඇය  මීට දින කිහිපයකට පෙර   කොළඹ ජාතික රෝහල වෙත මාරුකර  එහි ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශවරයා කියා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  බාරයේ  සිටින  ඇය අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු  කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

අපේ‍්‍රල් 21 දින  සිදුවු ප‍්‍රහාර මාලාවෙන්   පසු  අද (15) වන විට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සහ සැකකාරියන් 85 දෙනෙකු  අත්අඩංගුවට ගෙන  රඳවා සිටින බව රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මින් 65 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ද,  තවත් 20දෙනෙකු  ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය බාරයේ ද සිටින බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම පිරිස අතරින් 10 දෙනෙකු සැකකාරියන්  බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.



අදහස් (3)

සහරාන්ගේ බිරිඳ - දියණිය සීඅයිඩීයට

chandima Wednesday, 15 May 2019 04:13 PM

විජේවීර මහත්මිය සහ එම දරුවන් මේ දක්වා කඳවුරක රඳවා තැබුවා නම්, මේ දෙදෙනාටත් එම ආකාරයටම දඬුවම් පැමිණවිය යුතුයි. යාලු නිලමේලගේ ඉල්ලීම මත ගෙදර යවන්න එහෙම එපා අර තඹ කර්මාන්තශාලාවේ කට්ටිය ගෙදර යැව්වා වගේ...

:       0       0

helaya Wednesday, 15 May 2019 05:40 PM

මේ දෙදෙනාම අරලිය ගහ මන්දිරයට සහ පජට් පාරේ මාලිගාවට යවන්න ජනතා පැතුම එයයි..

:       0       0

Adiri Thursday, 16 May 2019 09:44 AM

විජේවීරගේ පවුල වගේ හොඳට සැපට බලා ගනී ? මිනිස්සු තාම විඳවනවා

:       83       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 238 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site