(දීපාල් ද සිල්වා)
මෙවර ජාතික වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව තෙල්වත්ත රත්පත් රජමහා විහාරස්ථානයේදී හෙට (17) ආරම්භ කිරීමට සියලු කටයුතු සංවිධානය කර අවසන් බව බුද්ධ ශාසන ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද (16) පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ තෙල්වත්ත රත්පත් රජමහා විහාරයේ පැවැති උත්සව සංවිධාන කමිටු රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුවය.
මෙම රැස්වීමට ගයන්ත කරුනාතිලක, වජිර අබේවර්ධන යන ඇමතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
ජාතික වෙසක් උත්සවය 17 සහ 18 යන දෙදින තුළ පැවැත්වෙන බවත් මෙම දිනවල පැමිණෙන ජනතාවට අවශ්‍යකරන පහසුකම් හා ආරක්ෂාව සපයා ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමදාස විදානපතිරණ මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙසක් උත්සව දේශපාලකයන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනවයි කියන්නේ නැතිව ගමේ ඉන්න දායක සභාවේ ප්‍රධානත්වයෙන් පවත්වනවායි කිව්වොත් නරකද?
අර ප්‍රධාන ආරාධිතයා නැතිව සැමරුවා නම් තමයි ගොඩක් වටින්නේ...
රටට, ජාතියට ආදරේ අය ඉන්නවා නම් ඔය සැමරුම පැත්ත පළාතේ යන්න එපා...
වෙසක් වගේ උතුම් උත්සවයක් සමරන්න මොකටද ආත්මාර්ථකාමී බලලෝභී දේශපාලකයන් මුල් කරගන්නේ? ඊට වඩා හොඳ නැද්ද සර්වාගමික නායකයන් මුල් කරගත්තා නම්..?
ඉස්ලාමීය ත්රස්තවාදීන් නොවේ... පරෙස්සම් වන්න පිස්සන්ගෙන්. සෙනඟ ඉන්න තැනකට රතිඤ්ඤා කරලක්වත් දැම්මොත් විනාශයක්.