(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අයිඑස් ත්‍රස්තයින්ට විරෝධය පළ කරමින් පුත්තලම මුස්ලිම්වරු 1000 ක් වීදි පුරා සංචාරය කර අයිඑස් ත්‍රස්තයින් විනාශ වන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා පුත්තලම කලපු තීරයේ දැවැන්ත රැස්වීමක් පැවැත්වූහ.
පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස් මහතා සහ පුත්තලම ප්‍රධාන මුස්ලිම් දේවස්ථාන ඇතුළු මුස්ලිම් දේවස්ථාන ගණනාවක මුස්ලිම් ජාතිකයින් මේ සඳහා එක්ව තිබිණි.
අද (17) දහවල් ජුම්මා දේව මෙහෙයෙන් පසුව පාගමනින් කලපු තීරයට පැමිණ මුස්ලිම් ජාතිකයෝ පැය දෙකකට ආසන්න කාලයක් දැවැන්ත රැස්වීමක් පවත්වා අයි එස් ත්‍රස්තයින්ට දැඩි ලෙස විරෝධය පෑහ.
වසර 30 ක යුද්ධයෙන් බැට කෑ රට නැවත වනසන්නට කටයුතු කිරීම ගැන මුස්ලිම් ජාතිකයින් ලෙස අයිඑස් ත්‍රස්තයින්ට ශාප කරන බවද ඔවුහු පැවසූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැකලාවත් අර අහවලා හරි මගට එනවා නම් හොඳයි. මොකද මිනිහා රාජ්‍ය අනුග්‍රහයෙන් වැජඹෙනවා නොවැ. එකක් කියන්නම් මිනිහට මොන ආණ්ඩුව ආවත් මොකක්වත් වෙන්නේ නැහැ... හෙට මැතිවරණයක් තියලා, විරුද්ධ පක්ෂයට ආසන අඩු වුනොත් මිනිහව අරගෙන ඔය ඊනියා දේශප්‍රේමින් ආණ්ඩුවක් හදන්නේ නැතිද?
ඔය ගමන්ම අර අැමතියාවත් එලවන්න කිව්වා නම් තමයි වටින්නේ. නැතිව ඔහුට සහායට නම් ඕක කෙරුවේ වැඩක් නැත...
හොඳ ප්‍රවණතාවයක්. මෙවන් සාමකාමී ජනතා මැදිහත් වීමක් වගකීම් විරහිත පාලකයන්ට එරෙහිවත් අවශ්‍යයි. සියලුම ශ්‍රී ලාංකිකයන් එකාමෙන් අත්වැල් බැඳගත යුතුය.
බොහොම හොදඊ පුත්තලම් වාසි ප්‍රිය මුස්ලිම් හිතවතුනි. රටේ අනෙක් ප්‍රදේශවල මුස්ලිම් සහෝදරවරුන්ටත් මෙවන් අදහස් පහල වේවා!
මුස්ලිම් සහෝදරවරුනි. ඔය කියන අයි.එස්.අයි.එස්. ත්රස්තයෝ ගැන ඔබලා හොඳින් දන්නවා. ඔවුන්ගේ හැසිරීම්වලින් ඒ බව සොයාගත හැක. කරුණාකර ළඟම ඇති ආරක්ෂක කඳවුර වෙත ඒ අය ගැන දැනුම්දෙන්න. ඔවුන්ගේ රාජකාරිය නිසිලෙස ඉටුකිරීමට ආධාර දෙන්න. ඔබලා ඔවුන්ට විරුද්ධව කරන විරෝධතාවලට වුවද ඔවුන් ප්‍රහාර එල්ල කර කලබල ඇතිකළ හැකිය. තම තමන්ගේ ඇදහීම් වලින් පසුව ගෙවල්වලට ගොස් ආරක්ෂක අංශ වෙත සහයෝගය දක්වන්න...
මෙච්චර කල් කොහෙද හිටියේ මේ ගොල්ලෝ? මේ තොත්ත බබාලා මිට කලින් ISIS ත්රස්තවාදීන් ලංකාවේ ඉන්නවා කියලා දැනගෙන හිටියේම නැද්ද..?
එතකොට අර විල්පත්තුවේ කැලේ කපලා පදිංචි කරපු කට්ටිය කෝ? එයාලත් පෙළපාලියට ආවද?
මෙලෙස විරෝධය පෑම පමණක් ප්‍රමාණවත් නොවේ. ලංකාව අරාබියාවක් කරන්න දඟලන මුස්ලිම් දේශපාලකයින්ටත් ගෝත්‍රික අදහස් ඇති, සාම්ප්‍රදායෙන් පිටපැන්න මුස්ලිම් අයට විරුද්ධවත් සියළුම මුස්ලිම් ජනතාව, පාරට බැස, අනිකුත් ජාතීන්ගේ සිත්දිනා ගන්න කටයුතු කළයුතුයි...
ෂුවර් එකට මේක පිටිපස්සේ ලංකාවේ ISIS නියෝජිත සහ ඔයපැත්ත නියෝජනය කරන ඇමති ඇති. උඩින් ඔපෙ යටින් බෙනේ. කොහොම විශ්වාස කරන්නද? මොකද කතාවෙන් සහ ක්‍රියාවෙන් බහුතරයක් ගල් ආඳෝ. ඔය අතිසූක්ෂම කපටිකම සහ මර්සිය එන්නේ ජානවලින්මයි.
ප්‍රමාද වැඩියි... !!!
කපන්න බැරි අත සිඹිනවද?
අපි විරෝධය පාන්න ගියොත් ඥානසාර හිමිට, අමිත් වීරසිංහට කරපු දේමයි වෙන්නේ... ඔය උද්ඝෝෂණකරුවන්ට මතක් කළ යුතුයි, අවුරුදු ගාණක් හිමියන් සහ ඔහු රටට වෙන්න යන විනාශය කියපු නිසා මුස්ලිම් ඡන්දවලට ඔවුන් හිර ගෙවල්වලට කොටු කෙරුවා.
මෙහෙම කරපු දේ හොඳයි. හැබැයි දැනට මුස්ලිම් ජනතාව කරලා තියෙන දේවල්වලින් අනෙක් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය නැතිවෙලා. මොකද අපි දැක්කා රූපවාහිනිය ඉස්සරහ ඇවිත් ශෝකවෙනවා උදේට හවස අායුධත් එක්ක අහුවෙනවා. වැඩියෙන්ම කදුළු හැලුවේ ත්රස්තවාදීන්ට වැඩියෙන්ම උදව් කරපු අය. ඉතින් ඒ විශ්වාසය දිනාගන්න නම් තියෙන හොඳම දෙය තමයි, ත්රස්තවාදීන්ට උදව් කරපු හෝ ඔවුන්ව රැකගන්න ඉදිරිපත් වූ කිසිම දේශපාලකයෙක්ට මුස්ලිම්වරු ඡන්දය නොදී සිටීම... ඒ වගේම අනෙක් ජාතීන් ගැන වෛරය ඇතිවෙන කතා කියපු... විශේෂයෙන් ත්රස්තවාදීන් නිදහස් කරන්න කියලා හමුදාපතිට බලපෑම් කරපු ඒ දේශපාලකයාට ඡන්දය නොදී සිටීම. එහෙම කරලා, ඉමිතියාස් බාකීර් මාකර් වගේ නියම ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් නැවත පාර්ලිමේන්තු එවීමයි...
මුස්ලිම් ජාතිය වනසන මුස්ලිම් සමහර නායකයින් ගැන මුස්ලිම්වරුම බලාගන්න. එසේ යම් දෙයක් දුටු වහාම රජය දැනුවත් කරන්න. එය ඔබ සියපු දෙනාගේම යහපතකි.
නාට්‍ය හා රංග කලාව පහන්
අන්තවාදි මුස්ලිම් සැමට ඔබේ විරෝධය පා ඉදිරියට එන්න. අවංකව අපේ හමුදාව ඔබව ආරක්ෂා කර ගන්නවා. සියලුම අන්තවාදීන් මේ රටින් තුරන් කල යුතු කාලය ඇවිල්ලා...
පුත්තලම දේසපාලන මහත්වරුනි, පුත්තලමේ ජීවත් වෙමින් ඡන්දෙ කාලෙට බස් වලින් මන්නාරමට රැගෙන ගොස් ඡන්දය දමන එක නතර කරන්න පුත්තලමේ පහසුකම් විඳිමින් මන්නාරමට ඡන්දෙට යන මේ කාණ්ඩය මන්නාරමටම යවන්න. නැතිනම් ඡන්දය පුත්තලමේ දාන්නා කටයුතු කරන්න.
ඔය විරෝධතා පුවරු එකකවත් තිබුණද? රිෂාඩ් බදියුදීන් එපා කියලා, එයා තමයි ප්‍රශ්නෙට මුල...
ඇත්ත වශයෙන්ම මුස්ලිම් ජනතාවගෙන් සීයට අනුනමයි දසම නමයක්ම සාමකාමී අහිංසක අය බව අප නොදන්නවා නොවෙයි. ප්රශ්නය වන්නේ මේ අහිංසකයන් ත්රස්තවාදීන්ගේ ක්‍රියාවන් සිදුවන බව හා ඒ සදහා මුස්ලිම් දේශපාලකයන් උදවු කරනබව දැනගෙනත් මුනිවත රැකීමයි. ඔවුන් මුලදීම මේ බව ආරක්ෂක අංශ දැනුවත් කලේනම් සිදු වූ ව්‍යසනය අවම කරගැනීමට හැකියාව තිබුණි.
හැමදේටම වැරදි හොයන්න යන්නේ නැතුව, හොඳ දෙයට ප්‍රශංසා කළයුතුයි. අපේ ඊළඟ පියවර පාර්ලිමේන්තුවේ ඉන්න හොර, සහ අනෙකුත් කාලකන්නි මැති ඇමැතිවරුන් පන්නා දැමීමයි.
සත පහකට විශ්වාස කරන්න බැහැ මොවුන්ව. පරිස්සමින්.. . . . .
මේ ගොල්ලෝ දැන් මොකක්ද? ඇදන් එන්නේ....
මේ විරෝදතා ගැන දෙවරක් හිතන්න මේ කරන්නේ තමන්ට අහිමි වේගන යන අනෙක් ජනයාගේ විශ්වාසය ගොඩ නගා ගැනීම සදහා කරන නාටකයක් පමණයි.