(ඉන්දිකා රාමනායක)
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධියෙන් පසු යුද හමුදාව දෙහිවල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තමාගෙන් අවස්ථා දෙකකදී කරුණු විමසා උදව්වක් ඉල්ලු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද (16) කොළඹ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා තමන්ගෙන් ඉල්ලා සිටියේ උදව්වක් නමුත් කිසිවකුට එය බලපෑමක් ලෙස අර්ථකතනය කළ හැකි බවද එහිදී හමුදාපතිවරයා කීය.
එහිදී මාධ්‍යවේදීන් ඇසු ප‍්‍රශ්න හා ඊට යුද හමුදාපතිවරයා ලබා දුන් පිළිතුරු මෙසේය.
ප‍්‍රශ්නය - රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා සැකකරුවකු නිදහස් කරන ලෙසට ඔබට බලපෑම් කළ බවක් එක්තරා පුවත්පතක සඳහන් වුණා. එහි සත්‍යතාවයක් තිබේ ද?
පිළිතුර - ඇමැතිවරයා මට දුරකතනයෙන් කතා කළා. කිසියම් පුද්ගලයකුගේ නමක් කිව්වා. ඒ පුද්ගලයාගේ සම්බන්ධතා ගැනත් කිව්වා. මට කුමක් කළ හැකිදැයි මගෙන් ඇහැව්වා.
ප‍්‍රශ්නය - සැකකරු නිදහස් කරන ලෙසට ඔබට බලපෑම් කළාද?
පිළිතුර - මුල් දුරකතන ඇමතුමේ දී මම කිව්වා හොයලා බලන්නම් කියලා.
දෙවන දුරකතන ඇමැතුම දෙන විටත් මට හොයලා බලන්න වෙලාවක් තිබුණේ නැහැ. තුන්වෙනි දුරකතන ඇමැතුමේ දී මම කිව්වා මට තව අවුරුදු එක හමාරකින් කතා කරන්න එතකොට මම උත්තරයක් දෙන්නම් කියලා.
ප‍්‍රශ්නය - ඇමැතිවරයා කිව්වේ කුමන සැකකරු ගැන ද?
පිළිතුර - මොහොමඩ් වගේ නම් ගොඩක් තිබ්බානේ. මට හරියට මතක නැහැ. ඔයාට ඕනේනම් මම පස්සේ නම හොයලා දෙන්නම්. හැබැයි මට එකක් මතකයි. දෙහිවලින් අත්අඩංගුවට ගත්ත සැකකරුවෙක් කියලා. මට තියන බලතල අනුව එවැනි සැකකරුවෙක් අවුරුදු එකහමාරක් තියාගන්න පුළුවන්.
එහිදී හමුදාපතිවරයා තවදුරටත් කියා සිටියේ අප්‍රේල් 21 දින සිට හමුදාව මේ දක්වා විශේෂයෙන් කටයුතු කළ බවත් 13-14 යන දින දෙක තුළ සිදුවු සිද්ධි මාලාව වෙනත් මගකට යොමුවීමක් බවයි.
රටේ උත්ගත ව තිබූ තත්ත්වය හමුවේ ආරක්ෂාව සඳහා යොදවා සිටි හමුදා සාමාජියන්ගෙන් වැඩි පිරිසක් 13-14 දින තුළ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුවූ ප‍්‍රදේශ වෙත කැඳවීමට සිදු වූ බවත් මේ තත්ත්වය පාලනය කිරීම සඳහා එහිදී හමුදාව කටයුතු කළේ අවම බලයකින් බවත් හෙතෙම කියා සිටියේය.
ප‍්‍රචණ්ඩකි‍්‍රයා නැවැත්වීම සඳහා හමුදාව යෙදවූයේ අවම බලයෙන් බවත් එය පාලනය නොවුනේනම් උපරිම බලයද යෙදවීමට හමුදාවට බලය තිබෙන බවත් හමුදාපතිවරයා කීය.
හමුදාව හැම විටම උත්සහ ගන්නේ මේ තත්ත්වය අවම බලයක් යටතේ පාලන කිරීමට බවද හමුදාපතිවරයා සඳහන් කළේය.
රට දැන් සාමාකාමී බවත් රටේ ජනතාවට ත්‍රිවිධ හමුදාව කෙරෙහි විශ්වාසය තබන ලෙසට ඉල්ලීමක් කළ හමුදාපතිවරයා යළිත් මේ ආකාරයේ අන්තවාදී ප‍්‍රහාරයක් සිදු නොවන අකාරයට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අවශ්‍ය උපරිම ක්‍රියා මාර්ග ගෙන ඇති බවද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මොනවද ත්‍රස්තවාදීන්ව බේරගන්න හමුදාවට මෙහෙම බලපෑම් කරනවා නම්. පොලීසියට කොහොම බලපෑම් කරන්න ඇතිද? මොහුව වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න. විශ්වාස භංගය අනිවාර්යෙන්ම සහය දක්වන්න.. මොහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනකන් රජය ගැන කිසිම විශ්වාසයක් ජනතාවට ඇතිවෙන්නේ නැහැ...
මහේෂ් මහත්තයෝ බොහෝම ප්‍රවේසම් වෙන්න.. මේ දේශපාලකයෝ ඔබතුමාවත් ගෙදර යවන්න පුළුවන්..
මේකම ඇති විශ්වාසභංගයක් ගේන්න. වෙන රටක නම් දැන්මම ඇමතිකම ඉවරයි.
ලංකාවේ දේශපාලනය වැටී ඇති තත්වය කොයිතරම් ශෝචනීයද කියල හිතෙනවා මම හිතන්නේ නෑ. ආසියාවේ කිසිඳු රටක් මේ තරම් අන්ත දූෂිත වෙලා ඇතැයි කියලා වෙනරටක ත්‍රස්තවාදී සැකකරුවෙකු මුදා ගන්නට උත්සාහ කිරීම කෙසේවෙතත් ඒ ගැන ආරක්ෂක අංශයකින් විමසීම පවා තමන්ගේ සියලු තනතුරු අහිමි වී සිරගෙයි තපින්න වෙන එක වැරැද්දක්...
දැන් ඉතින් ඕකටත් උත්තරයක් හොයාගනියි.
උදව් ඉල්ලනවා කියන්නේ එක් එක් අයවලුන්ට සම්බන්ධ නිසා නිදහස් කරදෙන්න කියන එක නේද? එවැනි ඉල්ලීමක් කරන්න වටිනා දෙයක් නෙවෙයි නේද?
අපේ කොල්ලෝ කෙල්ලෝ වැඩිහිටියෝ කරනවා නම් වැඩ හුඟක් දැන් ඔයගොල්ලන්ට තියෙනවා... මෙන්න මේකයි දැන් ට්‍රෙන්ඩ් එක, දේශපාලකයන්ව, පක්‍ෂ දකින දකින තැන ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කරපල්ලා... ඒක සුපිරියි. ඔවුන්ට නැති ඔබලාට තියෙන කොඳුනාරටිය ඒකෙන් ලෝකයක් දකීවි. ඊළඟ පරම්පරාවට ඒක අලුත්ම අත්දැකීමක් වේවි...!!! මේ දේශපාලන මාෆියාව මේ රටින් අතුගා දැමීම කොහෙන් හෝ පටන් ගත යුතුව ඇත...!
ඔබතුමා කෙලින් වැඩකරන්න. මැති, ඇමති, අගමැති, ජනපති දක්වා ඔක්කොම දැන් පදිරිවෙලා ඉන්නේ. ජනතාව විශ්වාස කරන්නේ ආරක්ෂක අංශ ගැන පමණයි. තෙරුවන් සරණයි..!
සත්‍ය පැවසීම ගැන ඔබතුමන්ට ස්තුතියි. තව බලන් සිටිය යුතුද වහා අත්අඩංගුවට ගනු අරන් ත්‍රස්තවාදීන්ට ඇති සම්බන්ධතාවය ගැන ප්‍රශ්න කරන්න. අපිට එක නීතියක් එයාට වෙන නීතියක්ද..?
මේක තමයි රටේ තත්වය මොන අපරාධයක් කරලා හරි දේශපාලකයෙක් ගේ උදව්වෙන් මිනිස්සු බේරෙනවා. දේශපාලකයාගේ අණට කීකරු නොවන නිලධාරියාට දස වද දෙනවා. මිනිස්සු ඔක්කොම එකතුවෙලා දේශපාලකයට තියෙන මේ අනවශ්‍ය බලය විනාශ කලයුතුයි ,ප්‍රතික්ෂේප කලයුතුයි. ඔක්කොම එකතු උනොත් මේක කරන්න පුළුවන්. නැතිනම් මේ රට හදන්න බැහැ
එක්කෙනෙක් දෙන්නෙක් ගේ පුද්ගලික / දේශපාලනික උවමනාවන් මත තරුණයන් සමුහයක් ප්‍රකෝප කාරී වැඩවලට වෙසක් සමයේද පොළඹවා ගත හැකියි . එමනිසා මෙවැනි ක්‍රියා වලට යොමුනොවන ලෙස දෙමාපියන් කරුණාවෙන් ළමයින්ව දැනුවත් කරලා තියන්න
එතකොට අර තුර්කි ත්‍රස්තවාදීන් 50 දෙනක් මෙහෙට අවහම එවුන් ගැන කරන පරීක්ෂණව වලට බලපෑම් කරලා නවත්තපු ඇමති කවුද ?
ඔව් ඉතින් උදව් ඉල්ලන්න ඇත්තේ හා පැටියෙක් , මිමින්නෙක්, ඔලු මුවෙක් වගේ අහිංසක සතෙක්ව බේරලා දෙන්න කියල වෙන්න ඇති.
රිශාර්ඩ් බදූර්දීන් වැරදිකරු බව ඔප්පු වුවහොත් ඔහුට ජනාදිපති හා අගමැති එක්ව ආරක්ශක ලේකම් දූරය ලබාදෙනු ඇත..
උදව් ඉල්ලීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැත. උදව් ලබා දුන්නේද යන්නයි ගැටලුව.
එසේ නම් මන්නාරමේදී හමුදාවෙන් අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දුන් කෙනා නිදහස් වුන හැටි හිතාගන්න පුළුවන්.
ඔය තියෙන්නේ බළලා මල්ලෙන් එලියට පැනලා.
මෙයම ප්‍රමාණවත් මොහු ධූරයෙන් ඉවත් කරන්න
මේ තොරතුරු නොසගවා හෙලිකලාට හමුදාපතිතුමාට ප්‍රණාමය! ඇමතිකමෙන් විතරක් නෙමෙයි පාර්ලිමෙන්තුවෙනුත් පහකල යුතුයි. ජනදිපතිට ඒකට කොන්දක් නැත්නම් පාර්ලිමෙන්තුවේ සියලුදෙනා එකතුවිය යුතුයි මොහුව නෙරපන්න. අපිට දැන් බලාගන්න පුලුවන් කව්ද රට ජාතියට ආදරේ කවුද බලයට මුදලට කෑදර කියලා.
හමුදාපති තුමාගේ හොද පිළිතුරක්.
මේ සාක්ෂියම මදිද මෙම ඇමතිවරයාව සිරගත කරන්න ? විශ්වාසබංග ඕන නැහැ මෙයාට ඕන තරම් චෝදනා තියනවා බලන් යනකොට මේ රටේ උඩින්ම වැජබිලා තියන්නේ මේ ඇමතිවරයා නේ රටේ යුද හමුදාපතිටත් බලපෑම් කරන්න තරම්.
රිෂාඩ් බදුර්දින් ඇමතිවරයා වහාම ඉවත් කළ යුතුයි. පවතින ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විශාල කලකිරීමක් ඇති වීමට ප්‍රධාන හේතුවක් හැටියට රිෂාඩ් බදුර්දින් සැලකිය හැකිය. රිෂාඩ් බදුර්දීන් ගෙදර යැවීමට නොහැකි නම් ආණ්ඩුව වහාම ගෙදර යා යුතුය.
"අදා නැති වලේ කනයා පණ්ඩිතය" කියල හෙළ කියමනක් තියනවනේ ... මෙච්චර විනාශයක් රටට වෙලත් ,මේ උදවිය පරීක්ෂණවලට බාධා කරනවා කියන්නේ , අපිට හිතා ගන්න පුළුවන් අනිත් වැඩ වෙන ආකාරය, කොන්ද පණනැති පාලකයෝ ඉන්නකොට කැද හැලියක් වෙන එක සාධාරණයි.
රිශාර්ඩ් බදූර්දීන්ගේ ආණ්ඩුව වසාගෙන ඉන්න හෙළුව හෙලිකලාට හමුදාපතිතුමාට ප්‍රණාමය!
පටු වාසි තකා ක්‍රියාකරන දුෂිත දේශපාලුවන් සහ නිලධාරීන් බොහොමයක් සිටින මෙවන් වකවානුවක තනතුරේ බලය සහ ගෞරවය ආරක්ෂා කරමින් පෞද්ගලික වාසි ප්‍රයෝජන නොතකා කෙලින් කතා කරන සහ කෙලින් වැඩ කරන කොන්ද පන ඇති ඔබ වැනි නිලධාරීන්ට ජාතියේ නොමද ප්‍රණාමය පුදකළ යුතු අතර අප රටට අභිමානයකි.....
දසවද දෙන්නේ සිංහලයන්ට...!
කොහොමද ඇමතිවරයෙක් තමන්ගේ සම්බන්දයක් තියෙන පුද්ගලයෙක් නිදහස් කරන්ට උදව් ඉල්ලීම ප්‍රශ්නයක් නොවන්නේ? මෙය තදබල වරදක්, ඇමතිවරයෙක් නම් ඇමති කම දැරීමට නුසුදුසු වන වරදක්. උදව්දීම නොදීම වෙනම ම ප්‍රශ්නයක්.
බටහිර රටක නම් ඇමතිකමෙන් අස් කරලා.............
රිෂාඩ් ඇමතිතුමා උදව් ඉල්ලීමේ වැරුද්ද මොකක්ද? එතුමා අපේ රජයේ වැදගත් ඇමතිතුමෙක්නේ...
ත්‍රස්තවාදියෙක් වෙනුවෙන් පෙනී සිටින අය වහාම අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කල යුතුයි .... .
මෙයාලා හැමෝම මාධ්‍ය ඉදිරියේ බයිලා කියනවා. මෙයාලා අවශ්‍ය වුනොත් උපරිම බලය යොදවන්න බලාගෙන ඉන්නෙත් සිංහල අපටම තමයි. ත්‍රස්තවාදී සැකකරුවෙක් වෙනුවෙන් රටේ හමුදාපතිගෙන් "උදව්" ඉල්ලපු එකා මොනතරම් එඩිතර එකෙක් වෙන්න ඕනෙද? මොහුව වහාම අත්අඩංගුවට ගත යුතුයි. නමුත් ඔවුන් දන්නවා එහෙම වෙන්නේ නැහැ කියලා. ජනාධිපතිට අපහාසයක් කල කෙනා නම් දැන් රිමාන්ඩ්...
ඔය කියන විදිහට බලපෑම් කරන්න එනවා නම් පවතින හදිසි නීතිය යටතේ ඔබට පුළුවන්නේ අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න...
හමුදාපති තුමනි, අහුවෙන්න එපා, ඕක තනිකරම කුමන්ත්‍රණයක් මොකද "ඕන ගොනෙකුට යුද්ධ කල හැකියි, අලිමංක සහ පාමංකඩ" පටලව ගත්ත අය තමයි දැන් රට ගෙනියන්නේ.ඉස්සහටද?පස්සටද?