(සුජිත් හේවාජුලිගේ)
සියලුම විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන්ට තවත් රුපියල් 15,000ක දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බව රජයේ ආරංචි මාර්ගවලින් පැවැසේ.
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබ ඇත.
වසර පහක සේවා කාලයක් ඇති සියලු මන්ත්‍රීවරු විශ්‍රාම වැටුපකට හිමිකම් ලබති.
1977 අංක 1 දරන පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත අනුව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමිවන්නේ දැනට සේවය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුපෙන් තුනෙන් එකක් හෝ තුනෙන් දෙකක් සහ ජීවන වියදම් දීමනාව පමණි. විශ්‍රාම වැටුප් පනත අනුව විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට දීමනා ගෙවීමට හැකියාවක් නැතත් මීට පෙර මසකට රුපියල් 10,000ක දීමනාවක් ගෙවා ඇත.
විශ්‍රාම වැටුප් පනත අනුව විශ්‍රාමික මන්ත්‍රීවරයකුට හිමිවිය යුත්තේ රුපියල් 18,500ක විශ්‍රාම වැටුපක් හා ජීවන වියදම් දීමනාව පමණි. ඒ අනුව විශ්‍රාමික මන්ත්‍රීවරයකුට හිමිවිය යුතු මුළු විශ්‍රාම වැටුප රුපියල් 25100කි.
විශ්‍රාම වැටුපට රුපියල් 10,000ක දීමනාවක් මෙයට පෙර එකතු කෙරුණු අතර ඒ අනුව විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ මාසික විශ්‍රාම වැටුප 35,100 දක්වා ඉහළ ගියේය. යෝජනා කර තිබෙන රුපියල් 15,000 දීමනාවට කැබිනට් අනුමැතිය ලැබුණොත් විශ්‍රාමික මන්තීවරුන්ගේ විශ්‍රාම වැටුප රුපියල් 50,120 දක්වා වැඩිවනු ඇත.
මේ වන විට විශ්‍රාම වැටුප් ලබන හිටපු මන්ත්‍රීවරුන් හා මන්ත්‍රී වැන්දඹුවන් සංඛ්‍යාව 454 කි. මේ අනුව මෙම රුපියල් පහළොස් දහසේ දීමනාව අනුමත වුවහොත් ඒ විශ්‍රාමික මන්ත්‍රීවරුන්ට මාසිකව රුපියල් හැට අට ලක්ෂ දස දහසක මුදලක් අමතරව ගෙවීමට සිදුවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු නැටිල්ලෙත් උපරීම තත්ත්වයට ගිහින්. පුද්ගලික අංශයට පඩි වැඩි කරන්න...
හුරේ ...... " හිටපු මෙන්ම දැනට දියවන්නාඔයේ ඉන්න 225 ක් වූ වන්ට " ජය වේවා !!! අහිංසක ලාංකිකයන්ට සියලු දෙවිදෙවතාවන්ගේ පිහිට ලැබේවා!
තවත් රු . 15000.00? මේ මුදලින් බලු කපුටු දානේ දුන්නොත් බල්ලෝ ටික නකුට වනයි කාක්කෝ උදේට උදේට කෑකෝ ගහලා කුද්දයි. අපිට ආරක්ෂාව ලැබෙයි.
මේ අය හිතන්නේ මේ අය ගැන විතරමයි... අපේ මිනිස්සුන්ට මේක තේරුම් ගන්න තරම් බුද්ධියක් නැති නිසා මුන්ට කඩේ ගිහින් දෙපැත්ත බේදිලා මරා ගන්නවා... ඔක්කොම එකතු වෙලා රටේ සල්ලි බෙදා ගන්නවා...
මේක මහා කාලකන්නි රටක් කරලයි පස්ස බලන්නේ.
හෙනම ගහනවා කරන අපරාධවලට. වරෙල්ලකෝ ආයෙමත් ඡන්දෙ ඉල්ලගෙන. විශ්‍රාමික රජයේ සේවකයින් අවුරුදු 20-30 ගණන් වැඩකරලා වැඩ කරල් ගන්න සොච්චම් විරාම වැටුප මැදිවෙලා දුකට පත් වෙලා ඉන්නවා. මේ හොර හැත්ත අවුරුදු 05 ක් වැනි සුළු කාලයක් කල් මරල ලක්ෂ ගණන් විශ්‍රාම වැටුප් ලබනවා. හෙනම ගහනවා.
මහා ජනයාගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට රිංගා ගත් දවසේ සිට සමහර එවුන් කරන්නෙම මහජන විරෝධී වැඩ. ගහන්න පුළුවන් පාගා ගැහිලි, හොර වැඩ, ජාවාරම්, අපරාධ, කොමිස් ගැහිලි, ස්ත්‍රී දූෂණ ආදියන් අඩුපාඩුවක් නැතුව පරපෝෂිතයන් රට කකා ඉඳලා අවුරුදු පහකින් පැන්ෂන් එකකුත් ලබා ගන්නවා. මේ යක්කු ජාතියට බරක්. මුන්ගේ පවුල් නඩත්තු කරන්නත් ඕන අපිද? තුහ්, නොදකින්.හෙන වදින්න ඕන!
මේ උත්සාහ කරන්නේ මිනිස්සු කුපිත කරවන්න කියලා තේරෙන්නේ නැතිද? ඔවුන්ට ඕනෑ සාමාන්‍ය ජනතාවට රිදවලා පාරට ගන්න. ඒ මගින් ජාත්‍යන්තර කුමන්ත්‍රණය සිදුකරන්න. මේ වෙලේ මේක ගැන කතා කළේ ඒ නිසයි.
නුඹලාට සාප වේවි...
එනපොට හරි නෑ, කෙල්ල ගෙට ගනින් කියල , මුන් දන්නවා හෙට අනිද්දා යන්න වෙන විත්තිය , රටට ජාතියට හෙන ගැහැව්වත් , ගෙදර ඉදන් පිනට කන්න තමයි මුන්ගේ අරමුණ.
ඒවා වලට කට්ටියම අත් දෙකයි පුළුවන් නම් කකුල් දෙකත් උස්සයි. විශ්වාස භංගයකට සහාය ඉල්ලුවාම තමයි පක්ෂේ තීරණය කරන්න ඕනේ, ඔප්පු කරන්න ඕනේ, අරක කරන්නේ ඕනේ මේක කරන්න ඕනේ කියලා ප්‍රශ්නෙන් මාරු වෙන්නේ.
ජිහාඩ් ගැහිලි මොනවද.. අපේ දේශපාලකයන්ගේ ගැහිලි බලනකොට.. මතු පරම්පරාවල් සියල්ලම මේවට ගෙවන්න එපැයි...
89 දී මගේ පියා අතුරුදන් කළා. ඔහු ඒ කාලේ ගැටුම් තිබ්බ පක්ෂ දෙකටම අයත් උනේ නෑ. එවකට රජයේ උසස් රැකියාවක් කරමින් සිටි ඔහු අපට අහිමි වීමෙන් පසු මගේ මවට එදා සිට මසකට හම්බුනේ 15000ක විශ්‍රාම වැටුපක් පමණි.
සුදු පිරුවටලා ,මහජනතාව දිනෙන් දින නොමරා මරණ මහජනතාවගේ මුදල් සුරකමින් මහාපරිමාණ ව්‍යාපාරයක නිරතුව සිටින බලලෝබි දේශපාලුවන්ගේ අරමුණ වී ඇත්තේ , එනපොට හොද නෑ "කෙල්ල ගෙට ගනින් " කියල නුදුරේදී ආණ්ඩුව පෙරලීමට පෙර ,තව ටිකක් මඩිය තරකරගෙන ගෙදරට වී පිනට ඉන්නයි.
රට ගිනිගෙන තියෙන වෙලාවෙත් බලන්නේ තමන්ගේ මල්ල ගැනම තමයි. අපි බලමු ජනතාවාදී පක්ෂ මොනවද කියන්නේ කියලා, ජවිපෙ , පොහොට්ටුව වගේ අය.
මන්ත්‍රී වැටුප වැඩිකරන්න කලින් රටට ජනතාවට මේ කට්ටිය වැඩ කරපු විදිය හොයල බලන්න..... මොනවා කෙරුවටද මන්ත්‍රී බිරිදට යැපෙන්න දෙන්නේ රජයට මුදල් අදාර මිලියන ගණන් ලැබුනේ.... බෝම්බයට හසුවූ ජනතාව වෙනුවෙන් නැතුව හොර නඩේගේ පඩි වැඩි කරගන්න නෙමේ ගමට වැඩකරපු අය ඉන්නවද කියල හොයාලා බලන්න නිකම් ඉඳගෙන මේවිදියට පඩි දෙන්න ගියොත් රටේ සේරම මන්ත්‍රී ලා වෙයි ..... හොර පාලකයින්ගේ බදු ගෙවමින් ඉන්න දුගී ජනතාවට මොනවද දෙන්නේ හොර නඩේගේ දීමනා වැඩි කර ගන්නකොට ජනතාවගේ අවසර ගන්න පනතක් හදන්න
මේ විශ්‍රාම වැටුප ලබන කවුරුවත් දුප්පතුන් නෙවේ..... මේ අය ලබන ගරු දීමනාව හොඳටම ප්‍රමාණවත්....... වැඩි කිරීමක් අවශ්‍ය නැත....
අපේ සමෘද්ධිය ගත්තා..... රට ඉන්න අපිට මොන විශ්‍රාම වැටුප්ද?
ඉන්නකම් හොර කාල තව ගියාට පස්සෙත් හිඟා කනවා. විශ්‍රාම වැටුප අරන් ඉවරවුණාම නිරයේ තමයි ඉන්න වෙන්නේ ඔක්කොටම. එතකොට හොඳට ලැබේවි.
මේවට තමා ඕන කමින්ම දේශපාලුවෝ රට ගිනි තියන්නේ. ටික දවසකට ඉස්සෙල්ලා ගෙන්න ගත්තා අරයටයි ලේකම්ටයි කෝටි ගනනක වාහන. දැන් විශ්‍රාම වැටුප් 15කින් වැඩි කරගන්නේ ඔක්කොටොමනේ. කොහොමද ගසා කෑම. අලුත්ම බුද්ධිමත් කණ්ඩායමක් තෝරගන්න ඕන රට කරවන්න. ඉන්පසු මේ විදියට ගසා කාපු එවුන්ගේ දේපොල රාජසන්තක කරලා ගෙවපු හැම රුපියලම නැවත ගන්න ඔන.
ඊලඟ චන්දෙදී මේ සෙට් එක ජනතාව විසින් විශ්‍රාම ගන්වන බව ඔවුන්ම හොඳින් වටහා ගෙන කටයුතු කරන්න පටන් අරන්.
මේ පට්ට හොරුන්ට සත පහක් වත් ගෙවන්න එපා. මොවුන් රට කන කාලකන්නි. මුන් බලේ ඉන්නකන් කරන්නෙත් හොරකම්, දැන් විශ්‍රාම ගියාමත් ගෙවන්න පිස්සුද?
අනේ වාසනාවන්.. මේක බලලා මට ඩිස්ගයික් දාන්න එපා හොඳේ..
කාලකන්නි හැත්ත... ලබන පාරත් දීපල්ලකෝ ඡන්දෙ...
ඔක්කොම එකතු වෙලා රටේ සල්ලි බෙදා ගන්නවා. ඉන්නකම් හොරාකාලා තව ගියාට පස්සෙත් හිඟාකනවා. නිකම් ඉඳගෙන මේ විදියට පඩි දෙන්න ගියොත් රටේ සේරම මන්ත්‍රීලා වෙයි. ජිහාඩ් ගැහිලි මොනවද..? අපේ දේශපාලකයන්ගේ ගැහිලි බලනකොට.. මතු පරම්පරාවල් සියල්ලම මේවට ගෙවන්න එපැයි. රටට, ජාතියට හෙන ගැහැව්වත්, ගෙදර ඉඳන් පිනට කන්න තමයි මුන්ගේ අරමුණ... අලුත්ම බුද්ධිමත් කණ්ඩායමක් තෝරගන්න ඕනෑ. රට කරවන්න. ඉන්පසු මේ විදියට ගසා කාපු අයගේ දේපළ රාජසන්තක කරලා ගෙවපු හැම රුපියලම නැවත ගන්න ඕන.!!! පුද්ගලික අංශයටත් පඩි වැඩි කරන්න. හමුදාපතිට බැරිද මේවා එකපාරම නවත්වන්න. ඔබට දැන් යමක්කමක් කරගන්න පුළුවන් නේද? ඔයාට බැරිද මේ රට මේ ශාපයෙන් බේරගන්න. මේ හැතිකරේ රට උලාගෙන කනවා ඉවරයක් නැහැ. රජයේ සේවකයින්ට හා පෞද්ගලික අංශයට එයින් 10% දෙනකොට භාන්දාගරේට සල්ලි නැහැ. බෙදාගන්නකොට 225ම අත උස්සලා සම්මත කරගන්නවා.
"හෙන ගහපන් ,වැහි වැහැපන්"
දැන් මේ ගොල්ලෝ හදන්නේ යන තැනකට වැඩක් කරගන්නයි. යන්න වෙන බව හොඳටම ෂුවර්...
බලමු ජෙප්පන්ගේ ප්‍රතිචාරය.
වැහිනැති හෙණ වදින්න ඕනේ මහජනයාගේ මුදල් මංකොල්ල කනවට .
දුක වැඩි හින්දා වැඩි කරනවා ඇති...
මාර වැඩක්නේ, මොවුන් වැඩකරන්නේ පක්ෂ වලට, ජනතාවට නෙමෙයි. රටට මොනවා කළාටද මොවුන්ට පඩි වැඩි කරන්නේ? අවුරුදු ගාණක් රට වෙනුවෙන් යුද්ධ කරපු, අතපය කැඩිච්ච සෙබළෙකුට සතයක් වත් වැඩි කරන්නේ නැහැ. මොවුන් රටේ සල්ලි කනවා මදිවට භාණ්ඩාගාරේ සල්ලිත් බෙදා ගන්නවා. මන්ත්‍රී වැටුප වැඩිවිය යුත්තේ ජනමත විචාරණයකින් විනා ඒ පඩි ගන්න උන්ගේම ඡන්දයෙන් හෝ එක පුද්ගලයෙකුගේ තනි කැමැත්තට නොවෙයි. පඩි මදිනම් අස්වෙලා ගෙදර යන්න කියන්න. ඒ මදිවට ගෙවල්වල ඉන්න පැන්ෂන් ගිය අයටත් බෙදන්න යන්නේ...
මිනිස්සු හෙන පතන එක සාධාරණයි..
අනේ දරුවන්ගේ ඇස පාදන්න සොච්චන් වැටුපකට දරුවන්ට ජීවිත කාලෙම උගන්නලා විශ්‍රාම ගිහින් තවමත් දුක් විඳින විශ්‍රාමික ගුරු පරපුර..!!
ඔක්කොම එකතු වෙලා රටේ සල්ලි බෙදා ගන්නවා. බදු ගහන්නේ ඔවුන්ගේ සැප විහරණය සඳහාය. දේශපාලුවා යනු සුවිසේෂි පන්තියකි. එනම් මහජන දේපල කොල්ලකෑමටයි. වෘත්තීය දේශපාලකයින්ගෙන් තොර ජනතා කවුන්සිලයක් නිර්මාණය කළ යුතුයි. එය එසේ සිදු නොවුනහොත් අපට රටක් ඉතුරු වන්නේ නැත. අලුත්ම බුද්ධිමත් කණ්ඩායමක් තෝරගන්න ඕනෑ... රට කරවන්න. ඉන්පසු මේ විදියට ගසා කාපු අයගේ දේපල රාජසන්තක කරලා ගෙවපු හැම රුපියලම නැවත ගන්න ඕනෑ. මිනිස්සු හෙන පතන එක සාධාරණයි. වැහිනැති හෙණ වදින්න ඕනේ මහජනයාගේ මුදල් මංකොල්ල කනවට. මොවුන් රට කෑවා. බලේ ඉන්නකන් කරන්නෙත් හොරකම්...
මෙන්න මේවට තමයි බොරදියේ මාළු බානවා කියන්නේ.
රජයේ ලිපිකරු සේවය කළමණාකරන සහකාර සේවය ලෙසට වෙනස්කල අවස්ථාවේ ඒ වනවිට පළමුපංතියේ හා අධිපංතියේ සිට සැමටම බලවත් අසාධාරනයක් සිදුවන ලෙසට කටයුතු කලා.මෙය නිවැරදි කිරීමට අධිකරණයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දන්වා ඇතත් එය ක්‍රියාත්මක නොකරන බව ශ්‍රීලංකා පළාත් පාලන සේවක මහා සංගමයේ සභාපතිතුමා කියනවා මෙම තත්වය ඇතිවූ අවස්ථාවේ ලිපිකරු සේවයේ පළමු හා අධිපංතියේ සිටි සියලු දෙනාම මෙන් දැනට විශාම ගොස් සිටින අයයි. රාජ්‍ය පරිපාලන ඇමතිතුමනි, ඔබතුමන්ලාට මෙන්ම අපටත් බඩගිනි ඇතිවෙනවා....
ඇයි දියවන්නා හොරගුහාව එකවර ගිලාබසින්නේ නැත්තේ [සින්ක් හෝල්] මොවුන් කරන අපරාධවලට... දෙවියන් සිටියි නම් කරුණාකර දින 7ක් යාමට පෙර හෙනගෙඩියක් පාත් කරවන්න. අලුත් ක්‍රමයට පත්වන ජනාධිපතිතුමා මේ කොල්ලකාපු ජාතික ධනය ජනසතු කරනතුරු බලාසිටිනවා. මට එ්ක කරන්න බැරිවුණා