( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
වීරකැටිය මැදමූලන ඩී.ඒ .රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9 ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා විභාගයට නොගැනීමට දෙපාර්ශව අතර ඇති වූ එකඟතාවය තවදුරටත් පවත්වා ගෙන යනවාද නැද්ද පිළිබඳ නීතිපති අවසන් තීරණයක් ගෙන නැතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අද (17) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් වන නීතිපතිගේ ස්ථාවරය ලබන අගහරුවාදා (21) අධිකරණයට දැනුම් දෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
තමන්ට එරෙහිව නඩුව විභාග කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති ප්රතිශෝධන පෙත්සම කැඳවූ අතර එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව කියා සිටියේය.
අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් විශේෂ මහාධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය ආරම්භ නොකර සිටීම සම්බන්ධයෙන් තමන්ට මෙම අවස්ථාවේදී පොරොන්දුවක් ලබා දීමට නොහැකි බවයි.
ඒ සම්බන්ධයෙන් නීතිපතිගේ ස්ථාවරය මීළඟ දිනයේ දී අධිකරණය හමුවට දන්වන බවද හෙතෙම කියා සිටියේය.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ ඞී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට තමන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.
එම නඩුව විභාග කිරීමට විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළ ද එම මූලික විරෝධතාව එම මහාධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු කියා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ මුදල් = මහජන මුදල්...
තව පෝය දෙක තුනයිනේ ඇදගෙන යන්න තියෙන්නේ. ඔහොම ගිහින් දන්නෙම නැතුව නඩු දාපු අයට උත්තර බඳින්න වෙන දවස් එයි...
පව්නේ.. මෙයා වෙනුවෙන් නීතිය නවන්නේ මාර විදිහටනේ...
මොහු බෝම්බ ප්‍රහාරයට පසු හදිසියේ සිංගප්පූරු ගියේ ගනුදෙනුවක් ඉවර කරන්න කියලා හිතුනේ මට විතරයිද?
බලය නැතිනම් බලය සතු අධිකරණයට... මොවුන්ගේ නඩුව වහාම කැඳවන්න. හොරෙන් කෑවා මදිවට නීතිය කතා කරන්නත් එනවා. ත්‍රස්තවාදී පනත අලුත් කෙරුවා වගේ.. මෙවැනි හොරුන්ගේ නඩුවලත් පනත් අලුත්කර දැඩි දඬුවම් ලබාදෙන්න. නැතිනම් ඔය 225ම ලංකාව නැත්තටම නැතිකරනවා හොරා කාලාම. එහෙම වුනාම රටේ ජනතාවට වෙන්නේ දිළිඳු රටවල දුගියා වගේ කුණුගොඩ අවුස්සන් කන්න වෙන්නේ, මෙවැනි නඩු විභාග නොකෙරුවොත් ජනතාව මෙවැනි දේවල්වලට පෙළගැසී නැගී සිට නීතිය රජ කරවන්න. මේවගේ අය තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ.. ලැජ්ජා බය නැතිව...
අද අපේ රටේ හැම ප්‍රශ්නයටම මුල මොවුන් තමයි. මොවුන් තමයි රටේ අන්තවාදීන් ඇති කළේ... අද මෝඩ චූන් ගන්නවා. මොවුන්ට මතකද දන්නේ නැහැ දවසක මරණය ලැබෙන වග.... අනිත් මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන නරුමයින්... රටේ ජාතින් අතර වෛරය ක්‍රෝධය ඇති කරපු කාලකන්නි...
මේ මේ ක්රමොපායන්ගෙන් ලිස්සා, රිංගා හැම අතින් ම සුදුසුකම් ලබාගෙන ඇති මෙතුමාව අපි මෙවර ජනාධිපති කරවමු.
මේ හාදයාද රටේ නායකයා කරවන්න වලිකන්නේ ? දුෂකයන්ට පරිපාලනයේ තියා කාර්යාලයක පියන් තනතුරක්වත් ඉල්ලීමට කිසිම රටක අවකාශ ලබා දෙන්නේ නැහැ .
හොඳ වෙලාවට මේ ගොල්ලොත් එක්ක අයි.එස්.එස්. උන් ඩීල්වලට ආවේ නැත්තේ... පුදුම කෑදරකමක්නේ තියෙන්නේ මුදල්වලට...
බඩගින්නට උයාගෙන කන්න පොල් හරි, අඹ හරි ගෙඩි ටිකක් කැඩුවා නම්, මීට මාස ගණනකට කලින්ම වැඩේ ඉවරයි.
රංජා අර ටික කිව්වේ කට කහනවට නොවේනේ? නීතිපතිට සමහරවිට අර ඇමැතිට වගේ මුකුත් මතක නැති වෙන්න පුළුවන්...