(පැතුම් දර්ශන)
ඉකුත් 21 දා සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය බෝම්බකරුවෙක් සමඟ සමීප සබඳතා පැවැත්වූ තවුහීත් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයන් දෙදෙනකු බව කියන හොරොව්පොතාන වීරසොලෙ විදුහලේ විදුහල්පතිවරයා සහ හොරොව්පොතාන ඇටවීරවැව විදුහලේ ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
බස්නාහිර පළාත් බුද්ධි තොරතුරු අංශයෙන් ලබා දුන් තොරතුරු අනුව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ හොරොව්පොතාන පත්තෑව ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි මොහොමඩ් අද්දර් රසුල් සහ 47 හැවිරිදි අබ්දුල් ජබාර් නිජාබ් නැමති පුද්ගලයන් දෙදෙනෙකි.
මොවුන් ඉකුත් 23 දා සිදු වූ ප්‍රහාර මාලාවේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී බෝම්බය පුපුරුවා ගැනීමට සැලසුම් කර තිබූ බෝම්බකරුගේ සමීප හිතවතුන් බවත් පසුගිය කාලයේ කොළඹ ප්‍රදේශයෙ පවත්වන ලද අන්තවාදී දේශන සඳහා සහභාගි වී ඇති බවටත් බුද්ධි තොරතුරු ලැබී ඇති බව පොලීසිය වැඩිදුරටත් කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (17) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මේ ඉස්කෝලේ ළමයින් ගේ ඔලුවටත් මේ ත්‍රස්තවාදේ කවල ඇත්ද කියල සැකයක් එනවා
මේවාගේ ගුරු හොරු ඔවුන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලවාම අසුචිවලින් ගහන්න ඕනේ. මොන රටේ වුවත්, මොන ජාතියේ වුවත්, මොන ආගමික වුවත් තම දූ දරුවන් පාසලකට යවනුයේ අනාගත සමාජයේ යහපත් පුරවැසියන් ලෙස ජීවත්වනවා දකින්නටයි. කාලකන්නි තිරිසනුන් වූ මොවුන්ට පොදු සමාජය විසින් දැඩිලෙස පිළිකුල් සහගත ලෙස සැලකිය යුතුවේ. පවුලේ උදවිය විසිනුත් මෙවැනි අය පවුලෙන් පිටුවහල් කළයුතුවේ. පොදු සමාජ පිළිලයන්...
දැන් පොලීසියෙන් දාල හමුදාව දාල තිබ්බට වැඩක් වෙයිද ඉස්කොලෙ ප්‍රින්සිපල්ම හරි ගුරුවරයෙක් හරි ඇවිත් බෝම්බ තිබ්බොත්. බලන් ගියම එහෙම අයත් ඉන්නවා
සියලු මුස්ලිම් විදුහලටම ජාති 3ම අන්තර්ගතවන පරිදි ගුරුවරුන් ඇතුලත් කළ යුතුයි. සිංහල බස අනිවාර්ය කළ යුතුයි. සිංහල භාෂාවට සාමාන්‍ය සාමාර්ථයක් තිබිය යුතුයි. නැතිනම් අන්තවාදීන්ව මෙල්ල කරන්නට අපහසුයි.
ආගමක් කිසිසේත් රටක සම්මත පොදු නීතියෙන් ඔබ්බට නොයා යුතුයි. මන්දයත් නීතිය හමුවේ සියල්ලන්ම එක සමාන විය යුතු බැවිනි. ලංකාවේ ඕනෑම ජාතිකයෙකුට ඕනෑම පාසලකට ඇතුලු වීමේ හැකියාව තිබිය යුතුයි. ආගම් හා ජාතීන් අතර අනෝන්‍ය අවබෝධය ඇති කිරීම පාසලේ සිටම පටන් ගත යුතු බැවිනි.