(ලහිරු හර්ෂණ)
ප්‍රහාරය එල්ල වන්නේ කවදාද කවුරුන් විසින්ද කෙසේද යනාදි තොරතුරු සියල්ල ලැබී තිබියදී අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ අගමැතිගේත්, ජනාධිපතිගේත් වරදින් බවත් ඒ නිසා මේ ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවන් ඔවුන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
"දේශපාලනයේ ඉදිරියට යන්න සටන් පාඨයක් නැතිව සිටි අය දැන් මේ ප්‍රහාරයෙන් පසුව නැවතත් ජාතිවාදය අවුස්සන්නට පටන් ගෙන තිබෙනවා. ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම මතුපිටින් ජාතික සමගිය ගැන කතා කරමින් යටින් ගැටුම් නිර්මාණය කරනවා" යැයිද ඔහු පැවැසීය.
අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණ විහාරමහාදේවී එළිමහන් රංග පීඨය ඉදිරිපිට පැවැත්වූ සත්යග්රහයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
සියලු ජාතිවාදී හා ආගම්වාදී ගැටුම්වලට සම්බන්ධ සියලු වැරදිකරුවන්ට නීතියෙන් දඬුවම් කරන ලෙස ඉල්ලමින් මෙම සත්‍යග්‍රහය ‘‘අපි මිනිස්සු‘‘ නමින් පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ එහෙම වරදක් තිබුනානම් පාර්ලිමේන්තුවේ බුරියානි කාල නිදිකිරාවැටෙන්නේ නැතුව කියල හදාගන්න තිබුනනේ
සහතික ඇත්ත... බොරදියේ මාළු බාන්න දැන් බලයට එන්න හදන පිතිකරුවෝ ගොඩක් මහන්සි වෙනවා... මෙම ව්‍යවසනය ඔවුන්ට මහත් අස්වැසිල්ලක්.. කිඹුල් කඳුළු හෙලමින් රාත්‍රියට ජයපැන් බොනවා කියලා ආරංචියි.
අරයා ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ගන්න එක වළක්වා ගන්න නොහැකි වූයේ කාගේ වරදින්ද? දේශපාලකයෝ ඔක්කොම එකයි බලාගෙන ගියහම.
මහින්ද හොරා මහින්ද හොරා මහින්ද හොරා.. ඇයි මේ පාර ඒක නැද්ද. ඔයාලත් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්නේ නැහැ. එදාවේල් ටුවර්ස් එකේ ගියෙ. උන සිද්දියට ඔයාලත් වගකියන්න් ඕනෙනෙ. දැං ඔය කතාවෙන් වැඩක් නෑ..
සියල්ල දත් මෙතුමන්ලා මෙය කලින් හොයා නොගැනීම ඊටත් වඩා ප්‍රශ්නයක්
දුවගෙන දුවගෙන ගිහින් විස්වාසභංගයක් දීල, ඔයාලමයි නේද මේ අය නැවත ගෙනාවේ.
හැම තිස්සෙම බලන්නේ බලයට එන්ඩ කාට හරි වැරදි පටවන්ඩ. ප්‍රශ්න විසදන්න අත දෙන්න නොවේ.
ජනපති ගෙනියන වැඩ පිළිවෙල දන්නේ ඔහුම විතරයි. ආරක්ෂක කවුන්සිලයට අගමැති හට එන්න නොකිව ජනපති ගැන කවර කතාද .
මෙයාට මේක කියාගන්ඩ ගියපු කාලයක්
ජවිපෙට තමයි යන එනමං නැතිව හිටියේ...... දැන් ඕවා ගැන කතාකරලා වැඩක් නැහැ... ජවිපේ තමා මෙච්චරකල් ආණ්ඩුවට ජැක් ගහගෙන හිටියේ.... ජවිපෙට නිකන් කර අරින්න දෙන්න එපා.... එයාලත් මේකේ වගකීම ගන්න ඕනේ...
මෙයට සමස්ථ දේශපාලන නායකයෝ වගකීම ගන්නට ඕන. හේතුව හැමගේම ඉලක්කය කෙසේ හෝ බලයට එන්න ... සහ තියන බලය රැකගන්න .
225 කියන්නෙ ඔබත් ඇතුලුව තමා.
එතුමලා දෙන්නම වගකීම භාරගෙන ඉල්ලලා අස්වෙලා සතිගණනක් ගතවෙලානේ ?ඔබතුමා මේ මොනවද කියවන්නේ ?