(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය අහසේ අද(17) අලුයම 1.00ට පමණ ඩ්‍රෝන කැමරාවක් බදු සැකකටයුතු යානාවක් සැරිසැරූ බවත්, මේ පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැනුවත් කළ බවත් පුත්තලම පොලිසිය පවසයි.
මෙය ඩ්‍රෝන කැමරාවක් හෝ කුඩා වර්ගයේ අහස් යානාවක් විය හැකි බව පුත්තලම පොලිස් අධිකාරී ජේ. ඒ. චන්ද්‍රසේන මහතා පවසයි.
මීට පෙර ද වරින්වර මෙවැනි සැකකටයුතු යානාවක් කල්පිටිය අහසේ සැරිසැරූ බව ඒ මහතා පැවසුවේ ය.
රටේ වැදගත් ආර්ථික ස්ථානයක් වන ලක්විජය ගල් අඟුරු බලාගාරය කල්පිටිය අර්ධදීපයේ පිහිටා තිබෙන බව සිහිකළ ඒ මහතා කල්පිටි කලපුව ආශ්‍රිත යාත්‍රාවක සිට මෙම යන්ත්‍රය එවන බවට ද සැක කරන බව ද පැවසුවේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ විමර්ශන කටුතු වෙනවද දන්නේ නෑ නේද.. අන්තිමට ඕකටත් ගහනකන් දන්නේ නෑ කියයි.
අවසර නොමැති නම් ඇයි වෙඩිතබා බිම හෙළුවේ නැත්තේ? දැන් රට පාලනය කරන්නේ හමුදාවනේ... මගේ කාලේ නම් මම නියෝග දුන්නා...
ඉලක්කයට එල්ල කර ගුවන් විදුලි සංඥාවලට බාධා කරන්න පුළුවන් ජමර් එකක් තිබුණා නම් ඕක පහළට ගන්න එක සුලුදෙයක්... යුරෝපයේ සහ අරාබි රටවල ගුවන්තොටුපල් වලට එන ද්රෝනයානා පාලනය කරන්න දැනට මෙවැනි උපකරණ භාවිතා කරනවා රජයට වුවමනාවක් තිබෙනවා නම් මේවා කිසිම ප්‍රශ්නයක් නැතුව මිලදී ගන්න පුළුවන්..