(නිමන්ති රණසිංහ)
මරාගෙන මැරෙන බෝම්බකරුවක් වූ මොහොමඩ් ඉන්සාක් නම් ව්‍යාපාරිකයාට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවය කළ තවත් පුද්ගලයකු වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(17) නියෝග කළේය.
මෙම සැකකරු මරාගෙන මැරෙන බෝම්බකරු වූ මොහොමඩ් ඉන්සාක් සමග දැඩි සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙම කර්මාන්තශාලාවේ සේවයේ කරමින් සිට පැනගොස් සිටියදී මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හිඟුල මාවනැල්ලේ පදිංචිව සිටි මොහොමඩ් වයිස් මොහොමඩ් සල්මාන් නූර් සාරික් නමැත්තෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd