(මනෝජ් හර්ෂික සහ තිලකරත්න දිසානායක)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා සිටින මාකඳුරේ මධුෂ් සඟවා තිබූ බව කියන අවි ආයුධ කිහිපයක් ගම්පහ වැලිවේරිය ප්රදේශයේ දී අද (16) සොයා ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
සැකකාර මධුෂ්ගෙන් කළ ප්රශ්න කිරීම් හමුවේ අනාවරණ වූ තොරතුරු මත රහස් පොලිසියේ විශේෂ කාණ්ඩායමක් මෙම ආයුධ සොයා වැලිවේරිය ප්රදේශයට ගිය බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මාකඳුරේ මධුෂ්ගේ මඟ පෙන්වීම මත සොයා ගත් බව කියන මෙම ආයුධ සම්බන්ධයෙන් ඔහුගෙන් වැඩිදුර ප්රශ්න කිරීම් සිදු කරන බව ද එම ආරංචි මාර්ග පවසයි.
ඩුබායි පොලිසියෙන් අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ් ශ්රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ත්රස්ත්රවාදය වැළැක්මේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරුම් විමර්ශන අංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණය මත විශේෂ සිර මැදිරියක රඳවා මේ වන විට ප්රශ්න කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට විරුද්ධව මෙච්චර චෝදනා ගොනුවෙද්දී එක්කෝ මෙයාව ආයුධ පෙන්නන්න එක්ක යන්න ඕනේ නැත්තම් දියවන්නාවට පාවඩ පිටින් එක්ක යන්න ඕනේ.
රංගජීව මහත්තයා කරලියට දාන්න. එතකොට තමයි මිනිස්සුන්ගේ විශ්වාසය වැඩි වෙන්නේ... එතුමා තමයි මේ වනතුරු සහ පෙර සිදුවිම් ගැන විමර්ශනය කළ නිලධාරියා...
අයියෝ, අපිත් බලගෙන හිටියේ ආයුධ හොයන්න එක්ක යනකන්. කෝ ඒත් මිනිහා තාම ඉන්නවනේ.
අපරාදේ මදුෂ් වත් අරන් යන්ඩ තිබ්බේ ආයුධ පෙන්නන්ඩ !
මොහු ලංකාවට ගෙන ඒම සමහර බලවත් පුද්ගලයින් හට හිසරදයක් වී තිබීමට හැක. ආයුද පෙන්නන්න යද්දී ප්රහාරයක් එල්ලකර පැන යාමට උත්සාහ කිරීමේදී ඩුම් ... ඩුම්.....ඩුම් .. කියයද දන්නේ නැහැ .
සැඟවුණු ආයුධ පෙන්නන කොට මේ පාතාලයා පොලිසියට වෙඩි තියන්න ගියේ නැද්ද?