(රංජන් කස්තුරි)
මීට ඉහතදී මිල අඩුකර තිබූ ඖෂධ වර්ග 60 ක මිල ඊයේ (15) රාත්‍රිෙය් සිට වැඩිකර තිබේ.
ඒ අනුව ඇල්බෙන්ඩසෝල්, ඇමොක්සලීන්, පැරසිටමෝල්, සෙෆියුරොක්සිම් ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධවර්ග රැසක මිල වැඩිකර ඇත.
ඇල්බෙන්ඩසෝල් මිලිග්‍රෑම් 400 ක මිල රුපියල් 36.04 දක්වාද, ඇමොක්සලීන් ක්ලැවුලීනික් ඇසිඩි මිලිග්‍රෑම් 156ක මිල රුපියල් 345.35 දක්වාද, ක්ලැරිත්‍රෝමයිසීන් මිලිග්‍රෑම් 125 රුපියල් 523.72 දක්වාද, ඇස්ප්‍රීන් මිලිග්‍රෑම් 75 රුපියල් 3.60 දක්වාද, ඇස්ප්‍රින් මිලිග්‍රෑම් 100 රුපියල් 6.37 දක්වාද, බෙක්ලොමෙතසෝන් මයික්‍රො ග්‍රෑම් 100 රුපියල් 609.61 දක්වාද, ඉන්සියුලින් සොලියුබල් හියුමන් නික්ෂේපන රුලියල් 1372.80 දක්වාද වශයෙන් මිල ඉහළ නංවා තිබේ.
මෙලෙස මිල ඉහළ නංවන ලද ඖෂධ සියල්ල මීට ඉහතදී මිල පාලනයකට ලක්කරමින් මිල අඩුකර තිබූ ඒවාය.
සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම ඖෂධවල මිල ඉහළ නංවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ මේ "පණ්ඩිත අරාජිතයා" මොකද..? මොනවද කාපු රිලවා වගේ කට අරින්නේ නැත්තේ? සිංගප්පූරුවට වත් ගියාද "වෙන මොනවා හරි ලෙඩකට" බෙහෙත් හේත් ගන්න හැබෑවටම..
ටික දිනකින් තාත්තත්, පුතත් දැක්කෙත් නැහැ. මොකද ඇමතිවරයාගේ ජනාධිපති සිහින හා බලාපොරොත්තු කඩවුණාද? බෙහෙත් මිල වැඩිකලේ... එහෙම නැත්නම් පිම්මක් පනින්නද කල්පනාව...?
මහජන බදු මුදලින් ආයෙත්දැන්වීම් දාලා කටවුට් ගහලා දිනූදේ රැකගනිමු .
ඖෂධ මිල අඩු කරපු වෙලාවේ නොදැක්ක වගේ හිටපු උදවිය දැන් පටන් ගනී මිල වැඩි කළා කියල බෙරිහන් දෙන්න. හැබැයි මිල වැඩි කරපු එකට නම් මම විරුද්ධයි.
අනේ වාසනාවන්.....
ජනතාව කුලප්පු කරන්න උත්සහයක්...
තව වැඩි කරන්න. නිකන් දෙන්න එපා.
මිල වැඩිකරපු එකට එයා විරුද්ධලු හැබැයි මිල වැඩිකිරීම ගැන අනික් අයට කතාකොරන්න එපා කියලයි කියන්නේ.