(සිතුම් චතුරංග)
යාපනය නල්ලූර් කෝවිලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලද නිර්නාමික ලිපියක් හේතුවෙන් අද(17) කෝවිල අවට ප්‍රදේශය වෙත දැඩි ආරක්ෂාවක් යෙදවූ බව යාපනය ආරක්ෂක අංශ කියයි.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත ලද නිර්නාමික ලිපියක් හේතුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදාගෙන කෝවිල අවට ආරක්ෂාව තරකර විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළ බව ආරක්ෂක අංශ පැවසීය.
යාපනය නල්ලූර් කෝවිලේ පූජාවන් වෙනුවෙන් සිකුරාදා දිනයේ විශාල පිරිසක් පැමිණෙන බැවින් අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇති බවද ආරක්ෂක අංශ කීය.
නිර්නාමික ලිපිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර කෝවිල ප්‍රදේශයේ ආරක්ෂාව තරකරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා පොලිසිය හා යුද හමුදාව වෙත උපදෙස් ලබාදී ඇති බව එහි නිලධාරීහු පැවසූහ.
ආරක්ෂක තත්වය හේතුවෙන් යාපනය පේදුරුතුඩුව මාර්ගය කෝවිල සීමාවෙන් වසා දමා ඇති බවද ආරක්ෂක අංශ පවසයි.
ලැබී තිබූ නිර්නාමික ලිපිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය විමර්ශන පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කෝ අර කඩු, කිණිසි වලින් අහිංසක මිනිසුන්ට චණ්ඩි පාට් දාන 'ආවා' හමුදාව?
යකෝ කොන්දක් නැති උරෝ රැලක්. හරියට 88- 89 කලේ කොන්දක් නැති ජවිපෙ අයත් තුණ්ඩු කෑල්ලෙන් රට පාලනය කලා වගේ.
මොන මගුලකටද ආරක්ෂාව සපයන්නේ?