ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වී සිටින විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා හමුවිය.
ඇමෙරිකානු ජාතිකයන් පස්දෙනකු ඇතුළු 250කට වැඩි පිරිසකට මරු කැඳවමින් පාස්කු ඉරිදා (අප්‍රේල් 21) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බව ද ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එහිදි විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාට පවසා ඇත.
ත්රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සටනට ඇමෙරිකාව පූර්ණ සහයෝගය පළ කරන බව ද ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා පවසා තිබේ.
වගවීම, යුක්තිය සහ ප්රතිසන්ධානය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇති අලුත් කැපවීමද පසසන බව ද හෙතෙම විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාට තවදුරටත් පවසා ඇත.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අමෙරිකාව ජයගත්තා. ජාත්‍යන්තරය ජයගත්තා. අපිට හරිම ආදරෙයි..
කොහේ ගියත් කමක් නැහැ . ජනතාවගේ කැමැත්ත නොමැතිව කිසිම. ගිවිසුමකට අත්සන් තියල ආපසු ලංකාවට එන්න එපා .
අාවොත් හොර ලියවිලි අත්සන් කරලා... පැදුරුයි කොට්ට අරගෙන යනු හැරිලා... යනවිට හැරී කොසු සමගින් මග රැකලා... ගෑනුන් නොව ළදරුවන් ද ඇත මඟඉඳලා..
ඉස්සරහට යන්න එන්න වීසා දෙනවලු. ගල් වෙන්න එහෙම එපා.