(අංජුල මහික වීරරත්න)
පක්ෂ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් වැලිගම නගරාධිපති රොහාන් විජේරත්න මහතාට එරෙහිව විනය පියවර ගන්නැයි නගරාධිපතිවරුන් ලිඛිතව ඉල්ලීම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
වැලිගම නගරාධිපතිවරයා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විවේචනය කරමින් ලිපියක් ලියා ඇතැයි ද ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් කර විනය පියවර ගන්නැයිද එක්සත් ජාතික පක්ෂයට බලය හිමි නගරසභාවල නගරාධිපතිවරුන් ලිඛිත ඉල්ලීම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
වැලිගම නගරාධිපතිවරයා පක්ෂ විනය කඩකර තිබේනම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කර විනය පියවර ගන්නා බව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මිනිහා ගැන විනය පරීක්ෂණ කරන එකද? ඒ කරුණු සැලකිල්ලට ගෙන නායකත්වය වෙනස්වෙන එකද සුදුසු...? කොහොමත් මේ විදියට ගියොත් පක්ෂය ඉවරයි.
අනිවාර්යෙන් කොල්ල කාපු මුදල් සංචිතයෙන් කුට්ටියක් ලැබෙන්න ඇති . ඒකයි මේ කරලා තියෙන්නේ.
ඒක හරි. පක්ෂයක ඉනනවානම්. නයකාත්වයට ගරු කරන්න
නායකයා උම්බෑ කියනවා නම්...
නායකයා..