(චමිල් රූපසිංහ සහ හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා අද (17) ශ්‍රී දළඳා මාළිගාව වැඳ පුදා ආශීර්වාද ලබාගත්තේය. එහිදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මහ කොමසාරිස්වරයා පිළිගන්නා ලදී.
ඉන් අනතුරුව මහ කොමසාරිස්වරයා මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් සහ අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැ දුටුවේය.
තරංජිත් සිං සන්ධු මහතා එහිදී මහ නාහිමිවරුන් සමඟ ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ජිහාද් ත්‍රස්තවාදය පරාජයට පත් කිරීමට ඉන්දියාව ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය දෙන බව ද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝ කාලීන මිත්‍රත්වයක් පවතින බවත් ඒ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම අසල්වැසියකුගේ යුතුකමක් බවත් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධූ මහතා ප්‍රකාශ කළේය.
මහ කොමසාරිස්වරයා ඉන්දීයාවේ මූල්‍ය ආධාර මත මහනුවර පල්ලේකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමිය පරිශ්‍රයේ ඉදිවන ‘උඩරට නර්තන පාසලේ’ ප්‍රගතිය ද නිරීක්ෂණය කළේය.
මෙම හමුව සඳහා ඉන්දියානු සහකාර මහ කොමසාරිස් ධිරේන්ද්‍ර සිං මහතා ඇතුළු පිරිසක් එක්වූහ.




(ඡායාරූප - චමිල් රූපසිංහ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ධාර්ජි ලංකාවේ හාමුදුරුවරු බැහැදකිද්දී තලප්පාව ගැටගහගෙන යන්නේ නැහැ.
සාමාන්‍ය ඉන්දීය ජනතාවගේ ලංකාව ගැන තියෙන්නේ යහපත් හැඟීමක්... ඒ වගේම අපෙත් සාමාන්‍ය ඉන්දීය ජනතාව ගැන කිසිම ගැටළුවක් නැහැ.. නමුත් ඉන්දීය රජය විසින් දියත් කරපු ලංකාව සම්බන්ධ විදේශ ප්‍රතිපත්ති ගැන බැලුවාම.. හැමවෙලේම ලංකාවට අනතුරු කරලා තියෙන්නේ ඉන්දියාව.. 80 දශකයේදී LTTE එක පුහුණු කරලා පෝෂණය කළ ලංකාව ඔවුන්ට ඕනේ විදියට පාලනය කිරීමේ උපක්‍රමයක් විදියට, මානව හිමිකම් සැසිවාරයේදී ලංකාවට විරුද්ධව ඡන්දය දුන්නා, අදටත් අපිට විනාශය ගෙනදෙන පළාත්සභා බලෙන් ස්ථාපිත කළ ඉන්දීය මැදිහත් වීම මත, 2015 ඡන්දයේදී මහින්දව පරද්දන්න ඉන්දීය රහස් ඔත්තු සේවය මැදිහත් වුණා කියලා ඔවුන් දැනටමත් පිළි අරන් තියෙනවා. ඉතින් අපි කොහොමද මොවුන්ව විශ්වාස කරන්නේ..? කිසිම වෙලාවක ලංකාව ඉන්දියාවට විරුද්ධව ගිහින් නැහැ දේශපාලනික හෝ යුදමය වශයෙන්.. එහෙම මිත්‍රශීලී රටක් එක්කවත් සහයෝගයෙන් ඉන්න බැහැ ඉන්දියාවට.. අපි පෙන්වන්න ඕනේ ලංකාව ඉන්දියාවට යටත් රටක් නොවන බව.. ඔවුන් අපිට සලකන විදියට අපි ඔවුන්ට සලකන්න ඕනේ..
ඔතෙන්ට ගිහිල්ලා නිකම් ඔබතුමාගේ වටිනා කාලය නාස්ති කරගන්න එපා. වැඩක් නැත්නම් නිදාගන්න. එක ඇඟට සැපයි.
දැන් දේශපාලනය කරන උදවිය, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වල නිරත වන උදවිය දිගින් දිගටම මහානාහිමිවරු මුණගැසීමට යනවා වැඩියි. දේශපාලනයම අරමුණුද? ආධ්‍යාත්මික අරමුණුද?