ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව සභාපතිවරයෙක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටී. 18 November 2021
විදේශ ඇමති බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය හමු වෙයි බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මැතිනිය හමු වී ද්විපාර්ශිවික සාකච්ඡා පැවැත්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 18 November 2021
ඉන්දියාවේ ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ දොඩම් වෙළෙන්දා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කුඩා ගම්මානයක දොඩම් වෙළෙන්දෙක් ’පද්ම ශ්‍රී’ සම්මානයෙන් පිදුම් ලැබුවේය. ’පද්ම ශ්‍රී’ යනු ඉන්දීය පුරවැසියකුට හිමිවන ඉහළම ගෞරව සම්මානයයි. 66 හැවිරිදි මුස්ලිම් ජාතිකයකු වන හෙරේකාලා හජබ්බා නමැති මෙම දොඩම් වෙළෙන්දාට ’පද්ම ශ්‍රී’ සම්මානය හිමිවූයේ ඔහු දොඩම් විකුණා ලබන මුදලින් ඔහු ජීවත්වන මැංගලූරු පළාතේ ගම්මානයේ කුඩා දරුවන් වෙනුවෙන් පාසලක් පිහිටවූ බැවිනි. 18 November 2021
ඉන්දීය මහකොමසාරිස් නිවස වීඩියෝ කළ පාකිස්තානුවෝ 3ක් මාට්ටු ඉන්දීය මහකොමසාරිස්වරයාගේ කොළඹ තර්ස්ටන් පාරේ පිහිටි නිළ නිවස වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් පාකිස්ථාන ජාතිකයන් තිදෙනකු අත්ඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 18 November 2021
'සිසු සැරිය' ලබන සදුදා සිට ක්‍රියාත්මකයි පාසල් දරුවන්ගේ ගමන් පහසුව සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) ක්‍රියාත්මක කරන සිසු සැරිය බස් රථ සේවාවේ සියලුම බස් ලබන සඳුදා (22) සිට ධාවනය කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා ‘ලංකාදීප’යට පැවසීය. 18 November 2021
කොවිඩ් ආසාදිතයන් සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවකින් වැඩි වෙලා රටේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය. 18 November 2021
කටුනායක ගුවන්තොටේ දෛනික ගුවන් මගී මෙහෙයුම් ඉහළට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මේවනවිට දෛනිකව ගුවන් මගී මෙහෙයුම් 12,000 ක් පමණ ඉක්මවා සිදුවන බව සංචාරක අමාත්‍යා ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 18 November 2021
වැලිකඩ බන්ධනාගර රෝහලට නව අක්ෂි ශල්‍යාගාරයක් ඇසේ සුද රෝගයෙන් පෙළන බන්ධනාගාර රැඳවියන්ගේ ඇගේ සුද ඉවත් කිරීමේ ශල්‍යර්ම සිදු කිරීම සදහා අද (18) බන්ධනගාර රෝහලේ විශේෂ ශල්‍යාගාරයක් විවෘත කර ඇත. 18 November 2021
'නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල මාර්ග ගැන විධිමත් පරීක්ෂාවක් කරන්න' මෙරට නාය යෑමේ තර්ජනයක් ඇති ප්‍රදේශවල පිහිටි මහාමාර්ග හා මාර්ග පිළිබද විධිමත් පරික්ෂාවක් සිදුකරන්නැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට හා මාර්ග සංවර්ධන අධිකාියට උපදෙස් දී ඇත. 18 November 2021
ධීවරයින්ට අනතුරු ඇඟවීමක් මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල හෙට (19) උදෑසන 7.30 තෙක් ධීවර කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. 18 November 2021
මූලික අයිතිවාසිකම් කඩ වුණැයි මෘදුකාංග සංවර්ධකයෙකු අධිකරණයට යයි කොවිඩ් මෘත ශරීර ආදාහනය කිරීමේ ආණ්ඩුවේ ක්‍රියාවලිය මුහුණුපොත මගින් විවේචනය කිරීම හේතුවෙන් තමාට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත තමා නිකරුණේ අත්අඩංගුවට ගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බව සදහන් කරමින් රුපියල් කෝටියක වන්දි මුදලක් ඉල්ලා මෘදුකාංග සංවර්ධකයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 18 November 2021
ඇමෝනියම් ග්ලයිෆොසෙට් පැකට් 1251 සමඟ 2 ක් අල්ලයි තහනම් වල් නාශයක් වන ඇමෝනියම් ග්ලයිපොසෙට් පැකට් 1251 ළග තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු යාපනය චුන්නාකම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි. 18 November 2021
ජනපතිගේ දෙවන පදවි ප්‍රාප්තිය හා අගමැතිගේ ජන්ම දිනය අදයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්රාප්තියේ දෙවන සැමරුම සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට (18)ට යෙදී ඇත. 18 November 2021
පාස්පෝට් කන්තෝරුවේ අක්‍රමිකතා ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අනතුරට ලක් වූ වටිනා වාහන දෙකක් අලුත්වැඩියා කර මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නොතිබීම ගැන රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අප්‍රසාදය පළවී ඇත. 18 November 2021
කෝටි ගණනක මාළු මාදැල් දෙකකට අසුවෙයි රුපියල් කෝටියකට ආසන්න වටිනා කමකින් යුත් විශාල මාළු තොගයක් අද වාද්දුව ප්‍රදේශයේ මාදැල් දෙකකට හසුවී තිබේ . 18 November 2021
හම්බන්තොට ආයෝජන කලාපයේ වැඩබිමක ඉන්දියානුවෝ 45 කට කොරෝනා හම්බන්තොට ආයෝජන කලාපයේ ඉදිකරගෙන යනු ලබන සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉන්දියානු ජාතික සේවකයින් 45කට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 18 November 2021
පන්ති භාර ගුරුවරියට කොරෝනා: පන්තිය දින 14ක් වහයි අත්තනගල්ල වැලිකඩමුල්ල කනිටු විදුහලේ තුන ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරියකට කොරෝනා වයිරසයට ආසාදනය වීම නිසා එම පන්තිය දින 14කට වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි. 18 November 2021
අමාත්‍යාංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කෙරේ අමාත්‍යංශ කිහිපයක ආයතනික හා නෛතික රාමුව සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර තිබේ. 18 November 2021
පලෙයි පොලිසියේ 11කට කොරෝනා කිලිනොච්චිය,පලෙයි පොලිසියේ නිලධාරීන් 11 දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදිත බවට හදුනාගෙන ඇතැයි පලෙයි ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 18 November 2021
සම්බාහනයේ මුවාවෙන් ඇඟ විකිණු හයක් සැකපිට සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා සැකකාරියන් හය දෙනකු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 18 November 2021
කාබනික පොහොර හදන හැටි බලන්න ජනපති යයි අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවත කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්විය. 18 November 2021
ලංකා සතොස අළෙවිසල් 25 ක් අද විවෘත කරයි ලංකා සතොස ඉතිහාසයේ පළමු වරට රට පුරා ලංකා සතොස අළෙවිසල් 25 ක් හෙට (18) විවෘත කරයි. 17 November 2021
අද ආසාදිතයන් 728 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 196 දෙනකු අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 17 November 2021
ශ්‍රී ලංකාව වෛද්‍ය උපකරණ නිපදවීම අරඹයි වෛද්‍ය උපකරණ නිපදවීම සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද පළමු කර්මාන්ත ශාලාව වන පැලැක්සි කෙයාර් (Flexicare Lanka) පුද්ගලික සමාගම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද දින විවෘත කරනු ලැබීය. 17 November 2021
ණය ගන්නවා ද නැද්ද ආණ්ඩුව දෙගිඩියාවෙන් රට තුළ උග්‍ර වී ඇති ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ණයක් ලබා ගන්නේදැයි යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 17 November 2021
මනෝ ගනේෂන්ට කොවිඩ් සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ‘කොවිඩ්’ ආසාදිතයෙක් ලෙස තහවුරු වී තිබේ. 17 November 2021
වජිරා චිත්‍රසේනයන්ට පද්ම ශ්‍රී සම්මානය පිළිගැන්වේ ශ්‍රී ලංකාවේ නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය අග්‍රගණ්‍ය නර්තන ශිල්පිනියක වන ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මියට ඉන්දීය රජයෙන් පිරිනැමුණු “පද්ම ශ්‍රී සම්මානය” ඇයට පිළිගැන්වීම අරලියහහ මන්දිරයේ දී අද (17) සිදුකෙරිණි. 17 November 2021
කොවිඩ් මරණ 23ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය. 17 November 2021
කොවිඩ් ආසාදිතයන් 532ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 532 දෙනකු අද (17) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 17 November 2021
අල්ලස්ගත් අධිකරණ රෙජිස්ට්‍රාර්වරියක් අත්අඩංගුවට අධිකරණ නියෝග මත දේපල තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනමින් සිදුකිරීමට අල්ලස් වශයෙන් රුපියල් 10,000ක මුදලක් විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකුගෙන් ඉල්ලා ලබාගත් බව කියන තෙල්දෙණීය දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය අද (17) තෙල්දෙණීයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ (විමර්ශන) අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා පැවසීය. 17 November 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026