
(අංජුල මහික වීරරත්න)
රටේ කිරි දරුවන්ට කිරිපිටි පැකට්ටුවක් ගෙන්වන්නට ඩොලර් නැති තත්ත්වයක් තිබුණත් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට බුරුතු පිටින් විදේශ ගත වන්නට ඩොලර් කොහෙන්දැයි වහාම රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වන්න වත් රටෙි ඩොලර් නැති බව කී එජාප මහාලේකම්වරයා දේශපාලකයන්ට පවුල් පිටින් රට සවාරි යන්නත් කෝවිල් ගානේ ගිහින් පූජා පවත්වන්නත් ඩොලර් තිබෙන බව කීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වූ වාමාංශික ආණ්ඩු පැමිණි සෑම අවස්ථාවකදීම මිනිස්සුන්ට උරුම වූයේ බඩගින්න සහ හාමත පමණක් බවද එජාප මහලේකම්වරයා වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්න වහල්ලුන්ට මේවා කියලා වැඩක් නැහැ.අනිත් එක යූ.එන්.පී එකටනම් නැගිටීමක් නැහැ
මෙන්න මේවා තමයි ජනතාවට උත්තර ඕන ප්‍රශ්න
ඔයාලගේ සල්ලි තියෙනවා වගේ තමයි එයාලගේ සල්ලි තියෙන්නෙත්... ස්විට්සර්ලන්තයට ඩොලර් හිඟයක් නෑනේ..
මැරිලා ඉපදිලා වගේනේ ..තමුන්ගේ නායකයා රනිල් තිරුක් කෝවිල් ගිහිල්ලා ඔහුගේ බරට දුන්නේ මොනවද කියලා අදටත් රහසක් .ඒත් තමුනුත් ඉන්නේ අසූචි වලක බව දන දැනත් අනුන්ගේ කුණු අවුස්සනවා
ගිය ආණ්ඩුව මොනවා වුණත් රටේ අධිකරණයට ස්වාධීනව කටයුතු කරන්නට ඉඩ දී තරමක් දුරට ප්‍රජාතාන්ත්‍රිකව වැඩ කළා. ඒ නිසා තමයි පළමුවරට බැඳුම්කර සිද්ධිය එළියට ආවේ.. ඒ හේතුව නිසා තම පාර්ශවයේ වැරදිත් ප්‍රසිද්ධියේ එළියට ආවා. ඒත් පාස්කු බෝම්බ සිද්ධිය ඉතා අවාසනාවන්ත ලෙස ඔවුන්ට අපකීර්තිය ගෙන දුන්නා. ප්රජාතන්ත්රවාදය නාමිකව ගෙනියන මේ ප්‍රධාන පක්ෂ දෙකම අසීමිත වරප්‍රසාද භුක්ති විඳිමින් දේශපාලකයින්ගේ සහ හිතවතුන්ගේ වත්කම් තරකර රටේ මිනිස්සු හිඟන්නන් බවට පත්කළ දේට වගකිව යුතුයි. ඒත් වර්තමාන කට්ටිය වගේ ඇවිදින මංතීරු උමතුව නම් කිසි කෙනෙකුට තිබ්බාදැයි සැකයි. ඒ වගේමයි රට නිවාඩු යන්න තියන උමතුව...
සෞඛ්‍යමය හේතූන් පරහට හිටියේ නැත්නම් දේවාල වන්දනාවෙන් පස්සේ ජනවාරි දෙවෙනි දින සිට ඩුබායි සංචාරයක් සඳහා යෑමට සුදානම් බවයි ආරංචි. ඒ ගමනත් අර උගන්ඩාවෙන් ආපු ගුවන් යානයෙන්ම යනවාද කියන්න නම් බැරිලු. කලින් වගේ දැන් හිටිහැටියේ ශ්‍රී ලන්කන් ගුවන් යානා ගන්නත් අමාරු බවයි කියන්නේ....
ඇමතිවරු සතුව කොමිස් ගහපු ,හොරා කාපු සල්ලි කෝටි ගණනක් ස්විස් බැංකු වල තිබෙනවා .ක්‍රෙඩිට් කාර්ඩ් එක අරන් ඔවුන්ට ලෝකේ ඕනෙම තැනක යන්න පුළුවන්
එදත් වුණේ ඕකමයි... අදත් වෙන්නේ ඒකමයි. හැබැයි හෙට මේක නැවත වෙන්න ඉඩතියන්නේ නැහැ... එදත් රජයේ සෙට් එක සැප විඳිනවා. අදත් සැප විඳිනවා. ජනතාව දුක ඉවසාගන්න බැරිව හිත්වේදනාව නිසා දියවැඩියාව, හෘදරෝග, වගේ ලෙඩ හැදිලා අකාලයේ මියැදෙනවා. එහෙම මැරුණාම කොරෝනා කියලා ලේබල් ගහලා වෙනම ගාණක් හම්බ කරන් කනවා.
බබා, නලවන්නද නින්ද යනකන්...?