
(අජන්ත කුමාර අගලකඩ)
වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින් ,කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් කතුවරුන් සමඟ අද පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළේය.
කැබිනට් තීන්දුවකට එරෙහිව අධිකරණයට යනවා නම් අමාත්‍ය ධුරයෙන් ඉවත් වී එය කළ යුතු බවද ඔහු සඳහන් කළේය .
එසේ නොමැතිව කැබිනට් මණ්ඩලයේ සිටිමින්ම කැබිනට්තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ එම තීන්දුව විවේචනය කිරීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරීමක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය .
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීම සම්බන්ධයෙන් මාර්ක් ප්‍රනාන්දු විනිශ්චකාරවරයා විසින් දෙන ලද තීන්දුවක් ද තිබෙන බව ජනධිපතිවරයා සිහිපත් කළේය ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් ජනාධිපති මන්දිරයේදී ඊයේ හමුවූ අතර, එහිදී පුවත්පත් කතුවරයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය .
එමෙන්ම ,ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ක්‍රියා කලාපය ඇතැම් ඇමතිවරුන් විසින් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමද වැරදි බව කී ජනාධිපතිවරයා එමගින් ජනතාව අතරට වැරදි මතයක් යන බව කීවේය .
මෙ හැම දෙයකටම වගකිව යුත්තේ එකම නිලධාරියා බවට ජනතාව අතර වැරදි අවබෝධයක් එමගින් ඇති වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
තමා සද්භාවයෙන් ආරම්භ කළ කාබනික වගා ව්‍යාපෘතියට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කිසිදු සහයෝගයක් නොලැබුණු බව කී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලාපොරොත්තු වූ දේ කිරීමට එමගින් හැකියාව නොලැබුණු බව ද සදහන් කළේය.
කාබනික වගා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන් සහ ජනතාව දැනුවත් නොකළ බව කී ජනාධිපතිවරයා විෂයභාර ඇමැතිවරයාට පමණක් එය තනිව කළ නොහැකි බව ද කීවේය .
කාබනික පොහොර වැඩසටහන යටතේ සියයට තිහක් කාබනික පොහොර භාවිතයෙන්ද ,සියයට හැත්තෑවක් රසායනික පොහොර භාවිතයෙන් ද සිදුකරන බවට කෘෂිකර්ම අමාත්‍යංශය මුලින් පැවසුවද පසුව ඒ දෙකේ මිශ්‍රණයක් ලෙස සිදු කරන්නට ඔවුන් කටයුතු කළ බවද හෙතෙම කීවේය.
රසායනික පොහොර ආනයනය නම් කරනු ලැබුවේ කාබනික පොහොර වැඩසටහන ආරම්භ කර වසර කට පසුව බවද ඔහු සඳහන් කළේය .
චීන පොහොර නැවේ ප්‍රමිතිය සහතික කිරිමට පෙර බැංකුවේ එල් සී විවෘත කිරීම වැරදි බව ද ඔහු කීවේය .
තමා ජනාධිපති ධුරයට පත් වන විට වී සඳහා පැවැතුණේ රුපියල් 30 ක මිලක් බව කී ජනාධිපතිවරයා තමා එය රුපියල් 50 දක්වා වැඩි කළ බවත් ,එමගින් ගොවීන්ට හොඳ ආදායමක් ලැබුණු බවත් කීවේය තමා විවේචනය කරන අය ගොවීන්ට ලැබුණු වාසිය ගැන කිසිවක් කථා නොකරන බව ද ජනාධිපතිවරයා කීවේය
ආර්ථික ප්‍රශ්නය සහ ඩොලර් හිඟය ඇතිවූයේ කොවිඩ් අර්බුදය හේතුවෙන් බව කී ජනාධිපතිවරයා එය තමාට පමණක් නොව ලෝකයට ද මුහුණ දෙන්නට සිදු වූ අවාසනාවන්ත තත්වයක් බව ද සඳහන් කළේය .එනිසා මේ ප්‍රශ්නය අල්ලාගෙන තමාට පමණක් දොස් කීම වැරදි බව ද රාජපක්ෂ මහතා කීවේය.
කොවිඩ් හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමත් ,විදේශ රැකියා වලින් ලැබුණු ආදායම අඩුවීමත්, ඩොලර් අරබුදයට බරපතළ ලෙස බලපෑ බව ඔහු ප්‍රකාශ කළේය. තමා බලයට පත් වී වසරක් යාමට පෙර කොවිඩ් අර්බුදය පැමිණි බව කී ජනාධිපතිවරයා සැලසුම් කළ බොහෝ දේවල් කිරීමට ඒ නිසා නොහැකි වූ බව ද සඳහන් කළේය .
ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 360 ක් ද ,ගල් අගුරු ආනයනය සඳහා වසරකටඩොලර් බිලියන තුනක් ද වැය කරන බව කී ජනාධිපතිවරයා එය ආර්ථිකය ට ද දරා ගැනීමට කිසිසේත් හැකියාවක් නැති බවද කීවේය .
මේ තත්වයෙන් මිදීමට පුනර්ජනනීය බලශක්තිට යොමු විය විය යුතු බව කී ජනාධිපතිවරයා තමා ඉදිරියට ප්‍රමුඛතාව දෙන්නේ ඒ සඳහා බව ද කීවේය.
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අටසීයක් පමණ සූදානම් කර ටෙන්ඩර් කැඳවනු ලැබූ ද, ලැබුණේ ටෙන්ඩර් 150ක පමණ ප්‍රමාණයක් බව ද ඔහු කීවේය.
මේ අතර ,ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ඇතැම් සභාපතිවරුන් පත්කිරීම අසාර්ථක වූ අවස්ථා තිබෙන බව ද ,රටේ මහාචාර්යවරුන් පත් කරපු ඇතැම් තැන් ද අසාර්ථක වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය .එම තැන් වලට දේශපාලඥයන් පත්කළේ නම්, වඩාත් හොඳ බවද හෙතෙම සඳහන් කළේය
තමන්ට තවත් වසර තුනක කාලයක් තිබෙන බව කී ජනාධිපතිවරයා සැලසුමක් අනුව කටයුතු කරන බවද සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ හරි පිට වැරදි පටවලා ඇද ඇද හිටපන්.අනේ මෙහම පුස් වීරයෙක්
මේ තරම් විනාශයක් කරලා තියෙද්දිත්, තවමත් මෙයා කියන්නේ මම තමයි හොඳටම කරේ කියන දේ. ආර්ථික අර්බුදයට මූලිකම හේතුව වුනු ගජ මිතුරන්ට බදු සහන දීමට බදු කපා හෑරීම සහ ජාත්‍යන්තර වශයෙන් කොන් වීම ගැන කතා කරන්නේ නෑ ලෝකයේ අනිත් රටවලටත් කෝවිඩ් තිබුනා. ඒත් මේ වගේ විනාසයක් වුනේ නෑ. කරුනාකරලා තොලන්චි වෙලා යන දීපෙක යනවා නම් හොඳයි
ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ක්‍රියා කලාපය විවේචනය කිරීම, කැබිනට් තීරණයකට එරෙහිව අධිකරණයට යාම සහ කැබිනට් තීන්දුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම දුෂිත අන්තවාදී කල්ලියක් නිසා සිදුවූවක් නිසා ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට නම් මොවුන් පිළිබඳව තීන්දුවක් ගතයුතුවේ. ආණ්ඩුවෙන් යන්න කියා කොපමණ කීවද මොවුන් ආණ්ඩුවෙන් නොයා සිටින්නේ වරප්‍රසාද නැතිවන නිසා බව හැමෝම දනී...
කොන්ද පණතියේ නම් අයින් කරන්නකෝ ඔය තුන් දෙනාම... රටට විහිළු සපයන්නේ නැතිව...
ඔබට මේ ඇමැතිවරු ගැන බලාපොරොත්තු තියන්න බැහැ...!
තමුන් දන්නා දේවල් ගැන පමණක් ප්‍රකාශ කල යුතුයි.පාලක කමට පත් වූ පමණින් හැම දෙයක්ම දන්නවා යැයි සිතීම මෝඩයාගේ ලක්ෂණය
පොහොර මාෆියාව මුලු කෘෂිකර්ම අමාත්‍යාංශයම ගිලල තියෙන්නේ. කාබනික වගා ව්‍යාපෘතිය ගැන අලුතින්ම හිතන්න වෙයි. එය රටට අත්‍යවශ්‍යයි.
ඔබතුමා විවේචනය කරන්නේ වැරදි පුද්ගලයන්වයි.මේ රට අගාධයට ගියේ එහෙයියන් නිසයි .සුදුසුම විද්වතුන් වෙනුවට දේශපාලුවන් පත් කලොත් රට තවත් අගාධයට යයි.කෙලින් වැඩ කරන නිලධාරීන් ඔබ ඉවත් කළා.දැනටමත් අපි එහි පල විපාක විඳිමින් සිටිනවා.වැඩියෙන්ම අසාර්ථක වී ඇත්තේ ඔබතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයයි.මේ හැම කෙනෙක්ම ගෙදර යැවිය යුතුයි .
ඔබතුමා හැම දෙයකටම නිදහසට කරුණු කීම ,ඔබ අසාර්ථකයි නේද කියා අපේ ඇසීම නේද, ජනතාව එය තේරුම් ගෙන ඇත
විවේචනය වගේම එහෙම කරන්න හේතුව මොකද්ද කියලත් හොඳට හොයලා බලන්න. අපි කාටවත් මල්ලි නම් ෂුවර් නෑ
සර්....... ඉස්සෙල්ලා ඔබතුමා තේරුම් ගන්න ඔබ තුමාට බැහැ කියන එක ඔය තනතුර දරන්න . රටක් පාලනය කරනව කියන්නේ, හමුදාවේ ප්ලැටූන් එකක් භාරව ඉන්නවා වගේ නෙවෙයි නේ . රට දැන් අනාථ වෙලා ඉවරයි . ඉතිං රට ගැන හිතල දැන්වත් තීරණයක් ගන්න .
තමන් දුරදිග නොබලා නිසි අවබෝදයකින් තොරව ගත් තීරණ සහ ඒවායෙහි ඇති අසාර්ථකත්වය පිළිබද අන් අයට වරද පැටවීම නිවැරදි නායකත්වය නොවේ
හැබැයි මුළු රටම දොස් කියන්නේ තමුන්ටයි කියලා ඉස්සෙල්ලා දැනගන්නවා හොඳයි.
සර්ගේම නාට්‍ය පිටපතට අනුව ඔවුන් රඟපාන බව අපි දන්නවා
එලියට බැහැලා යන්න එයාලට කොන්දකුත් නෑ, කනෙන් ඇදල එලියට දාන්න මෙයාලට කොන්දකුත් නෑ.
අමාරුවෙන් හරි සෞභාග්‍ය කරා යමු
බොරු රඟපෑම් නැතුව තුන්දෙනාව ආණ්ඩුවෙන් එළවලා පෙන්නවන්න.
ගොවිතැන් කරන්න ඕන කෘෂිකර්ම අමාත්‍යාංශයේ විශේෂඥයින්ගේ අදහස් අනුව මිස ජනාධිපතිගේ උපදෙස් මත නොවේ. ඒකවත් තේරෙන්නේ නැහැ.
තවත් කයිවාරුවනම් අඩුවෙලා නෑ
අර ඇමති තුන්දෙනාම කියන්නේ යුගදනව් ගිවිසුම කැබිනට් එකේ සාකච්චා වුනේ නැහැ කියල. ඉතින් කොහොමද කියන්නේ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරීමක් කියලා. අනුර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සභාගත කරනතුරු, ආණ්ඩුවේ කැබිනට් ඇමතිලා පවා දැනගන හිටිය නැහැ එම ගිවිසුමතුල අන්තර් ගතවූ දේවල්. මේ ආණ්ඩුව සේරම කරන්නේ කොලේ වහල හැංගි හැංගි.
ඔව් ඔව් ඔක්කොම වැරදියි මම තමයි පොර මමකියන දේ කරපල්ලා එතකොට රට ට කිරි උතුරාවී. මොකද්ද හරියට කරේ ?
කොවිඩ් නිසාද රට පුරා ගෑස් පුපුරන්නේ? කොවිඩ් නිසාද චීන කුණු පොහොරට වන්දි ගෙවන්නේ? පවුලේ සාමාජිකයන් ඇමති කාර්ය මන්ධලයට ඇතුලත් කරගන්න බැහැ කියල මේ ජනාධිපති කිව්වා. නමුත් අගමැති, කතානායක ඇතුළු බොහෝ ඇමතිලා ජනාධිපතිගේ මේ නියෝගය කඩකරලා ඉන්නේ. මේකත් පාලනයක බැරි වුනෙත් කොවිඩ් නිසාද? මේවා නොහැකියාව මිස කොවිඩ් හේතුවක් නොවේ.
ලොකු කතා වැඩ නෑ
ජනාධිපතිට ඇමතිවරුන් ඉවත්කිරීමේ සම්පූර්ණ බලතල සහිතයි. ඇයි ඔබතුමා ඔවුන් ඉවත් නොකරන්නේ. පුවත්පත් කර්තෘ න්ට හා ජනතාවට පැවසීමේ ප්‍රතිඵලයක් තියෙනවද?
හැම එකම කොරෝනා පිටින් දාන වැඩ බැරි දාස. වැඩක් හරිගියොත් නන් ඒක තමුන්ට. වරදිද්දී ඒක අනිත් ඇමතිලා හින්ද. ඒ ඇමතිලා කරන්නේ වැරද්දක් නන් ඉතින් තමුන්ගේ විධායක බලතල පාවිච්චි කරලා අයින් කරන්ඩකෝ. නිකන් බයිලා ගගහ ඉන්නේ නැතුව.
කෘෂිකර්ම අමාත්‍යංශය තියා ගොවි නියාමක ඇවිල්ල වත් කාබනික වගාව ගැන කතා කලේ නැහැ. රජයයි/කෘෂිකර්ම අමාත්‍යාංශයයි දෙක ගියේ පාරවල් දෙකක . කාගේ කුමන අවශ්‍යතා වුනත් ,කාබනික ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේ හැමෝගෙම අදහස් විමසල ප්‍රතිපතිමය එකඟතාවකට රටම එන්න තිබුණ .ඒ දේ වුනෙ නැහැ . හැමෝටම විවිධ කතා කියන්න ඒ හරහා අවස්තාව ලැබුණ මේක රටේ දේශපාලකයින්ගේ ,තීරණ ගන්න උදවියගේ සාමුහික තීරණ නොගැනීමේ වරදක්
කරුණා කරලා සාමූහික වගකීම හා සාමූහික පවුලේ වගකීම කියන වචන පේලි දෙක විග්‍රහ කරලා තේරුම් කරලා දෙන්නකෝ
ඔය ඔක්කොටම වඩා මුදල් වියදම් වෙන්නෙ දූෂණයටයි...වංචාවටයි...නාස්තියටයි...නෙමේද ජනාධිපති තුමා...ඇයි ඒව ගැන වචනයකවත් කථාවක් නැත්තෙ...හිසරදේට කොට්ට මාරු කරල හරියන්නෙ නෑනෙ...ඉස්සර වෙලාම වංචාව ...දුෂණය...නාස්තියට හවුල් වුන මිනිස්සු ටිකට දඩුවම් කරල ඉන්න...
මේ දක්වා කරපු එක දෙයක් කියන්න පුලුවන් නං. කරපු කරපු දේවල් වැරදුන .
අච්චර දියුණු ඔබතුමාගේ මවුරට වන ඇමරිකාවෙත් කාබනික පොහොර දමලා වවන්නේ 5% අඩු ප්‍රමාණයක් ,ඉතින් අපි කොහොමද 100% එක පාරටම කාබනික පොහොර වලට යන්නේ,ඔබතුමාට පිස්සුද?
නිකන් උද බලාගෙන කෙල ගහන්න එපා.ඔය කණ්ඩායම එලියට දමන්න ඔබට කොන්දක් නැත
කැබිනට් මණ්ඩලය කියන්නේ ව්‍යවස්ථාපිත ආයතනයක් නෙවෙයි. ඇමැති මණ්ඩලය කියන්නේ ආණ්ඩුව... දැන හෝ නොදැන ආණ්ඩුවෙන් නිකුත් කරන හැම ගැසට්වලටම ඇමැති මණ්ඩලය වග කියන්න ඕනෑ. ඇමැතිලාට බැහැ... ඇමැතිකමේ ඉඳගෙන ගැසට්වලට විරුද්ධව අධිකරණවලට යන්න. පැමිණිල්ලයි, විත්තියයි දෙකම වෙනවා එතකොට. සාකච්ඡා කරලා සාමුහිකව තීරණ ගන්න ඕනෑ කියන එක මීඩියා ශෝ එකක් විතරයි. ඔය ගැසට් එකකට ඕන ජනාධිපති පත්කළ අදාල අමාත්‍ය ලේකම් අත්සන විතරයි..
සම්පූර්ණ ඇත්ත.. රටේ සියලුම ජනතාව ඔබ සමග සිටිනවා. ජනපතිතුමනි...
"එකම ඖෂධය විවිධ මිලට ජනතාව අසීරුවේ" "ජනතාව රත්රන් බඩු කිලෝ හයසීයක් විකුණලා" "පිටකොටුවේ තොග වෙළඳාම සියයට 75කින් අඩුවෙලා" මේ ටික ඉරිදා ලංකාදීප සිරස්තලවල්.සර් ෆේල් තවත් අවුරුදු 3 ක් මෙහෙම ගියොත් රට ඉවරයි
ආපු ගමන් මිතුරන්ට බදු සහන දීල රජයේ ආදායම නැති කර ගත්තා . ඊට පස්සෙ යාලුවෙකුට සීනි වංචාව කරන්න දිලා කෝටි ගානක් රජයට අහිමි කලා. ඒ වගේම අයියා කොමිස් ගහන්ඩ හදපු ආදායමක් නැති වරායවල්, ගුවන් තොටුපලවල් නෙලුම් කුලුනු වල ණය ගෙවන්ඩ තියෙන ඩොලර් ටික දෙන්ඩ වුනා. පොහොර තහනම් කරල එලවලු ටික විනාස කරා. මේ එකක්වත් කෝවිඩ් හින්ද වුනු දේවල් නෙවෙයි. ආර්තිකය වැටුනෙ මෙයාලගෙ මෝඩ තීරන සහ වංචා නිසා
සර්ට පව්. ඔච්චර හොඳට කරලා බැනුම් අහනවා...
ඡන්දයක් ලංවෙද්දි ලංකාවේ මිනිස්සුන්ව ටොප් එකට අන්දන්න උවමනා වෙද්දි මමයි යුද්ධෙ සැලසුම් කරලා දිනුවේ කියන සර්, පිටරට මාධ්‍යයවේදීන් යුධ අපරාධ ගැන අහද්දි මම හිටියේ කොළඹ සරත් ෆොන්සේකා තමයි යුද්ධෙ කලේ කියනවා. දැන් නම් ටිප් ටොප් එකට තේරෙනවා සර්ගේ සැලසුම් ගැන. බැසිලුත් යුද්ධෙ කලා කියලානේ මේ සැරේ මුදල් ඇමති විදිහට ගෙනාවේ. අනේ බුදු සර් පොඩ්ඩක් කමිටුවක් දාලා හරි හොයලා බලන්න නාමලුත් යුද්ධෙ කලාද කියලා. එහෙම මොකක්හරි උපකල්පනයක් ගොඩනගන්න සාක්ෂි හම්බුනොත් සර් ඉතිරි වෙලා තියෙන ඩොලර් බිලියනයම ඇමෙරිකාවට දීලා කියන්න ලංකාව සිතියමෙනුත් නැතිවෙන්න එක මිසයිලයක් ගහන්න කියලා. නැත්නම් ලබන සැරේ යුද්ධෙ කලා කියලා නාමල් වත් ජනාධිපති කරලායි අපේ බත් කන හරක් නවතින්නේ. සර්ලාට සහ සර්ලාගේ දෙමාපියන්ට තෙරැවන් සරණයි. (*** සර්ලා සර්ලාගේ ඇමෙරිකාවේ ගෙවල් වල ඉදන් සැපට බලන් ඉන්න හොදේ අපිට මිසයිලේ එවන හැටි)
මේ හැමෝම බැණ බැණ යනවා. මේ මේ සින්දුව අහලා යන්න.. වැඩ කරන අපේ විරුවා... !!!
එක කොළ අතකට රතු 10ක්...
නන්දසේන මහත්තයෝ.ඔබතුමාට රට,කරන්න බෑ.ඒ සදහා අවශ්‍ය බුද්ධිය හෝ කලමනා කරන දැනුම ඔබට නෑ.ලක්ශ 69ම රැවටුනා.ඔබට,බැනලත් වැඩක් නෑ.ඔබට දැනුමක් හෝ දැකීමක් නෑ.ඒ නිසාම වටේ ඉන්න පල් හොරු සෙට් එක ඔබව,නන්නත්තාර් කරල තියෙන්නෙ.අයියටත් ඕකම උනා.රටට ඕනෙ එකම එක හොද කලමනාකාරයෙක් විතරයි. ඔබ ඇමරිකාවෙ අවුරුදු ගානක් ජීවත් උනා.ඔබ හොදටම,දන්නවා ඒ රටේමිනිස්සු වැඩකරන හැටි.ඒ රටේ සිස්ටම්..ඒවයින් බිදක් හරි මෙරටටත් ලබා දුන්නනම් විශේශයෙන් කාර්‍යක්ශමතාව නාස්තිය දූශනය නැතිකිරීම වගේ දේවල් ඉතා ලේසියෙන් ඔය,දූශිත අමාත්‍යාංශවලට ඇතුල් කරන්න තිබුන.ඇමරිකාවෙ රොකට් සයන්ස් තිබ්බට එදිනෙදා ජිවිතේ තියෙන්නෙ සරල ක්‍රම. ඔබ හොදටම දන්නවා ඇමරිකාව ප්‍රබල රටක් වෙන්නෙ රටේ ජනතාවගෙ ශක්තිය,නිසා බව.ඒත් ඔබ ලංකාවෙ ජනතාව ශක්තිමත් කරනවා වෙනුවට ඔවුන්ව අන්ත අසරන දුප්පතුන් කරල,දැම්මා.දැන් ඉතින් රට ගොඩ ගන්නව බොරු. ඔබට,මතක,ඇති අර තාප්ප ලස්සන,කරපු,චිත්‍ර ඇදපු,පාරවල් සුද්ද කරපු,කුඹුරු අස්වද්දපු,ගස් හිටවපු තරුන පරපුර.එදා උන් පෙන්වා සිටියේ උන්ගේ ජවය ශක්තිය සහ රට වෙනුවෙන් ඉදිරියට ඇවිත් පෙන්නපු කැපවීම.ඔවුන් ඔබට රතු පලසක් දමා ඉදිරි ගමන් මග,පෙන්නුවා
මෙච්චර රටට විනාසයක් කරලත් වහල්ලු වෑසිකිලි වලදන්නෝ තාම අඩුවෙලා නෑහෑ ,නෙදකින් මුන්
මෙන්න මේ හාදයට කවුරු හරි ලේන්සුවක් අරන් දීපල්ලා අඩල හොටු හූරගන්න..හැම එකටම හේතුව කොරෝනා කියල බිල්ලො පෙන්නල ඇඟ බේරගන්න හදන මේ නිවට පඹයෙක්ගෙන් කොහොමද රටට වැඩක් වෙන්නෙ.එක තීරණයක්වත් නෑ රිවර්ස් නොකරපු..බලේ ගන්න ජාතිවාද අවුස්සල බෝම්බ ගහල රටේම බොරු කියල ඇවිත් දැන් හොට බිම ඇනගෙන ඥාණක්කලාගෙන් උපදෙස් අරන් බලි තොවිල් කර කර පිස්සු නටන මේ මිසදිටුවන්ගෙන් ශ්‍රී ලංකාව ගලවාගන්න මිනිස්සු එකතු විය යුතුයි.
නන්දසේන මහතාණෙනි. ඔබට රටක් පාලනය කිරීමට අවශ්‍ය දැනුම හෝ බුද්ධිය නෑ. ඒ නිසා ජනතා ප්‍රශ්න ඔබට තේරුම් ගන්න බෑ. වටේ ඉන්න හෙන්චයියලාගේ අදහස් වලට සවන් දෙමින් අණකිරීම් කරනවා මිස... ඒ නිසා හොඳම දේ ඉවත් වී ඇමරිකාවට ගොස් විශ්‍රාම සුවයෙන් ගත කිරීමයි. කැමති නම් තෙල් ගහන රස්සාව නැවත කරන්න පුලුවන්... මීට වඩා මේ රට, විනාශ කරන්න එපා...
දැන් කාටත් තේරෙනවා ඇති රටක් හොඳින් පාලනය කරන්නේ කොහොමද කියලා.. දන්නැති මවාගත් නායකයෙකුට විධායක බලතල මදිවට පාර්ලිමේන්තුවේ 2/3 බලයකුත් දුන්නාම වෙන වැඩේ. ඔහුගේ ප්‍රකාශවලින් තේරුම් යන්නේ රට පාලනයට ප්‍රමාණවත් අවබෝධයක් නැතිකමයි. දන්න අයගේ අදහස්වලට සවන්දී, තීරණ නිගමනවලට එළඹෙනු වෙනුවට තමන් හිතන දේම හරියයි සිතා තීරණවලට එළඹී ඒවා කරන ලෙස අන්‍යයින්ට බලකිරීම නිවැරැදි නායකත්ව තීරණ නොවන බව ඔහුට නොවැටහීම රටේ ජනතාවගේ අභාග්‍යයක් මිස වෙන කුමක්ද?
ඇමැති තිදෙනා කෙසේවෙතත් බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ මේ රට විනාශ කළා. හොරකම්, වංචා, දූෂණ, අවනීතිය, අසාධාරණය, බොරුව, රැවටීම, නාස්තිය මිස තමුන්ගේම අයගෙන් රටට මොනවද සිද්ද වුනේ. නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරපු එක. ජන ජීවිතය විනාශ කරපු එක. සෞභාග්‍යයේ දැක්ම පෙන්වපු හැටි කියන්න වචන නැහැ.
රට, ජාතිය, ආගමට කරපු අපරාදෙට පවුලටම සාප වෙන්න ඕනේ...
අකාර්යක්ෂම රාජ්‍ය නිලදාරීන් සහ නූගත් ඇමතිවරු සහ විපක්ෂය සමග ඹබතුමා කරන අරගලය අපිට පේනවා. හොද වැඩ දිගටම කරගෙන යන්න. හැබැයි අවබෝධය තමයි වැදගත්
ඔබතුමා තියා වයිමා ආවත් මේ නිලදාරීන් එක්ක වැඩ කරන්න බැහැ.