(ආනන්ද ඉ ජයකොඩි)
පුස්සැල්ල යටගම ප්‍රදේශයේ පොල් වත්තක තිබූ යූරියා පොහොර මිටි විස්සක් සොරා ගෙන ගිය සොරෙකු අද (28) අලුයම අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පැවසීය.
පුස්සැල්ල යටගම ප්‍රදේශයේ පොල් වත්තක මඩුවක් තුළ තිබූ යූරියා පොහොර මිටි විස්සක් ඉකුත් 25 වනදා රාත්‍රී සොරා ගෙන ගොස් තිබිණ.
මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් අද (28) අලුයම එම ප්‍රදේශයේම නිවසක් වටලා සැකපිට පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පොහොර මිටි සොරා ගෙන ඔහූගේම කුඩා ලොරියකින් අනුරාධපුර ප්‍රදේශයට එම පොහොර තොගය රැගෙන ගොස් රුපියල් පණස් දහසක මුදලකට විකිණීම කළ බවට පිළිගැනීමෙන් අනතුරුව එම ලොරියත් පොහොර විකුණා ලබා ගෙන තිබූ රුපියල් පණස් දහසක මුදලක් ද සමග සැකකාර හොරා අත් අඩංගුවට ගත් බවද පොලීසිය කීය.
අමුත්තන්ගේ රාත්‍රිය යන මැයෙන් නම් කොට තිබූ එම මෙහෙයුමේදී පොහොර හොරාට අමතරව මත්පැන් පානය කොට වාහන පදවා ගෙන ගිය රියදුරන් සිව් දෙනෙකු, කසිප්පු ළග තබා ගෙන සිටි පුද්ගලයින් හය දෙනෙකු, ගංජා ජාවාරම් කාරියක් හා පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කොට සැගවී සිටි පුද්ගලයෙකුද අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය කීය.
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතාගේ මෙහෙයවීම යටතේ එහි පොලිස් පරීක්ෂකවරුන් වන සුනිල් ප්‍රේමරත්න, මහින්ද, උප පොලිස් පරීක්ෂක වරුන් වන වීරසිංහ, ප්‍රියංග හා පොලිස් සැරයන් ජයතිලක යන මහත්වරු ප්‍රමූඛ පොලිස් නිලධාරීන් පිරිසක් එම මෙහෙයුමට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd