
(නිමල කොඩිතුවක්කු)
සීයට 8ක බස් ගාස්තු සංශෝධනය සහ අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය ගෙන ඇතැයි කියන තීරණය සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත් නොවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
මෙම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් වෙත තවම කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවත් විජේරත්න මහතා සඳහන් කළේය.
ඉන්ධන මිල ඉහළ යාම, බස් රථ අමතර කොටස් වල මිල ඉහළ යාම, ලිහිසි තෙල් මිල ඉහල යාම, සේවා ගාස්තු ඉහළ යාම ඇතුළු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් බස් හිමියන්ට සහනදායි වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ සන්තක කිරීම
මේ ම්නිස්සු පොල් පටවන්න වගේ මිනිස්සු පටවාගෙන , දාඩිය පෙරාගෙන, කිසිම කාලසටහනක් නැතිව මේ සේවය කරගෙන යන නිසා තමයි මිනිස්සු මේවගෙන් ඈත් වෙලා පුද්ගලික වාහන වල යන්නේ. කොවිඩ් කාලේ බස් ගාස්තු වැඩි කරලා ත් ,පොල් පටවන්න වගේ මිනිස්සු පත්වන් කියන මේ අය ඉන්නකල් පොදු ප්‍රවාහන සේවය හදනවා බොරු
එහමනම් ළඟදීම නව ගැසට් පත්‍රයක් නිකුත් වේවි, බස් සංගමේ අවශ්‍ය පරිදි මිල සංශෝදන කල හැකි බව.
අපිට 50%ක බස්ගාස්තුවක් ඕනේ... පාඩුවට දුවන්න බෑ...
මුන්ට තේරෙන්නේ නැත්ද බස් ගාස්තු වැඩි වන තරමට මිනිස්සු වෙනත් විකල්ප වලට යන බව. බස් වලින් යන අය තවත් අඩු වෙනවා .