අද දවසේ කාලගුණය උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද (17) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 November 2021
ඩොල්පින් වසන්තය ඇරැඹෙයි කල්පිටිය සිදුතෙරට ඩොල්පින් වසන්තය උදාවී ඇත. මසක් පමාවී මෙවර ඩොල්පින් නැරඹුම් සමය උදාවූ බැව ඩොල්පින් යාත්‍රා කරුවෝ පවසති. 17 November 2021
සියලු දහම් පාසල් 28 දා විවෘත වේ සියලුම බෞද්ධ ආගමික දහම් පාසල් මේ මස 28 වැනිදා (ඉරිදා) සිට යළි ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබේ. 17 November 2021
නරක් වූ අල තෙගයක් දඹුල්ලෙන් අල්ලයි මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කන්ටේනරයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක තිබියදී සොයාගත් බව දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය කියයි. 17 November 2021
උද්ඝෝෂණ සංවිධායකයන්ට වැඩ වරදී සෞඛ්‍ය නීති කඩකරමින් උද්ඝෝෂණ සහ පෙළපාළි සංවිධාන කළ සංවිධායකවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය. 16 November 2021
සිරිල් ගාමිණි පියතුමෝ පැය 8කට පසු සී.අයි.ඩියෙන් පිටව යති රාජ්‍ය බුද්ධි සේවගේ අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමෝ දෙවැනි වරටත් අද (16) පැය 08කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්හ. 16 November 2021
අලුත් ආසාදිතයෝ 528 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 528 දෙනකු අද (16) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 16 November 2021
2026 විස්සයි20 ලෝක කුසලාන සත්කාරත්වය ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී) මෙහෙයවන 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකට ලබාදීමට තීරණය කර තිබේ. 16 November 2021
කොරෝනා මරණ 18 ක් වාර්තාවෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 18 දෙනකු ඊයේ (154) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළේය. 16 November 2021
මේ වෙලාවේ උද්ඝෝෂණ පැවැත්වීම වීරකමක් නොවෙයි සෞඛ්‍ය අංශ අසීමිතව කැපවීම් කර ලබා ගත් ජයග්‍රහණය විපක්ෂයේ උද්ඝෝෂණය නිසා විනාශවීමට ඉඩ ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවැසීය. 16 November 2021
ආර්ථිකය ගොඩගන්න ජයිකා සහාය ජනපතිට ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් සිය සහාය දෙන බව ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂ ජනරාල් සකමොතො තකෙමා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අද (16) පැවැසීය. 16 November 2021
රථවාහන වැරැදි දඩ ගෙවන අලුත් ක්‍රමයක් රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ ගෙවීමේදී ‘ඔන්ලයින් තාක්ෂණයෙන්’ ගනුදෙනු කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුව ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි. 16 November 2021
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාවක් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ඒඑස්පීඅයි) ඊයේ (16) ඒකක 11,000 ඉක්මවා ගියේය. 16 November 2021
දෙවලපොළ පිරිවෙන් හිමිවරු 10 කට කොරෝනා දෙවලපොළ බලබෝව ප්‍රදේශයේ පිරිවෙන් හිමිවරුන් 10 නමක් කොරෝනා වයිරස ආසාදිතයන් එලෙස හඳුනා ගත් බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් කීය. 16 November 2021
කොරෝනා අවදානමක්: ඌවේ පාසලක් වහයි හල්දුම්මුල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් හතරක දූදරුවන් සහ ගුරු මණ්ඩලය කිහිප දෙනකුට කෝවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීම නිසා එක් විදුහලක් වසා තව පාසලක පන්ති වසා දැමීමට පියවර ගත් බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා පවසයි. 16 November 2021
කිරිබත්ගොඩ විරෝධතාවට ෆොන්සේකාත් එයි සමගි ජන බලවේගයේ පිරිසක් අද (16) දහවල් 2.00 පමණ කිරිබත්ගොඩ ඔරලෝසු කණුව අසල කොළඹ - නුවර මාර්ගය අසලදි නාම පුවරු ඔසවාගෙන නිහඬ විරෝධය යෙදුණහ. 16 November 2021
දකුණේ සිසුන් 148 කට ගුරුවරු 78 කට කොරෝනා දකුණු පළාතේ පාසල් සිසුන් 148කට සහ ගුරුවරුන් 78කට මේවනවිට කොරෝනා ආසාදනයවි ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන අධ්යක්ෂ නිමල් දිසානායක මහතා පැවසිය. 16 November 2021
කාලෙ බෝතල් නිෂ්පාදනය තහනම් කරන්න යයි මත්පැන් කාලේ බෝතල නිෂ්පාදනය තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි. 16 November 2021
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඖෂධ සැපයුම් කරුවන්ට පොල්ලක් රජයේ රෝහල්වලට ඖෂධ හා ශළ්‍ය උපාංග සැපයීම කරන දේශීය නිෂ්පාදකයන්ට සෞඛ්‍ය අමාත්‍යංශය රුපියල් කෝටි ගණනක මුදලක් මාස ගණනාවක් තිස්සේ ගෙවා නැතැයි සැපයුම්කරුවෝ සඳහන් කරති. 16 November 2021
’’බැසිල් කීවේ රාජ්‍ය සේවය රටට බරක් බව නෙවෙයි’’ රාජ්‍ය සේවය හා රාජ්‍ය සේවකයා රටට බරක් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ නොකළ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 16 November 2021
වයස 60ට වැඩි අයට තෙවෙනි මාත්‍රාව හෙට සිට වයස 60ට වැඩි ජනතාවට තෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීම හෙට (17) ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවැසීය 16 November 2021
සජබ පෙළපාළිය ගාලු මුවදොර දෙසට වැඩිවන ජීවන වියදම, රටේ පවතින පොහොර හිඟය ඇතුලු ජනතාව මුහුන දෙන ගැටලු මුල් කරගනිමින් “සාපලත් ආන්ඩුවට එරෙහි ජනතා බලය” මැයෙන්ස සමගි ජනබලවේගය සංවිධානය කළ විරෝධතාවය කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලය අසලින් ආරම්භ වි මේ වනවිට පිත්තල හන්දිය පසුකරමින් කොල්ලුපිටිය දෙසට ගමන් කරමින් තිබේ. 16 November 2021
රට පුරා පාසල්වල 6,7,8, සහ 9 ශ්‍රේණි 22 අරැඹෙයි රජයේ සහ රජයේ අනුමත පාසල් හි 6,7,8, සහ 9 ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ලබන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. 16 November 2021
සජබ පෙළපාලිය නිසා කොළඹ පාරවල් රැසක් වැසේ අධික ජීවන වියදම ඇතුළු ජනතාව මුහුණ දෙන ගැටලු රැසකට විරෝධය දැක්වීම සඳහා සමගි ජනබලවේගය ‘සාපලත් ආණ්ඩුවට එරෙහිව ජනතා බලවේගය’ යන තේවා යටතේ අද (16) පස්වරුවේ පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධයට සහභාගි වීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බස් රථ ඇතුළු රථ වාහනවලින් ජනතාව කොළඹට පැමිණීම නිසා කොළඹ සහ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තද බදයක් නිර්මාණ වී තිබේ. 16 November 2021
5 වැනි බිම්ස්ටෙක් සමුළුව ලංකාවේදී පැවැත්වීමට යයි 5 වැනි බිම්ස්ටෙක් සමුළුව ලබන වසරේ මුල් භාගයේ දී කොළඹ දී පැවැත්වීමට ශ්‍රී ලංකාව උනන්දු වන බවත්, ඒ අනුව සාමාජික රටවල් සමඟ සාකච්ඡා කර රැස්වීම පවත්වන දිනය දැනුම් දෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (16) බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා වෙත දැනුම් දී ඇත. 16 November 2021
ඉන්ධන මිල සූත්‍රයකට යළි යායුතුයි ඉන්ධන මිල සූත්‍රයකට නැවත යා යුතුයැයි තමා ආණ්ඩුවට යෝජනා කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මවුලානා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 16 November 2021
කාර්යාල සේවකයින්ගේ පහසුව සඳහා නව බස් සේවාවක් බත්තරමුල්ල සෙත්සිරිපාය සහ ඒ ආසන්නව පිහිටි කාර්යාල සේවකයින්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් සෙත්සිරිපාය පරිශ්‍රයේ සිට නව බස් සේවාවන් රැසක් අද(16) සිට ආරම්භ කෙරනු ලැබීය. 16 November 2021
‘අයවැයෙන් සෞඛ්‍යට වෙන්කළ මුදල මදි ‘ සෞඛ්‍ය ක්ෂේත්රය සඳහා වෙන් කළ මුදල මෙවර අයවැයෙන් රුපියල් බිලියන 67 කින් අඩු කර ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා (එජාප) පාර්ලිමේන්තුවේ දී අද (16) පැවසීය . 16 November 2021
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සා.පෙළ-උ.පෙළ උපකාරක පන්ති ඇරැඹිමට අවසර අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් සඳහා පමණක් උපකාරක පංති ආසන ධාරිතාවෙන් සියයට 50 ක උපරිමයට යටත්ව ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අවසර ලබාදී තිබේ. 16 November 2021
හෝටලයේ ගෑස් ටැංකිය පහක් රෝහලට යවයි රත්නපුර මධ්‍යම බස් නැවතුම ආසන්නයේ පිහිටි බේකරි කෑම නිෂ්පාදන අලෙවිහලක අද පෙරවරුවේ හදිසියේෙ ගෑස් ටැංකියක් පිපිරීමෙන් ඇති වූ ගින්නකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. 16 November 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026