
(අජන්ත කුමාර අගලකඩ)
ඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර 1500ක පමණ ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා මේ මොහොතේ ඩොලර් නිකුත් කළ නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව වෙළඳ අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි .
එම කන්ටේනර් නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඩොලර් කෝටි දෙකහමාරක පමණ ප්‍රමාණය ලබන මස මැද දී පමණ ලබා දිය හැකි බව ද මහ බැංකුව වෙළද අමාත්‍යාංශයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1200 ක පමණ ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි දෙකහමාරක පමණ මුදලක් ආනයන කරුවන්ට බැංකු හරහා නිකුත් කරන්නැයි වෙලද මාත්‍යාංශය මහ බැංකුවෙන් මීට සති දෙකකට ඉහතදී ලිඛිත ඉල්ලීමක් කර තිබිණි .
වෙළද අමාත්‍යංශය එම ඉල්ලීම කළේ එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා හමුවී කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි . එම ඩොලර් ප්‍රමාණය නිදහස් කිරීමට මහ බැංකුව මුලදී එකඟතාව පළ කර තිබූ නමුත් ඒවා පසුගිය සතිය වන විටත් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් විමසීමට ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මහ බැංකුවට ඉකුත් බ්‍රහස්පතින්දා ගොස් එහි අධිපති වරයාද හමුවි සාකච්ඡා කර ඇති අතර ,එම ඩොලර් ප්‍රමාණය මේ මොහොතේ නිදහස් කිරීම අපහසු බව මහ බැංකු නිලධාරීන් දැනුම් දී ඇතැයි ද වාර්තා වේ .
ලබන මාසයේ ගෙවීමට ඇති ඇමරිකානු ඩොලර් කෝටි 50 ක විදේශ ණය වාරික ගෙවීමට මහ බැංකුව ප්‍රමුඛතාව දී කටයුතු කරන බැවින් ,කන්ටේනර නිදහස් කිරීමට මේ මොහොතේ ඩොලර් නිදහස් නොකරන බව බව දැනගන්නට ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ බැංකු අධිපතිට තිබෙන්නේ විශාල කටක් පමණි...
අපි කිව්වනේ මෙයාලාට කරන්න බෑ කියලා කලින්ම. ඒත් ඒක කවුරුත් ඇහුවේ නෑනේ. රාජපක්ෂලාගේ, කබ්රාල්ලාගේ අතේ පැලවෙන බොරුවලට රැවටුණා. තව හිටියත් ඔච්චරම තමයි. ඒ නිසා මේ අසමත් කණ්ඩායම පලවා හැර රට බේරාගමු...
අපේ රටේ පාලකයෝ චීනෙ වහල්ලු.. ඔවුන්ට චීන ණය ගෙවන එක, රටේ මිනිස්සු බඩගින්නේ මැරෙන එකට වැඩිය ලොකුයි...
දේශපාලකයින්ට බනින එක නවත්තන්න!! බඩගින්නේ සිටීමට සැවොම සූදානම් වන්න. ඔවුන් තෝරා පත්කර ගැනීමේ වගකීම ඇත්තේ ජනගහනයෙන් බහුතරයයි. දේශපාලකයෝ නැවත නැවතත් එයම කළහ.. මේ අතර, ජනතාව නැවත නැවතත් ඔවුන් තෝරා පත්කර ගත්හ.
කබ්බ්‍රාල්ලා කියනවා මිලියන 25ක කන්ටේනර් නිදහස් කිරීමට ඩොලර් නැහැලු.. දෙසැම්බර් 31 වෙනකොට සංචිත ඩොලර් මිලියන 3.5 දක්වා වැඩි කරනවලු. කබ්බ්‍රාල් උන්නැහැගේ උද්ධච්ච හිතුවක්කාර තරවටු කිරීම නිසා විදේශ ශ්‍රමිකයින්ගෙන් ලැබෙන මුදල් 50%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩුවෙලා තියෙනවා. දැන් කළ යුත්තේ විදේශ ශ්‍රමිකයින්ට හා අපනයනකරුවන්ට වෙළෙඳපොළ විනිමය අනුපාතය ලබාදෙන ඩොලර් ගෙන්වා ගැනීමයි. මේ අතරතුර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් අදාල සහන ලබාගත යුතුයි. අකාර්යක්ෂම රාජ්‍ය සේවය අඩු කිරිම රටට යහපත් අනවශ්‍ය වියදම් අඩු කිරීමත් ඒ වගේමයි. මේ අවස්ථාවේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට අඩු මුදලකට ඩොලර් ලබාදිය යුතුයි. එම භාණ්ඩ සාධාරණ මිලකට අලෙවි කිරීම සඳහා නියාමන ඇති කළ යුතුයි.
ආගමික ස්ථානවල අය මහ සද්දෙට ලවුඩ්ස්පීකර් දමාගෙන අපාය, දිව්‍යලෝක, පින්, පව් ගැන කියලා අහිංසක මිනිස්සුන්ව බයකරලා මිනිස්සු ගාව තියෙන සල්ලි දේපල හූරාගෙන කනවා. ගස්, ගල්, පිළිම වන්දනාවට හුරුකරලා මිනිසුන්ව මෝඩකරලා ඒ අතරින්ම ආධාර හැටියට මුදල් දේපල ගරාගන්නවා.
වත්මන් ජනපතිවරයාගේ නමින් තවමත් මොකුත් ඉදිකළේ නැහැනේ... ඉක්මණින් ණයක් අරගෙන අඩුම තරමින් මංතීරු ටිකක්වත් හදන්න. එතකොට හොඳින්ම ඩොලර් ලැබෙයි. ජනාධිපති අකමැති නම් කබ්රාල්ගේ නමින් හරි ඉක්මන් කරලා වැසිකිළි ටිකක්වත් හදන්න ඩොලර් ප්‍රශ්නෙ ඉක්මණින් විසඳෙනවා සත්තම සත්තයි...
එතකොට වාරයේදී නරක්වෙන අලළූණුවලට මොකද කරන්නේ...? ෂෝට්ඊට්ස් හදන්න හෝටල් වලට දෙන්නද?
නිකන්ද කියන්නේ බොරුවට වැඩි ආයුෂ නෑ කියලා... මුලින්ම කිව්වා එච්චර කන්ටේනර් ප්‍රමාණයක් වරායේ නෑ කියලා... ඊට පස්සෙ කිව්වා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නිකුත් කරලා තියෙන්නේ කියලා... හැබැයි අවසානෙට ඇත්තම කියන්න සිද්ද වුණා... මම හිතන්නේ මොවුන් තරම් ලෝකෙ කිසිම කෙනෙක් බොරු කියන්නේ.. වංචා කරන්නේ නැතිව ඇති... දැන්නම් ලංකාවේ කියන්නත් ලැජ්ජයි..
දැන්වත් රුපියල පා කරන්න. රට විරුවන්ගෙන් අත්දෙක එකතු කරලා සමාව ඉල්ලලා කියන්නේ රටට සල්ලි එවන්න කියලා..
රටට කුමක් සිදු වුවද කමක් නැත. කබ්රාල්ට විශ්‍රාම වැටුප ලැබෙනවා නම් ඒ ඇති..!,
ජාති භේදයකින් රට කරන්න හිතාගෙන හිටපු නන්දසේනට දැන් යන එන මං නැතිවෙලා...
රටක ආර්ථිකය හැසිරවීම ගැන ගත්තාම,.. මහින්ද, ගෝඨාභය, බැසිල්, කබ්‍රාල්, ජයසුන්දර කියන්නේ නිකන්ම පිරිසක්... මෙන්න මේ ඇත්ත අපි පිළිගන්න සහ විවෘතව කතාකරන්න බය නැති වෙනකම් මෙයාලා රටේ ආර්ථිකය කාලාම දානවා. බය නැතිව ඇත්ත කතා කරමු.
රට විනාශ වෙන බව දැනගෙන වෙන්න ඇති පාර්ලිමේන්තුවෙන් අයින්වෙලා ඇවිත් අධිපතිකම හදාගෙන පෙන්ෂන් එකක් හදාගත්තේ රටේ අන්තිම සතේ දක්වා සූරාකාලා තමයි පස්ස බලන්නේ.
ගෙදරක් වුණත් ස්‌ථාවර අාදායම් ක්‍රමයක් නැතිනම් කන්නේ බොන්නේ ණයට නම් කිසිදාක පැවැත්මක් නැත. ලංකාව මෙතරම් කාලයක් ධුර ගෙවා තිබුණද ගෘහ සේවයට යාම.., කුඩු ගෙනැල්ලා සංචාරකයින් එනකම් බලාගෙන සිටීම... ඇඟලුම්, කුළුබඩු අපනයනය වැනි දේවල් හැරෙන්නට වෙනත් කාර්මික නිෂ්පාදන නොමැත. ජපානය, කොරියාව වගේ මිනිසුන්ගේ හිත දිනාගැනීමට සමත් නිෂ්පාදනයක් කිරීමට අපට තවත් නොහැකි වී ඇත. අපි මෙතෙක් කල් අාදායමට වඩා වියදම් කර රටතුළ නිපදවිය හැකි දේවලුත් පිටරටින් ගෙනත් ණයට කන්නට රට සකස් කරපු දේශපාලකයින් සිටිය රටකි. වෙනත් රටවල නිෂ්පාදන වල මිල වෙනස් කිරීම මගින් අපේ රට බන්කොළොත් කර ඇත. (ගෑස්, තෙල්, පොහොර, බෙහෙත් යනාදිය) දේශපාලන ගේම් නොමැතිව දැන්වත් දිගුකාලීන සැලසුමකට අනුව රට නගා සිටුවීමට කටයුතු කළයුතුයි...
ජොනියාගේ ඩොලර් මිලියන 6.7ක් මතක් වුණාම කියන්න වචන නෑ...
මෙයට සම්පූර්ණයෙන් වගකිව යුත්තා කබ්රාල්ය. ඩොලරය බොරු පහළ අගයක පැවතියත් ආනයනික භාණ්ඩවල හිඟකම නිසා බඩු මිල ඉතා ඉහළ ගොස් ඇත. ඩොලරයේ බොරු වටිනාකම නිසා සිදුවූයේ රටට ඩොලර් බිලියන 2ක ශ්‍රමික ආදායම අහිමි වීම පමණි.
බොරුවට ජාති වාද ,ආගම් වාද මතු කරලා බොරුවෙන් ජනතාව රවටලා බලය අරන් කෙටි කලකින් රට නැතිම කරා .මේක මහා පරාජයක් රටට
මීට සැපයි විපක්ෂයේ ඉඳගෙන දිගටම යහපාලනයට බැන බැන ඉන්න තිබුනා නම්
රටට අවශ්‍ය මුදල් සහ රටේ සංවර්ධනයට අවශ්‍ය මුදල් සොයාගන්නෙ කෙසේද යන්න මාධ්‍ය වේදියෙක් ඇසූ ප්‍රශ්නයට අයියන්ඩි දිහා බලද්දි හිතුනා ඇනගනියි කියලා. නොදකිං එහෙව් එකෙකුට 69 ලක්ෂයක් බයියො චන්දෙ දුන්නානෙ.
පොඩ්ඩක් ඉවසලා ඉන්න.සැප බදු ගන්න වෙලාවක් නෙවේ මේක.රට වෙනුවෙන් පොඩි කැප කිරීමක් කරමු