ඉදිරි වසර 5ට අවශ්‍ය වෛද්‍ය උපකරණ මෙරටදීම නිපදවන්න යයි ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයුමෙන් සියයට 80 ක් ශ්‍රී ලංකිවේදීම නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 17 November 2021
'අවදානම් කලාපවල පවුල් 12,000 ක් ආරක්ෂිත ස්ථානවලට යොමු කරන්න උපදෙස් ' දීර්ඝ කාලයක පටන් අවදානම් කලාපවල පවුල් 15,000 ක් පමණ පදිංචිව සිටින බව හඳුනාගෙන ඇතත් මේ දක්වා එම ස්ථානවලින් ඉවත්කර ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචිකර ඇත්තේ ඉන් පවුල් 3000ක් පමණක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත. 17 November 2021
මතට ඇබ්බැහි කාන්තාවන්ට නව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා නව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා පැවැසීය. 17 November 2021
ඖෂධ 60කට උපරිම සිල්ලර මිලක් ඖෂධ උපරිම සිල්ලර මිලට වැඩියෙන් අලෙවිකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 17 November 2021
දක්ෂිණ අධිවේගියේ වාහන තදබදයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 2.4 කණුව,කොට්ටාවට ආසන්නයේ සිදුව ඇති රිය අනතුරක් හේතුවෙන් රථවාහන තදබදයක් හටගෙන තිබේ. 17 November 2021
මිනීමැරුමකට වරෙන්තු වූ අයෙක් වසර 31කට පසු අත්අඩංගුවට ගාල්ල මහාධිකරණයෙන් වරෙන්තු ලබා සිටි මිනී මැරුම් නඩුවක විත්තිකරුවෙකු අවුරුදු 31කට පසු අත් අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි. . 17 November 2021
තරුණ සේවා සභාවේ කෝටි ගණනක දූෂණ-වංචා එළියට ජාතික තරුණසේවා සභාවේ සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක් වටිනා දූෂණ වංචා සහ අක්‍රමිකතා රැසක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත. 17 November 2021
එන්නතින් ඕස්ට්‍රේලියානුවෝ 79,000 අතුරු ආබාධ ’කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු හටගන්නා සෞඛ්‍ය ගැටලු සඳහා වන්දි ලබා ගැනීමට, ඕස්ට්‍රේලියානුවන් 10,000 ක් ලියාපදිංචි වී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. 17 November 2021
‘අංගොඩ ලොක්කාගේ’ මරණය තහවුරුයි පාතාල නායක මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ නීතිවිරෝධීව ඉන්දියාවට පැනගොස් සිටියදී හෘදයාබාධයකින් මියගිය බව ඩී.එන්.ඒ පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 17 November 2021
හැටට වැඩි අයට කොවිඩ් මර්දන තෙවැනි එන්නත වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සඳහා කොවිඩ් මර්දන එන්නතහි තෙවැනි මාත්‍රාව ලබා දීම අද (17) කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය. 17 November 2021
’’රට තුළ අවශ්‍ය තරම් ඉන්ධන තොග තිබෙනවා’’ රට තුළ අවශ්‍ය තරම් ඉන්ධන තොග තිබෙන බවත් ඩීසල් සහ පෙට්‍රල් තොගයක් හෙට ලැබෙන බවත් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මොහොමඩ් මහතා පැවසීය. 17 November 2021
සෞඛ්‍ය වෘත්තියවෙිදීහු පාරට බසිති ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (17) කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි. 17 November 2021
පනාමුරේ සිද්ධියට පොලීසියේ දෙදෙනකුගේ වැඩ තහනම් පනාමුර පොලිස්ථානයේ සිර මැදිරියේ දී පුද්ගලයෙකු මියයාම සිදුවීම සම්බන්ධයෙන් අලුයම රාජකාරීයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අද (17) සිට තහනම්කර තිබේ. 17 November 2021
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් තද වැසි ඇතිවීම හා මුහුදු ප්‍රදේශ රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. 17 November 2021
‘ නිව් ඩයමන්-එක්ස්ප්‍රස් පර්ල් නෞකාවන්ගෙන් වූ හානි පූර්ණයට කොමිසක් පත් කරන්න‘ නිව් ඩයමන්ඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවන්ගෙන් සිදුවූ විනාශයන් පිළිබඳව සොයා බැලීමට හා සාධාරණ හානිපූරණයක් සිදුකිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් ගොඩනැගීමට ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි සීමාසහිත පරිසර යුක්ති කේන්ද්‍රය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 17 November 2021
ත්‍රිකුණාමලය මුහුදු සීමාවේ මෝදා මත්ස්‍ය ව්‍යාපාරක් අරඹන්න යයි ත්‍රිකුණාමලය මුහුදු සීමාවේ මෝදා මත්ස්‍ය ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට නොර්වේ ආයෝජකයෙක් ඉදිරිපත්ව ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ලංකාදීපයට පැවැසීය. 17 November 2021
පොලිස් කූඩුවේදී සැකකරුවෙක් මිය ගියැයි ගම්මු පොලිසිය වටලති පවුල් ආරවුලක් හේතුවෙන් අත්අඩංගුවට පත් සැකකරුවෙකු පොලිස් සිර මැදිරිය තුළදී ගෙලවැළලාගෙන මිය ගියැයි කියන සිද්ධියක් සම්බන්ධෙයන් රැස්වු දහසකට ආසන්න පිරිසක් 17දා පෙරවරුවේ ඇඹිලිපිටිය පනාමුර පොලිස්ථානය වැටලීය. 17 November 2021
තරුණයකු මැරූ තිදෙනාගේ මරණ දඩුවම අභියාචනාධිකරණයත් තහවුරු කරයි රුපියල් විස්සක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් මුල් කරගෙන විසි නව හැවිරිදි තරුණයකු කපා කොටා ඝාතනය කර කාන්තාවක් ඇතුළු තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදු කළ විත්තිකරුවන් තිදෙනෙකුට මරණ දඩුවම නියම කරමින් කොළඹ මහාධිකරණය ගත් දුන් තීන්දුව අභියාචනාධිකරණය විසින් තහවුරු කරන ලදි. 17 November 2021
සජබ උද්ඝෝෂණයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බව කියූ සැකකරු රිමාන්ඩ් සමගි ජනබලවේගය සංවිධානය කරන ලද උද්ඝෝෂණයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රකාශයක් කළැයි කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අද (17) නියෝග කළේය. 17 November 2021
ජර්මනියෙන් කෝටි 30 ක් වටිනා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල දිවයිනේ රෝහල්වල භාවිතය සදහා ජර්මනියේ නිෂ්පාදිත රුපියල් කෝටි 30 ක් වටිනා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලක්ෂ තුනක් ජර්මනිය මෙරටට පරිත්‍යාග කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 17 November 2021
මහාචාර්ය මෙත්තිකා ලොව වඩාත්ම බලගතු පර්යේෂකයන්ගේ ලැයිස්තුවට ලොව විශාලතම විද්‍යාත්මක පර්යේෂණ දත්ත එකතුවක් සහිත ආයතනයක් වන ‘ක්ලැරිවේට් විශ්ලේෂකයන්ගේ කණ්ඩායම’ (Clarivate™) මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ලොව වඩාත්ම බලගතු පර්යේෂකයන්ගේ ලැයිස්තුවට මෙවර (2021) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියගේ නම ද ඇතුළත්ව තිබේ. 17 November 2021
පහළ කඩුගන්නාව මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ නායයාමේ අවදානම හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා තිබූ කොටසේ එක ධාවන තීරුවක් අද (17) මධ්‍යහන 12.00 ට විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පවසයි. 17 November 2021
කිලිනොච්චියේ කම්කරුවෙක් කපා කොටා මරා දමලා කිලිනොච්චිය, ශිවපුරම් ප්‍රදේශයේදී කපාකොටා ඝාතනය කළ එක් දරුපියකුගේ මළ සිරුරක් අද (17) උදෑසන සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 17 November 2021
’’පොලිසිය තරුණයකු මරා දමා ඇතැයි කියන කතාව බොරුවක්’’ පොලිසිය සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට පැමිණි තරුණයකු අත්අඩංගුවට ගෙන පහරදී මරා දමා ඇතැයි එම පක්ෂයේ නියෝජිතයන් කරන චෝදනාව පට්ටපල් බොරුවක් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය. 17 November 2021
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ සිද්ධියේ සැකකරුට ඇප ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටි එපික් ලංකා ටෙක්නොලොජි සමාගමේ දත්ත ක්‍රියාකරු රුපියල් 50,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අද (16 ) නියෝග කළේය . 17 November 2021
මැතිසබේ කලබලයක් සමගි ජන බලවේගය කොළඹදී ඊයේ පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය බාධා කළ බවට චෝදනා කරමින් එම පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතා පුවරුප්රදර්ශනය කරමින් උද්ඝෝෂණයක යෙදීම නිසා පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද පෙරවරුවේ ඇතිවිය. 17 November 2021
රත්මලාන ගොනා කෝවිල අසලින් උණ්ඩ 60ක් සොයාගනී රත්මලාන ගොනා කෝවිලේ ප්‍රධාන දොරටුව ආසන්නයේ ඇති විදුලි පහන් කණුවක් අසල මාර්ගයේ තිබී ටී 56 ගිනි අවියට යොදන උණ්ඩ හැටක් (60) ක් ඊයේ (16) පස්වරුවේ සොයා ගත් බව ගල්කිස්ස පොලීසිය පැවසීය. 17 November 2021
පෞද්ගලික අංශ විශ්‍රාම වයස 60 කෙරෙන පනත බලාත්මකයි පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ අවම වයස 60 දක්වා වැඩි කිරිමේ විධිවිධාන ඇතුළත් සේවකයන් විශ්‍රාම යෑමේ අවම වයස පනත් කෙටුම්පත සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (17) සිට බලාත්මක විය. 17 November 2021
සාම්ප්‍රදායෙන් පිට පැන මරණ දඬුවමක් නියම කරයි මරණීය දණ්ඩනය නියම කිරිමේදී සාම්ප්‍රදායිකව අනුගමනය කරන විදුහි පහන නිමාදැමීම, විනිශ්චය ආසනයෙන් ගැනී සිටිම සහ තීන්දුව අත්සන් කළ පෑන කඩා දැමිම වැනි ක්‍රියා තමා අද දිනයේ සිදු නොකරන බවත්, මෙම දඬුවම සාමාන්‍ය නඩු තීන්දුවක් ස්වරූපයෙන් නියම කිරීමට කටයුතු කරන බවත් තංගල්ල පූර්වගාමී මහාධිකරණ විනිසුරු ආර්.ඒ.එස්. සපුවිද මහතා විත්තිකරුවකුට මරණීය දණ්ඩනය නියම කරමින් විවෘත අධිකරණයේදි ප්‍රකාශ කළේය. 17 November 2021
හිඟුරක්ගොඩ දරුවන්ගේ පෝෂණ මල්ලෙන් ලක්ෂ 18ක් ගසා කාලා හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රාථමික පාසල්වල අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ සෞඛ්‍ය හා පෝෂණය නැවීම සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනෙන් මුදල් රුපියල් ලක්ෂ 18කට වැඩි මුදලක් කලාප අධ්‍යාපන කාර්යාලයේ විෂය බාර නිලධාරියෙකු වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පොලොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 17 November 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026