
(නිමල කොඩිතුවක්කු)
අවාසනාවන්ත ලෙස පියා සහ බාප්පාගේ පහර දීමෙන් ඝාතනයට ලක්වූ ගම්පොල දැරියගේ මව සහ අනෙකුත් සහෝදරියන් දෙදෙනාගේ ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් සමගි වනිතා බලවේගය පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව වෙත අද (27) පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනම් කිරීමට මැදිහත් වන්නැයි ඉල්ලා සිටින බවත් සමගි වනිතා බලවේගය ඉදිරිපත් කළ එම පැමිණිල්ලේ දැක්වේ.
සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇති අතර සමගි වනිතා බලවේග නියෝජිතවරියන් වන හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂා අතුකෝරළ මහත්මිය ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල භාර දෙනු ලැබීය.
මෙවැනි අධම ක්‍රියා සම්බන්ධයෙන් සහ ඒවා වැළැක්වීම සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්නා ලෙසත් සමගි වනිතා බලවේගය එම පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳ වැඩක්...
මේ පැමිණිල්ල දාපු අයම නේද පාරේ හිටිය මනුස්සයෙක් උස්සගෙන ගිහිල්ලා ගැහැව්වේ...? දවල් මිගෙල් රෑ දැනියෙල්..
පරිවාස දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා වැඩක් නැහැ... ළමුන්ගේ කටයුතු බලන්න ළමා රක්ෂණ අධිකාරිය කියලා එකකුත් තියෙනවා..., ළමා හිමිකම් කියලා කට්ටියකුත් ඉන්නවා. මෙහෙම බෙදීම නිසා කවුරුවත් හරියට වැඩේ කරන්නේ නැහැ. නැත්නම් මෙම විෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අයිති පළාත්සභාවලට වුනත් ඉන් බැහැරව ළමා රක්ෂණ අධිකාරිය කටයුතු කරන නිසා පරිවාසයෙන් කටයුතු කිරීම මන්දගාමීයි..