
(යොහාන් භාසුරු සහ නිමල කොඩිතුවක්කු)
දුම්රිය සාමාන්‍යාධිකාරී හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අතර අද පැවැති සාකච්ඡා අසාර්ථකවීම නිසා දුම්රිය ස්ථානාධිපති වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියයි.
ඒ අනුව ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීමේ ක්‍රියාමාර්ගය, පාර්සල් බාර නොගැනීමේ ක්‍රියාමාර්ගය සහ මාසික වාර්තා ලබා නොදීමේ ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව එහි ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කළේය.
ලංකාවට ආයනයන කර ඇති නවීන දුම්රිය මැදිරි එක්කර ජනතාවට සේවා ලබාදෙන ලෙසත්, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම් ඇතුලු ගැටළු විසඳන ලෙසත් සේවක පුරප්පාඩු සම්පූර්ණ කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ඉකුත් 23 වැනි දා සිට ක්‍රියාත්මක කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසයේ මේ රටේ පාලකයින්ට ගැලපෙන වෘත්තිය සමිතීන්. ඉතින් තවම කියන්නේ අපි දියුණු වෙමින් පවතින රටක් කියලා....
නියමයි.., සියලුම දෙනා එක්වී මහා වර්ජනයක් කරමු... පඩි වැඩි කරගන්නම නෙවෙයි. මේ අසාර්ථක ජනාධිපති සහ රජය එළවලා දාන්න.