(සුජිත් හේවාජුලිගේ )

රට පුරා ව්‍යාජ මුදල් නෝට්ටු විශාල වශයෙන් සැරිසරමින් පවතින හෙයින් ඒ සම්බන්ධයෙන්  වඩාත් සැලකිලිමත් වන්නැයි  ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සැකකටයුතු මුදල් නෝට්ටුවක් ලැබුණහොත් ආරක්ෂක සලකුණ පිළිබඳව විමසිලිමත්වී එය රඳවා ගැනීමට කටයුතු කරන්නැයිද  ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඉන් අනතුරුව එම නෝට්ටුව රැගෙන ආ පුද්ගලයා, ඔහුගේ බාහිර පෙනුම, වාහනයකින් පැමිණියේ නම් ඒ පිළිබඳ විස්තර, නෝට්ටුවේ වටිනාකම සහ අනුක්‍රමික අංකය යනාදී තොරතුරු සටහන් කර ගෙන ළඟම ඇති පොලීසියට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් ඒකකයේ  0112422176 සහ  0112326670 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසට ඉල්ලීමක් කෙරේ.

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගැනීම හෝ පරිහරණය හෝ මුද්‍රණය සිරගත කිරීම   දඩයක් නියම වීම හෝ එම දඬුවම් දෙකම හෝ   නියම කළ හැකි වරදක් බව පොලිස් මූලස්ථානය පවසයි.

රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් මෙවැනි  ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ සහ බෙදාහැරීමේ ජාවාරම් වැඩි වශයෙන් සිදු විය හැකි හෙයින්  ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන්නැයි පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  දැනුම් දී ඇත.