
(හිරාන් ප්රියංකර ජයසිංහ)
කල්පිටිය කුරක්කන්හේන ගම්මානයේ කුඩා නිවෙසක සිදු වූ ගෑස් කාන්දුවකින් එම නිවෙස ගිනි ගෙන සම්පුර්ණයෙන් විනාශ වූ පුත්තලම කොට්ඨාශ අපරාධ ස්ථානීය පරික්ෂණ නිළධාරින් විසින් පුර්ණ පරික්ෂාවකට ලක් කිරීම සිදුවු බව කල්පිටිය පොලිසිය පවසයි.
කුරක්කන්හේන ගම්මානයේ පිහිටි මෙම නිවසේ වහලය සම්පුර්ණයෙන් තහඩුවලින් සකසා තිබු බවත් බිත්ති සදහා ලී යොදා ගනිමින් ආවාරණය කර තිබු බවද පොලිසිය පවසයි.
මෙම නිවසේ හිමිකාරියගේ දියණිය විසින් ඇගේ වයස අවුරුදු එකක පමණ කුඩා දැරියට කිරී සෑදිම සදහා උදෑසන ගෑස් උදුන දල්වා සුළු මොහොතක් ගත වද්දි ගෑස් සිලින්ඩරයෙන් විශාල කාන්දුවක් සිදුවු බවත් ඒ සමගම උදුන පුපුරා ගොස් ගෑස් ගිනි ගැනිමකට ලක්ව ඇති බව පොලිසිය පවසා තිබේ.
ගෑස් කාන්දුව සිදුව නිවස ගිනි ගැනිම සිදුවන අවස්ථවේදි එහි කුඩා දැරිය ඇතුළු හත් දෙනෙකු රැදි සිට ඇති බව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකද්ද අපේ ඇමතිතුමා කියලා තිබ්බේ මේක අද ඊයේ වෙන දෙයක් නෙවේ කියලා
අලුත් ගෑස්ද, පරණ ගෑස්ද ප්රශ්නයක් නැහැ.. ගිනිකෙළි තවමත් අඩුවෙලා නැහැ.
මෙතන ප්රශ්නේ තියෙන්නේ ගෑස් වල නෙමෙයි අර ගෙදර හරියට හදලා තිබුණානම් ඕක වෙන්නේ නැහැ.. සම්පූර්ණ වරද සහ කරුමය අර ගෙදර මිනිස්සුන්ගේ සහ රටේ මිනිස්සුන්ගේ... මොකද මේ වගේ දේශපාලන නපුංසක නායකයෙක් සහ දේශපාලන නපුංසක රැලක් රජ කාලේ පටන් මේ දක්වාම රටේ ඉන්න නැතුව ඇති... උන්දැලාම දමපු කමිටු වාර්තාවේත් තියෙනවා වරද කාගේද කියලා... නමුත් වැරැදිකාරයින්ට දඬුවම් කරන්න කොන්දක් තියෙන එකෙක් නැහැ..! දැන් මේවාට බයේ ඡන්දෙත් කල්දමලා තියෙනවා. මේ ආණ්ඩුව මතක තියාගන්න ඕනෑ එකදෙයක් තමයි දේශපාලන හේතුමත ඡන්දෙ කල්දමපු කවුරුත් ඉතිහාසේ පැරදුනා මිස දින්නේ නැහැ. ඡන්දෙ කල්දමලා කොරගන්න පුළුවන් එකම දෙය පරාජය කල් දමන එක විතරමයි...
රටම අළු කරලා තමයි මෙයාලා යන්නේ
බයිලා එපා.සම්පුර්ණ වන්දියක් ගෑස් සමාගමෙන් ලබා ගන්න කටයුතු කල යුතුයි