
(ඉන්දිකා රාමනායක)
රැකියාවේ මොනතරම් පීඩනය ආවත් හිතුමනාපේ මිනිමරන්න කිසිවකුටත් අයිතියක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික ) සරත් වීරසේකර මහතා පැවසීය .
තිරුක්කෝවිල් පොලිසියේ දී පොලිස් සැරයන්වරයකු ටී 56 ගිනි අවියකින් වෙඩි තබා පොලිස් නිලධාරීන් සිව් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය .
සැකකාර පොලිස් සැරයන් නිවාඩු ඉල්ලූ බවට එය නොදුන් නිසා දැඩි පීඩනය මැද මෙම මෙවැනි තත්ත්වයක් සිදුව ඇති බවට ඔහුගේ මව කරන ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී සැරයන්වරයා එවන් නිවාඩුවක් ඉල්ලා නොමැති බවට අනාවරණය වූ බව ද අමාත්‍යවරයා කීය.
රැකියාවේ මොනතරම් පීඩන ආවද ඔහු මනාප කිසිවකුටත් මිනීමරණ අයිතියක් නොමැති බවත් , මෙම සිද්ධියෙන් වටිනා ජීවිත හතරක් පොලිසියට අහිමි වී ඇති බවද බව ද හෙතෙම කීය
ස්ථානාධිපතිවරයා ද මෙම සිද්ධියේදී වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති බවත් ඔහු සුව වී පැමිණි පසු මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගත හැකි බව ද හෙතෙම කීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි කනගාටුවට පත්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිස්සමින් ඉන්න... මිනිස්සුත් ගොඩක් පීඩනයෙන් ඉන්නේ... ඔයාටත් පෝරියල් එකක් එන්න බැරි නැහැ...
හැබෑටම..? එහෙම මිනී මරන්න බැරිද ඇමතිතුමා..?
කවුද කිව්වෙ පුලුවන් කියලා...?
ලොක්කෝ මොකක්ද ඒ කතාව?. ලෝකේ මිනීමැරුවේ හොඳ සිහිබුද්ධියෙන් ඉන්න කොටද? ඒ හමුදාවේ මීනී මරන්නේ මානසික පීඩනයට නොවෙයි. නමුත් සාමාන්‍ය මිනිස්සු මිනීමරන්නේ මානසික පීඩනයක් ඇති වුණාම. ඒ කෙනෙකුට රාජකාරි ස්ථානයේ කාලයක් තිස්සේ උසුළු විසුළු කළාම මානසික පීඩනයට ලක් නොවන්නේ ඒකත් දේශපාලඥයෙක් නොවෙයි නම් පමණයි. කොපමණ හොරා කිවත් සතපහකට ගණන් නොගන්නේ දේශපාලඥයින් පමණයි. සැබෑ ලෝකේ, සැබෑමිනිසුන්ට කාලාන්තරයක් උසුළු විසුළු කළාම මානසික පීඩනයක් ඇතිවෙනවා... මාරාන්තික කේන්තියක් ඇතිවෙනවා. එහි ප්‍රතිඵලය තමයි ඔය සිද්දවෙලා තිබෙන්නේ. මැරුණු අය ඉල්ලන් කාලා කියන්න තමයි අපිට වෙන්නේ...
ඒ වගේම මෙයා මතක තියාගන්න ඕනේ අපරාධ චෝදනා සහිත පුද්ගලයෙක් වුණත් ඒ පුද්ගලයින් මරන්න පොලිසියට අයිතියක් නැති බව...
ලොකු මහත්තයෝ, මෙතැන මේ රාළහාමිට තිබුනේ රාජකාරී පීඩනයක් නොවෙයි. රාජකාරී ස්ථානයේ ඉන්න නොසණ්ඩාලයින් මේ රාලහාමිව බයිට් එකට ගැනීම නිසා ඇතිවුණු මානසික පීඩනයක්... මේවගේ රාජකාරී කරන ස්ථානයක තමන් වෙන මෙවැනි පීඩන කාටද කම්ප්ලේන් කරන්නේ... මෙය මෙවැනි දේ කරන අනික් නොසණ්ඩාලයින්ට හොඳ පාඩමක්...
මානසික පීඩනය යනු කැමැත්තෙන් මිනී මැරීමක් නෙවෙයි. එය මානසික රෝගී තත්වයක්... සාමාන්‍ය කිසිවෙකුත් කැමැත්තෙන් මිනී මරන්නේ නැහැ.
ඕක කියන්නත් දෙයක්ද? හැමෝම දන්න දෙයක්නේ ඔය කියවන්නේ... ඒකෙන්ම හිතාගන්න පුළුවන් කොයි තරම් ඥාන වන්තද කියලා...
නිවාඩු ඉල්ලා දුන්නේ නැති උනාම කොහොමත් වාර්තා වෙන්නේ නෑ මිනිහෝ
ඔබතුමාත් පරිස්සමින් ඉන්න... දැන් ලංකාවේ හැමෝම ඉන්නේ පීඩනයෙන්... කවදා පිපිරෙයිද දන්නේ නැහැ..
ඔයා කියන්නේ ළඟදී හිරෙන් නිදහස් වුණ හාදයට... අනේ කියන්නකෝ බේරපු මහතැනට...
රට පාලනය කරන අමානුෂික රෝගීන්ට විතරද මිනී මරන්න අවසරය තියෙන්නේ...? මේ වෙලාවේ මතක් වෙනවා නාම පද කීපයක්. ඒවා රතුපස්, නිදහස් චතුරස්‍ර, පාස්කු, රගර් ක්‍රීඩාව...