
(ඉන්දිකා රාමනායක)
මට්ටක්කුලිය පොකුණුවත්ත ප්රදේශයේ දී පැවැත්වූ නත්තල් සාදය කින් අනතුරුව තරුණයකුට පිහි ඇනුමකට ලක්ව මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මිය ගිය තරුණයා මට්ටක්කුලිය ප්රදේශයේ පදිංචි (22) හැවිරිදි පුද්ගලයෙකි.
තරුණයා නත්තල වෙනුවෙන් මිතුරන් සමඟ මත්පැන් සහ දෙයක්ම සාදයක් පවත්වා ඇති අතර එහි සිටි තරුණයකු සමග ඇති වූ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඔහු තරුණයාට පිහියෙන් ඇන ඇති බව පොලීසිය කියයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මට්ටක්කුලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ හැඟීම් පාලනය කරන්නට බැරි අනිත් අයගේ අදහස් නිහතමානීව පිළිගන්නට සූදානම් නැති, කෑමත් නැති අය සාදවලදී හෝ උත්සව වලදී මොන මාතෘකාවක් යටතේ වුවත් වාද විවාද වලට පැටළෙන්න හොඳ නැහැ. හේතුව අන්තිමට සාමය කඩවී එය මරණයකින් හෝ අඩදබරයකින් කෙළවරවීමයි..
ලංකාවේ මිනීමැරුම් නත්තල් දා පමණද? දවස් 365ම මිනීමැරුම් ඇති රටක් ලෝකේම නැති පව්කාර රට බවට පත්වී ඇත. රටේ පාලකයින් මිනීමරුවෝය, හොරුය, පාතාල නායකයෝය, කොමිස් කාක්කෝය.. ඉතින් කොහෙද රටක් යහපත් වූනේ? වසර 02ක සාපය, බෝම්බයේ සාපය, රාජපක්ෂවරුන්ගේ අවසානයේ සාපයයි... මිනීමරුවන් පලවාහරින තුරු මේ සාපයෙන් මිදීමට නොහැකිය.