
(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර ආදි සියලු ගැටලු අවුල්කරගෙන ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසූවේ පිටකෝට්ටේදී පැවති විශේෂ වැඩසටහනකදීය.
මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී මෙසේද සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටනොයන්නේ ඇයි දැයි අද බොහෝ දෙනකු ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. මූල්‍ය අරමුදලට යන්නෙම නෑ කියලා ආණ්ඩුවේ සමහරුන් කියනවා.
මගේ අවුරුදු පහෙන් වැඩිම කාලයක් මම කටයුතු කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්කයි. මට ඒ අය බරපතළ කොන්දේසි දැම්මේ නැහැ. දාපු සමහර කොන්දේසි කොහෙත්ම කරන්න බැහැ කියලා මම ඒ අයට දැනුම් දුන්නා. ඔවුන් ඒක පිළිගත්තා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූව ඉස්සෙල්ලම හිරේ දාලා පැජට් පාරෙ ගෙදර ගන්න එක තමයි ඉස්සෙල්ලම කරන්න ඕනෙ.ඊට පස්සෙ රාජපක්ෂ හොර දෙටුවගෙ නඩේ වටලන්න ඕනෙ
ඔබ තුමාගේ දායකත්වයත් සමග නේ
ආණ්ඩුව කියන්නේ ඔයත් ඇතුළු. ඔයා වෙනම නැහැ. හරියට මෙයා දැන් විපක්ෂය නියෝජන කරන වගේ කතා. පාස්කු ප්‍රහාරයේ සාපයෙන් බේරන්න බැහැ.
ආණ්ඩුව සියල්ල අවුල් කරගෙන බව කියන්නේ...... සහතික ඇත්ත කිව්දේ පතෝල මුදලාලි අපේ..... දෙකොන පටලවා ගෙන හිටියත් මුදලාලි සිරි........... පැටලිලි "තොට" මක්කට අනිකාගේ අපට සිරි......
දේශපාලුවන් ඉන්නා තරමක් අප රට ඇතුලේ..... අනිකාගේ රෙද්ද ගැනම සොයනව නේද බොල ...... සෙව්වත් අනිකාගේ ගැවුණු කුණු ගොඩවල්....... ඉන්නේ වැසිකිලි වලේ බව තොට අමතකද.......
ඔබ තුමාගේ කාලයට වැඩ නරකයි
කලින් වතාවේ පිටිපස්සෙන් පිහියෙන් ඇන්නා වගේ ආයිත් කරණමකට ලෑස්තියි නේද?
මේකට ඔහෙත් වගකියන්න ඕනේ.. දැන් හොඳ ළමයා වෙන්න දැඟලුවට ආයෙ කවදාවත් අපි ඔහේට බලය දෙන්නේ නැහැ.
සියල්ල අවුල්කරන්නට හවුල් වූ, දේශපාලනය කරපු ලංකාවේ එවුන් වෙන රටවල් වල වගේ හිරේ ඉන්න... අපේ නීති පොතේ ලියා නැති නිසා දැන් කටවහගෙන ගෙදරට වෙලා ඉන්න... ඉතින් අපේ ලේ, වතුර කරන් නැතුව...
ආණ්ඩුව කියන්නේ වෙන කවුරුවත්ද? ඔයත් ආණ්ඩුවේ කොටසක් කියලා අමතකද? ඔයා නිවැරැදි මිනිහෙක් නම් ඔය කාලකණ්ණි ආණ්ඩුවෙන් අයින් වෙන්නකෝ... වවුලා වගේ එල්ලිලා ඉන්නේ නැතිව...? කුට්ටිය බලාගෙන ඇතුළේ ඉඳන් බොරු නාඩගම් කරන්න එපා. ගමට යන්න අමාරුවෙයි ඔහොම යද්දි...
ඔබතුමා තමයි සේරම ගැට ගැහුවේ. ඒ ගැට ලිහාගන්න බැරුව තමයි අවුල් වෙලා තියෙන්නේ...
මෙයාගේ බොරු රඟපෑම් විතරයි.අපි දන්නවා ඔබගේ කාලෙත් වැඩ කරපු විදිහ.නිකන් පූචානම් කතා විතරයි
අනේ.. තොත්ත බබා... සිරිසේනත් එකයි, නන්දසේනත් එකයි.., වැඩ බැරි ටාසන්ලා...
ඒක තවත් සිරිබිරිස් පාට් එකක්ද?
මෙයා රට කරන කාලේ හයට කාලා හතට බුදි.කොහෙද රට දියුණු වෙන්නේ
ලංකාවට නිදහස ලැබුණු දා ඉඳලා රට පාලනය කරපු හැම ආණ්ඩුවක්ම කරන තරමක් කරලා තියෙන්නේ අවුල්...
මේ අයගේ කතා ඇහෙනකොට අපේ ලේ ටිකත් පිච්චෙනවා. ඇති තරම් බලය තිබෙන්නේ මෙයාට.. ඉන්නකම් අන්ද අන්ද හිටියා.. දැන් වීරයා වෙන්න එනවා. මඩු වලිගයෙන් ගහලා එළවන්න ඕනෑ.
මෙයාගේ කතාවල් අපි නොදන්නවැයි... 132 කට තිබුණු ඩොලර් එක 185 වෙනකම් අරගෙන ගියේ... ඔය කියන මූල්‍ය අරමුදලට පින් සිද්ද වෙන්න තමයි.. දැන් මරු කියවනවා. කාට කියන්නද?
කේතුමතී රාජධානියේ අග රජ..! අරලිය ලොකු අයියා... අනේද කියන්නේ...?
මෙයා ආණ්ඩුවෙන් ගියොත් පාස්කු ප්‍රහාරයේ වගකීම පැහැර හැරීම සම්බන්ධව ඇරස්ට් කරනවා.
කොන්දේසි දැම්මේ නැද්ද? එහෙම නැතිනම් දාපුවා තේරුණේ නැද්ද?
එතකොට ඔබතුමා සියඹලා ආණ්ඩුවේද මිනිස්සු ගොන්නු නොවන බව සිතට ගන්න...
මම අහගෙන අර මහබැංකුව කඩපු එකාගෙන් ඡන්දෙට සල්ලි ගත්තු එකා කියනවා SLFP වගේ පිරිසිදු පක්ෂයකට JVP වගේ පක්ෂයක් එක්ක එකතු වෙන්න පුළුවන් කියලා. ඒක අහලා මට හිනායන්න පටන්ගත්තා හොඳටම...!!!
හොර ආණ්ඩු හදලා, ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා, ආපහු පොහොට්ටුව බලයට ගේන්න උදව් කරලා, නගින්නට උපකාර කරපු ඉනීමඟට පයින් ගහලා, පොහොට්ටු රජයේ ආරක්ෂාව හා රැකවරණය යටතේ වැජඹෙමින්, ඔවුන්ටද කොකා පෙන්නා රට රවටා නැවතත් බලය ලබාගැනීමේ උප්පරවැට්ටියකි මේ. දැන් රටවැසියා රවටනු බොරු...
පණ්ඩිත කම් කතා කරන්න ගිහින් ඇතිද අහගත්තා
රනිල් සමග එකතුව ජනතාව පාවා දුන් හාල් පාරුවා