
(යොහාන් භාසුර)
ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ආනයන, අපනයන පාලකවරයා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ලිඛිත අවසර දුන් බවත් එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කළ යුතුව ඇති බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අවසරය ලබාදෙන ලෙස ආනයන අපනයන පාලකවරයාගෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය ඉල්ලීමක් කළ බවත් ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ බලය ප්‍රමිති ආයතනයට ඉදිරියේදී ගැසට් නිවේදනයක් ඔස්සේ නීත්‍යානුකූලව ලබාදෙනු ඇති බවත් අමාත්‍යවරයා කීය.
ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධ ගැටලුව වසර 60 කට අධික කාලයක් පරණ ප්‍රශ්නයක් යැයි කී රාජ්‍ය අමාත්‍යවරයා ගෑස් ආනයනය කරන්නේ කුමන සමාගමෙන්ද? ඒවායේ කර්මාන්ත ශාලා මොනවාද? ආනයනය කිරීමට පෙර පරීක්ෂා කරන්නේ කෙසේද? ලෙස ගෑස් ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ ක්‍රියාපටිපාටියක් ඇති බව ද සඳහන් කළේය.
වර්තමානයේ ගෑස් ආනයනය කිරීමේදී ආනයනික රට ලෙස මාලදිවයින සඳහන් කරන බව ද වැඩි දුරටත් අමාත්‍ය අලගියවන්න මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිසට උඩින් ජලය ගියෙන් පසු. එදා ඉල්ලා අස්වූ පාරිභෝගික අධිකාරියේ විධායක නිලධාරියාගේ අවවාදයට ක්ෂණික පියවර ගත්ත නම්, අද මේ විනාශය වලක් වන්න තිබුනා. මෙයා වගේ ඇමතිලා මහජන මුදලින් නඩත්තු කරන්න එකත් පව් කාර වැඩක්.
අර වහ පොඩිඩක් කෑවාට කමක් නෑ කියපු නෝනා ඉන්න ආයතනයටද ප්‍රමිතිය බලන්න දුන්නේ...?
ලංකා ප්‍රමිති ආයතනය හා එහි ඉන්න අය කාලකණ්ණිම තමයි.. මා ළඟ සාක්ෂි තියෙනවා. ඔය වැඩේ හමුදාවට බාරදෙන්න. ඒ අය හරියට කරයි.
ලංකාවේ ගෑස් වල දුර්ගන්ධය දැන් නැත. ඒ නිසා ගෑස් කාන්දුවීමක් හඳුනා ගැනීමට ගෑස් සිලින්ඩරය ලඟටම යා යුතුයි. තේරුම් ගන්න.. ගෑස්වල දුර්ගන්ධය ඉවත් නොකර තිබුණා නම් මේ අනතුරු අවම වන්නට ඉඩ තිබුණු බව...
අවුරුදු ගාණක් ඉඳලා ගෑස් පිපිරුණාලු ... ඇයි මෙහෙම බොරු කියන්නේ? ළඟදීම ඔබතුමාගේ ගෙදරත් ගෑස් පුපුරයි. එතකොට පරීක්ෂණ කරන කොට ඔයා ඉඳීද දන්නේ නැහැ...