බේකරි නිෂ්පාද කිහිපයක මිල ඉහළට ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව බේකරි හිමියන් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 සිට 50 දක්වා මුදලින් ඉහළ දමා ඇතැයි වාර්තා වේ. 15 June 2021
ඔන්ලයින් ක්‍රමයට මත්පැන් විකිණීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශයට සුපිරි වෙළඳසල් හරහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පාරිභෝගිකයන්ට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන්නැයිවූ යෝජනාවක් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. 15 June 2021
‘මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන්න අපි අනුමැතිය දුන්නේ නැහැ‘ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අලුතින් වාහන ගෙවන්නේ නැතැයි තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි . 15 June 2021
අලි, මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත 55ක් අහිමිවේ වන අලින්ගේ පහරදීම්වලින් පුද්ගලයන් 55 දෙනෙකුගේ ජීවිත පසුගිය මාස හයේදී අහිමි වී ඇතැයි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 15 June 2021
මාර්තුවේ සිට පී.සී.ආර් ලක්ෂ 38 කරලා ශ්‍රී ලංකාව තුළ පසුගිය වසරේ මාර්තු මස සිට මේ දක්වා ‘කොවිඩ්’ 19 වයිරස් ආසාදිතයන් හදුනාගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ ලක්ෂ 38 කට ආසන්න සංඛ්‍යාවක් (3,766,692) කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥා වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා පැවසීය. 15 June 2021
‘‘වැලිගමදී ඇල්ලූ කුඩු කිලෝ 220 හරක් කටාගේ‘‘ වැලිගම දී අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 220කට ආසන්න හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ ජාවාරම මෙහෙය වූ ප්‍රධාන පුද්ගලයා වන්නේ ඩුබායි රාජ්‍යයේ වාසය කරන නදුන් චින්තක නොහොත් ‘‘හරක් කටා’’ නමැත්තා වන බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 15 June 2021
තැබෑරුම් වැසීමෙන් පාඩුව කෝටි 1500ක් සංචරණ සීමා හේතුවෙන් රට පුරා මත්පැන් අලෙවිසල් මාසයකට ආසන්න කාලයක් වසා තැබීම නිසා රජයට රුපියල් කෝටි 1500 ක ට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ගණන් බලා තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි . 15 June 2021
ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකයි කොවිඩ් අවදානම හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් බොහෝදුරට දින දෙකකට සීමා වනු ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ . 15 June 2021
ගිනිගත් නෞකාවේ කළු පෙට්ටියේ දත්ත තවදුරටත් විශ්ලේෂණයට ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සන්නිවේද , පණිවඩ හුවමාරු පටිගත වී ඇති උපකරණය( VDR) ඇති දත්ත තවදුරටත් විශ්ලේෂණය කිරීම සඳහා එම උපකරණය නිෂ්පාදනය කළ මව් සමාගමේ සහය ලබා ගනිමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 15 June 2021
පාන් පිටි 3.50කින් ඉහළට ප්‍රිමා සමාගම පාන් නිෂ්පාදන සදහා භාවිතා කරන ලබන (මිල්ක් බ්‍රැන්ඩ්) පිටි කිලෝ එකක මිල රු 3.50 කින් අද දින සිට වැඩි කර ඇති බව ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දි ඇත. 15 June 2021
පාඩුවෙන් බේරෙන්න ගෑස් මිල රුපියල් 400කින් වැඩි කළ යුතුයි ගෑස් සමාගම් පවත්වාගෙන යාමට නම් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 400 කින් වත් වැඩි කළ යුතු බවට වන යෝජනාවක් ගෑස් මිල සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ දී ඉදිරිපත් වී ඇත . 15 June 2021
තෙල් මිලේ ගැටළුව කැබිනට්ටුවේ දී කතා කරයි ඉන්ධන මිල වැඩි කිරිම හේතුවෙන් වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇති සමාජ කොටස් වෙනුවෙන් සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ඇමතිවරුන් පිරිසක් කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත . 15 June 2021
පොහොර ප්රශ්නය කැබිනට් මණ්ඩලයෙත් සාකච්ඡාවට පොහොර හිඟය හේතුවෙන් ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටින බව ඇමතිවරුන් ගණනාවක් කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . 15 June 2021
හෙද නිලධාරීන්ගේ විශ්‍රාම වයස 63 දක්වා දික් කරයි හෙද නිලධාරීන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත . 15 June 2021
කොරෝනා රාජකාරි කරන සෞඛ්‍ය අංශවල සෙසු අයටත් අමතර දීමනාවක් කොරෝනා මර්දන කටයුතුවල යෙදී සිටින සෞඛ්‍ය අංශ වල සෙසු කාර්ය මණ්ඩල සඳහා ද අමතර දීමනාවක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත . 15 June 2021
’’සැලසුමක් නැති නිසා රටම අසරණ වෙලා’’ ආණ්ඩුවේ සැලසුමක් නැති වැඩපිලිවල හේතුවෙන් අද රටම අසරණ තත්වයට පත්ව ඇතැයි සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. 15 June 2021
වැස්ස තරමක් අඩුවෙයි සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (15) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන කාලගුණ විද්‍යාකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 June 2021
ලාංකිකයන්ට තාවකාලිකව බහරේන් දොර වැසෙයි ශ්‍රී ලාංකිකයින් ඇතුළු රටවල් කිහිපයකින් පැමිණෙන ශ්‍රමිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවීමට එරට රජය තීරණය කර ඇතැයි තානාපති ආරංචි මාර්ග වලින් වාර්තාව්. 15 June 2021
ඇසුරම් යන්ත්‍රයක් පරණ බඩු කඩයට විකුණු ප්‍රා මන්ත්‍රින් දෙදෙනා අධිකණයට ඉදිරිපත් කරන්න කොළොන්නාව වී අළෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තිබූ කිලෝ 2220ක බර යන්ත්‍රයක් යකඩ බඩු කඩයකට විකුණා පොදු දේපල පනත ප්‍රකාරව වරදක් සිදුකළැයි කියන කොළොන්නාව නගර සභාවේ නාගරික මන්තී‍්‍රවරුන් දෙදෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනී ද සිල්වා මහත්මිය වැල්ලම්පිටිය පොලිසියට අද නියෝග කළාය. 15 June 2021
කොරෝනා මරණ වාර්තාව අලුත් වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 57 දෙනකු 13 මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත. 15 June 2021
කැස්බෑවුන් 20ක්,ඩෝල්ෆින් පහක් නැවේ ගින්නෙන් පසු මැරිලා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් පසුව ඩොල්ෆින් සතුන් 05 දෙනෙකුගේ හා මියගිය කැස්බෑවුන් 20ක ගේ සිරුරු මේවනවිට හමු වී ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. 14 June 2021
කොටින්ගේ කෘරත්වය සහ අසත්‍ය චෝදනා ගැන ඇමෙරිකාව දැනුවත් කරයි මෙරට සිවිල් යුද්ධය පැවති සමයේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ජාත්‍යන්තරයට ගෙන ගිය අසත්‍ය චෝදනා සහ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඇමෙරිකා රජය දැනුවත් කිරීමට එරට වොෂිංටන් හී පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර තිබේ. 14 June 2021
කොවිඩ් ආසාදිත තවත් 579ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 579 දෙනකු අද (14) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 14 June 2021
පරිපූරක වෛද්‍ය වෘත්තික සේවාවට නව බඳවා ගැනීම් පරිපූරක වෛද්‍ය වෘත්තික සේවාවේ තනතුරු පහක් සඳහා උපාධිකාරීන් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 14 June 2021
කොවිඩ් මරණ 2200 ඉක්මවයි කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ 67 ක් ජූනි 12 වැනිදා වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත. 14 June 2021
ධීවර යාත්‍රා දෙකක් පෙරළී අයෙක් මරුට:දෙකකට බරපතලයි මොරටුව මෝදර මැදැල් ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රා දෙකක් පෙරළීමෙන් එක් ධීවරයකු මියගොස් තවත් දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයෙන් පානදුර රෝහලට ඇතුළත් කර ඇතැයි මොරටුව පොලිසිය කියයි. 14 June 2021
කොවිඩ් ආසාදිත තවත් 1780ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,780 දෙනකු අද (14) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 14 June 2021
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්ට ඇප කොළඹ වරායට ආසනන්යේදී ගිනිගැනීමට ලක්වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා රුපියල් මිලියන දෙකක් වටිනා බැදුම්කරයක් මත මුදාහැරීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අධිකරණයේ අවසරකින් තොරව විදේශගත වීම වළකාලමින් ඔහුට තහනම් නියෝගයක් නිකුත් කළේය. 14 June 2021
කසල පැක් කළ යන්ත්‍රය පරණ යකඩ බඩු කඩයට විකුණලා කොළොන්නාව වී අළෙවි මණ්ඩලයට අයත් ගොඩනැගිල්ලක තිබූ කිලෝ 2220ක බර යන්ත්‍රයක් යකඩ බඩු කඩයකට විකුණූ බව කියන කොළොන්නාව නගර සභාවේ නාගරික මන්තී‍්‍රවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සදහා පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි වැල්ලම්පිටිය පොලීසිය කියයි. 14 June 2021
කැලණිය සරසවියෙන් තවත් ගෞරව උපාධි පාඨමාලා පහක් කැලණිය විශ්ව විද්‍යාලය මේ වසරේ සිට නව ගෞරව උපාධි පාඨමාලා පහක් අලුතින් හඳන්වා දී තිබේ. 14 June 2021
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026