
(දයාසීලි ලියනගේ)
රාජ්‍ය ආයතන 527න් පහක් සඳහා රජයෙන් දෙන ආධාර අත්හිටුවා එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගන්නැයි රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ මණ්ඩලය රජයට යෝජනා කර ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා මෙලෙස යෝජනා කර ඇත.
රාජ්‍ය ආයතන 527න් 77ක් 2006 සිට 2020 දක්වා ලබා ඇති මුළු පාඩුව රුපියල් ත්‍රිලියන 1.2ක් වශයෙන් සදහන් කරයි.
තවත් ආයතන 55ක් එම කාලය තුළ ඇති ආදායම රුපියල් ත්‍රිලියන 1.27ක් බව ද එම මණ්ඩලය පෙන්වා දී ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබා ඇති මුළු අලාභය රුපියල් කෝටි 33000ක් වන අතර භාණ්ඩාගාරයේ ඇප මත ලබා ඇති ණය ප්‍රමාණය රුපියල් මිලියන 43530ක් බව ද සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඔක්කොම පුද්ගලීකරණය කරලා නියම කොන්දේසි දාලා හොඳට මොනිටර් කරලා සේවකයන්ගෙන් හරි සේවයක් ලබාගන්න. මේ කියන ඔක්කොම ආයතන ඕටී වලින් යැපෙන ආත්මාර්ථකාමී අය ඉන්නේ.. ඇත්තටම ඔක්කොම පුද්ගලීකරණය කරන්න. පුද්ගලික ආයතන හරියට කරන්නේ නැතිනම් අයකර ගන්න ක්‍රමයක් හදන්න.
දැන් ඉතිං සේවකයින් දොට්ට දායි. ඔච්චර තමයි.
මෙම ආයතන සියල්ලම විනාශ කිරීමට ඍජුවම දායක වී ඇත්තේ දියවන්නාව පට්ටියේ "226" බව සඳහන් කරන්නෙමු. "එකඳු මිහරකෙකුට" අනේ අපි නම් ඒ පාපකර්මවලට "ලේ, අසුචි අපේ අත්වල" ගෑවිලාවත් නැහැ කීමට නොහැකිය. මක්නිසාදයත් "226" දෙනා මාරුවෙන් මාරුවට බලයට පත්වූ සෑම අවස්ථාවකම හෙන්චයියන්, බෝලකාරයින් සියල්ලන්ටම පිංපඩි සහිත රැකියා ලබාදුන්නේ මේ කියන ආයතනවල නිසාවෙනි. එබැවින් අප රටේ තිබෙන සියලුම පක්ෂවල , විශේෂයෙන් අපි හරි අවංකයි... කියන දේශපාලුවන් වගකීම බාරගත යුතුයි...
හැම එකේම නම වෙනස් කරලා.., මුලට මහින්ද රාජපක්ෂ කියලා දාමු.. ශ්‍රී ලංකා ගුවන් සේවය කියන එක... මහින්ද රාජපක්ෂ ගුවන් සේවය...!
විදුලිය ජලය හැර අනිත් ඒවා පුද්ගලික අංශයට දෙන්න. විදුලිබල මණ්‌ඩලය සහ ජල සම්පාදන මණ්ඩලයට ගෙවන සුපිරි වැටුප් අඩුකරන්න. මේවා කිසිම හේතුවකට නැතිව වර්ජන තර්ජනය මගින් ලබාගත් දේවල්. අනික රාජ්‍ය බැංකුවල පඩි... ඒවා සියල්ල මහජනතාව සූරාකෑම නේද කරන්නේ. පුද්ගලික ඛැංකුවලත් නැති ඉහළ වැටුප් රාජ්‍ය සේවයට...
විදුලිය ගැන කියනවිට හිටපු ඇමතියෙක් හමුවට ගිය තාක්ෂණික විද්‍යාල පාඨමාලාවක් හැදෑරූ රැකියා අපේක්ෂිත අයෙකුට රැකියාවක් දෙන්න ලක්ෂ හය හමාරක් දෙන්න කියලා හිටපු ඇමතියෙක් ඇමති කාලයේ ඉල්ලුවා කියලා ආරංචියක් ලැබුණා. එහෙම රැකියා දුන්නාම හරියට වැඩක් කරයිද? මෙම සියලු ආයතනවලට වෙලා ඇත්තේ එහෙම දේවල් තමයි. මේවා පුද්ගලික අංශයට දියයුතුයි...
ඇත්තටම අර නෙළුම් කුළුණට මොකද වෙන්නේ..?