IMG-LOGO

රාජ්‍ය ආයතන පහක් ගැන යෝජනාවක්

(දයාසීලි ලියනගේ)

රාජ්‍ය ආයතන 527න් පහක් සඳහා රජයෙන් දෙන ආධාර අත්හිටුවා එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගන්නැයි රාජ්‍ය ව්‍යාවසාය ප්‍රතිව්‍යුහ ගත කිරිමේ මණ්ඩලය රජයට යෝජනා කර ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා මෙලෙස යෝජනා කර ඇත.

රාජ්‍ය ආයතන 527න් 77ක් 2006 සිට 2020 දක්වා ලබා ඇති මුළු පාඩුව රුපියල් ත්‍රිලියන 1.2ක් වශයෙන් සදහන් කරයි.

තවත් ආයතන 55ක් එම කාලය තුළ ඇති ආදායම රුපියල් ත්‍රිලියන 1.27ක් බව ද එම මණ්ඩලය පෙන්වා දී ඇත. ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබා ඇති මුළු අලාභය රුපියල් කෝටි  33000ක් වන අතර භාණ්ඩාගාරයේ ඇප මත ලබා ඇති ණය ප්‍රමාණය රුපියල් මිලියන 43530ක් බව ද සඳහන් කර ඇත.

 



අදහස් (7)

රාජ්‍ය ආයතන පහක් ගැන යෝජනාවක්

Prabath Saturday, 25 December 2021 08:39 PM

මේවා ඔක්කොම පුද්ගලීකරණය කරලා නියම කොන්දේසි දාලා හොඳට මොනිටර් කරලා සේවකයන්ගෙන් හරි සේවයක් ලබාගන්න. මේ කියන ඔක්කොම ආයතන ඕටී වලින් යැපෙන ආත්මාර්ථකාමී අය ඉන්නේ.. ඇත්තටම ඔක්කොම පුද්ගලීකරණය කරන්න. පුද්ගලික ආයතන හරියට කරන්නේ නැතිනම් අයකර ගන්න ක්‍රමයක් හදන්න.

:       0       10

විහඟ නාවින්නේගම​ Saturday, 25 December 2021 09:16 PM

දැන් ඉතිං සේවකයින් දොට්ට දායි. ඔච්චර තමයි.

:       4       2

Raveendra Saturday, 25 December 2021 09:28 PM

මෙම ආයතන සියල්ලම විනාශ කිරීමට ඍජුවම දායක වී ඇත්තේ දියවන්නාව පට්ටියේ "226" බව සඳහන් කරන්නෙමු. "එකඳු මිහරකෙකුට" අනේ අපි නම් ඒ පාපකර්මවලට "ලේ, අසුචි අපේ අත්වල" ගෑවිලාවත් නැහැ කීමට නොහැකිය. මක්නිසාදයත් "226" දෙනා මාරුවෙන් මාරුවට බලයට පත්වූ සෑම අවස්ථාවකම හෙන්චයියන්, බෝලකාරයින් සියල්ලන්ටම පිංපඩි සහිත රැකියා ලබාදුන්නේ මේ කියන ආයතනවල නිසාවෙනි. එබැවින් අප රටේ තිබෙන සියලුම පක්ෂවල , විශේෂයෙන් අපි හරි අවංකයි... කියන දේශපාලුවන් වගකීම බාරගත යුතුයි...

:       0       8

rocky Sunday, 26 December 2021 07:27 AM

හැම එකේම නම වෙනස් කරලා.., මුලට මහින්ද රාජපක්ෂ කියලා දාමු.. ශ්‍රී ලංකා ගුවන් සේවය කියන එක... මහින්ද රාජපක්ෂ ගුවන් සේවය...!

:       2       4

Lalith M Sunday, 26 December 2021 09:50 AM

විදුලිය ජලය හැර අනිත් ඒවා පුද්ගලික අංශයට දෙන්න. විදුලිබල මණ්‌ඩලය සහ ජල සම්පාදන මණ්ඩලයට ගෙවන සුපිරි වැටුප් අඩුකරන්න. මේවා කිසිම හේතුවකට නැතිව වර්ජන තර්ජනය මගින් ලබාගත් දේවල්. අනික රාජ්‍ය බැංකුවල පඩි... ඒවා සියල්ල මහජනතාව සූරාකෑම නේද කරන්නේ. පුද්ගලික ඛැංකුවලත් නැති ඉහළ වැටුප් රාජ්‍ය සේවයට...

:       0       6

මසිරිපාල Sunday, 26 December 2021 06:41 PM

විදුලිය ගැන කියනවිට හිටපු ඇමතියෙක් හමුවට ගිය තාක්ෂණික විද්‍යාල පාඨමාලාවක් හැදෑරූ රැකියා අපේක්ෂිත අයෙකුට රැකියාවක් දෙන්න ලක්ෂ හය හමාරක් දෙන්න කියලා හිටපු ඇමතියෙක් ඇමති කාලයේ ඉල්ලුවා කියලා ආරංචියක් ලැබුණා. එහෙම රැකියා දුන්නාම හරියට වැඩක් කරයිද? මෙම සියලු ආයතනවලට වෙලා ඇත්තේ එහෙම දේවල් තමයි. මේවා පුද්ගලික අංශයට දියයුතුයි...

:       0       2

Rohitha Monday, 27 December 2021 06:43 PM

ඇත්තටම අර නෙළුම් කුළුණට මොකද වෙන්නේ..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site