
( එම්.සුසිල් ප්‍රියන්ත)
හිටපු කැබිනට් අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
කරන්දෙණියෙන් බිහිවූ පළමු එකම කැබිනට් අමාත්‍යවරයා වන්නේද ගුණරත්න වීරකෝන් මහතාය. දෙදරු පියෙකු වන ගුණරත්න වීරකෝන් මහතා යන විට ඒ මහතා හැතෑහතර වියේ පසු විය.
ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලන අත්පොත් තැබූ ගුණරත්න වීරකෝන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට තේරී පත්ව දකුණු පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙසද වසර ගනනාවක්ම සේවය කල අයෙකි.
සතියක කාලයක් රෝගාතුරව සිටි ගුණරත්න වීරකෝන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (24) රාත්‍රියේදී මිය ගියේය.
ගුණරත්න මහතාගේ දේහය මහජන ගෞරවය සදහා කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට(26) පස්වරුවේදී බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු මියගියේ තලංගම රෝහලේ මිස පුද්ගලික රෝහලක් තුළ නොවේ. ඔහුගේ මරණය 56 පරපුරේ අවසාන කාර්තුවේ ලාංකීය දේශපාලකයාගේ ඛේදවාචකය පෙන්නුම් කරන්නකි. මහපොළවෙන් ඉපිද බොහෝ ඉහළට යනවිට මිනිස් විෂකට වියහැකි සියළු අගතීන් ඔහුට මුහුණ පාන්නට විය.. අවසාන කාලය තුළ ඔහු කිව්වේ පරමාර්ථය කෙතරම් උතුම් වුවද ව්‍යුහය විසින් සියල්ල විනාශ කරන බවයි.
මෙහෙම හරි එකඑකා වලකජ්ජ ගහන එක ලොකු දෙයක්...